Wednesday, September 20, 2017

102. සකුන්තලා

         ඇය කව්දැයි හිතවත් පාඨකයන් නොසොයන්නේ නම් මම සතුටු වෙමි.
සකුන්තලා නැමැති අනවර්ථ නාමයෙන් මෙතැන් සිට ලියැවෙන්නේ ඇයගේ කතාවය...
         අවුරුදු13 වෙද්දි පාට පාට පන් එක්ක පැඳුරු රටා මවන සකුන්තලා ජීවිතේ ගැන අබ මල් රේණුවක්වත් දැනන් හිටියා කියලා මම හිතන්නේ නෑ. ජිවිතේ මේ ඉර ..මේ හද .. මේ අහස කියලා තේරෙනකොට මහා ලොකුවට දුප්පත් කම කියනනේ වේලක් ඇර වේලක් කෑම එහෙම නැත්තම් අම්මගේ සාරියකින් ගවුමක් මහගෙන ඇගට දාගෙන හැඩ බැලිම, ඉගෙන ගන්න පොතක් පැන්සල් කොටයක්වත් නැතුව විවේකෙදී ලැබෙන කැඳ එක බොන්න ඉස්කෝලෙට යෑම කියල ඇය හිතුවා
             ඒත් යාන්තමට වැඩිවියට පත් වෙද්දි ඉස්කෝලේ ගමන නතර කරලා මහා ගෑණියෙක් වගේ එක හුස්මට උදේ ඉඳන් රෑ වෙනකම්  එක,එක පාට කුකුල් සායම් මහා කල්දෙරම් වල දිය කරලා පන් මිටි ගණන් පාට කරලා, දවසට පැඳුරක් දෙකක් වියලා කීයක් හරි හොයා ගෙන හැම රුපියලම තමන්ගේ ගෙදර උදවියට වියදම් කරනවා ඇරෙන්න ජීවිතේ ඉදිරියට යමක් ඉතුරු කර ගන්න සකුන්තලා ඉගෙන ගෙන හිටියේ නෑ.අනිත් සහෝදරියන් හය දෙනා හම්බ කර ගත්ත රුපියල් ශත යටි මඩි ගහද්දි සකුන්තලා මහන්සි උනේ ගෙදර තිබ්බ අගහිඟකම් වලට තමන්ගේ පඩියෙන් පැලැස්තර  ගහන්න.තාත්තාගේ බේබදුකම නිසා සකුන්තලාලා වින්දේ සුළුපටු දුකක් නම් නෙවේ..ඒත් සකුන්තලාගේ තාත්තා තරම් සකුන්තලාටත් සහෝදරියන්ටත් ආදරේ කල කෙනෙක් තව හිටියේ නැති තරම්.සකුන්තලාල පොඩි කාලේදි අම්මා,තාත්තා එක්ක හබ කරලා ආච්චිලෑ ගිය ගොඩක් දවස් වලට සකුන්තලාගේ තාත්තා කලේ කොස්  ගෙඩියක් ,අමු ගස්ලබු ගෙඩියක් කඩලා තම්බලා ළමයි වට කරන් කවපු එකයි. ළමයි පණ මෙන් බලා කියාගත්ත එකයි..මම එය, තාත්තාගේ හිතේ උපන් සෙනෙහස යැයි අර්ථ කතන කරන්න කැමති.ඊට දවස් කීපයකින් අම්මා ආවම ආයෙත්ම තාත්තගේ බේබදුකම මුදුන් වෙන්නේ ගහෙන් ගෙඩි එන්නා වගේ..
                     සකුන්තලාට කවදත් ඕන උනේ ලස්සනට ජීවත් වෙන්න. ඒක ඕනම ගැණු හිතක තියෙන හීනයක්. ඒත් මේ පුංචී කෙල්ලට මේ තරම් ලොකු හීනයක් බලන්න තරම් හිතක් පහල උනේ පැඳුරු ෆැක්ටරියේ රස්සාවට ආවට පස්සේ ඉඳ හිට තමන්ට ප්‍රේම සම්බන්ඳයකට ඇරයුම් කෙරු ලයනල් නිසයි.ලයනල් පස්ස පාරේ වැටිලා සතියකට පස්සේ සකුන්තලාගේ යාලුවෙක් අතේ එව්ව ලියුමත් ලක්ස් කැටයත් ලඟ තියන් හීන මවන සකුන්තලාගේ හිත දවසින් දවස ලයනල් ගැන ආල වඩන්න උනා. වෙනකොට  සකුන්තලා 15 ස් වන වියට පා තැබුවා විතරයි ආලය ගැන කුළුදුලේම හද කිති කැවෙන  කාලය පටන් ගත්තේ සකුන්තලාටත් නොදැනිමයි... 
                ලයනල් වෙනකොට කාකී ඇඳුමක් ඇන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු නිලධාරියෙක් විදිහට සේවයේ නියුතුව හිටිය.ලයනල් පවුලේ බාලයා වීමත්,එකම පුතා වීමත් නිසා මේ ආදර පලහිලව්වේ දුෂ්ඨයාගේ හිමි චරිත ටික රඟ දැක්කුවේ ලයනල්ගේ අම්මත් අක්කලා දෙදෙනාත් පමණි.පැදුරැ ෆැක්ටරියට යන කීප දවසක්ම සකුන්තලා හමු වීමට ලයනල්ගේ අක්කලා "වේ"යන්නෙන් සකුන්තලා අමතා "තෝ අපේ මල්ලී රවට්ට ගත්තැයි" කෑ මොර දෙන්න ගත්තත් සකුන්තලා කිසි වචනයක් නොකියා අක්කල මඟ  ඇරලා යන්න පුරැදු උනා.එහෙම වෙචච ගොඩක් දවස් වලට ලයනල් මුණ ගැහි නහයෙන් අඬනවා ඇරෙන්න සකුන්තලාට කරන්න දෙයක් තිබුනේ නෑ.
        අන්තිමෙට තමන්ව 20සි වසරක් බලා කියා ගත් අම්මාටත් අක්කලා දෙදෙනාටත් විරුද්ධ වෙච්ච ලයනල් සකුන්තලාගේ ගෙදර ගිහින් සකුන්තලා විවාහ කර ගන්න කැමැත්ත ලබා ගන්න තීරණේ කලා.සකුන්තලාගේ බීමත් තාත්තගේ කැමැත්ත ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු,සකුන්තලාගේ අම්මගෙත් අක්කලාගෙත් උදව්වෙන් ලයනල් දන්න කියන අයගේ උදව්වෙන් සකුන්තලාගේ වයස අවුරැදු18 වැඩි ලියවිලි සකස් කර කසාදය රෙජිස්ටර් කල ලයනල් සකුන්තලා එක්ක සකුන්තලාගේ මහ ගෙදර පදිංචීයට ආවා
    
                 ඊට දින දෙකකට පස්සේ සේවයට වර්තා කරන්න ලයනල් ගෙදරින් පිට වෙලා ගියා.සකුන්තලා පුරුදු පරිදි පන් පැඳුරු එක්ක ඔට්ටු උනා.. ජීවිතේ වෙනස් උනේ සකුන්තලා ලයනල් අතින් ගෑණියෙක් උන එක විතරක් කියලවත් සකුන්තලාට වැටහුමක් උනේ නෑ.... ඊට පස්සේ ගෙවීගෙන ගිය දින සති මාස වල ලයනල් සකුන්තලා බලන්න ආවේ සති අන්තයේ විතරයි සෙනසුරාදා ඉරිදා ලයනල් ගෙදර හිටියත් සකුන්තලා කලේ ඉර මුදුන් වෙනකම් නිදා ගන්න එක ... සකුන්තලාට ඕන උනේ නෑ ලයනල් නිසා වෙනස් වෙන්න කොටින්ම කිව්වොත් වෙද්දිත් සකුන්තලා ආදරේ ගැන හීන මැව්වට හීන ගැන්නට ළමයෙක්ගේ මනසකට හිමිකම් කීවා.(ළමා වයසට ලොකු දේවල් ඔරොත්තු දෙන්නේ කොහොමද? ළමයි මහා ගැණු වගේ හිතන්නේ කොහොමද? මම මගෙ හිතින්ම අහ ගත්තා)
                      ලයනල්ට ගෙදර ඉද්දි ඕන උනේ අභ්‍යාස විද්‍යාලේ වගේ තේ එක වෙලාවට ,බත් එක වෙලාවට අතට ලැබෙන විදිහක් ඒත් සකුන්තලාට උවමනා උනේ දවස් පහක් මැශිම පාගලා,පන් එක්ක ඔට්ටු උන මහන්සිය එක්ක රෑයක්ම ලයනල්ගේ ඕන එපාකම් ඉටු කරපු තෙහෙට්ටුව මට්ටු වෙනකම්ම නිදා ගන්න..සති ගාණක් ඔහොම ගෙවිලා යනකොට ලයනල්ට සකුන්තලාගේ අම්මා අතින් තේ ටික, බත් ටික අතට ලැබෙන්න ගත්තා සකුන්තලා උනත් ගැන උන්නේ සතුටින් සමහර දවස් වලට සකුන්තලාගේ අම්මා ලයනල්ගේ ඇදුම් පවා හෝදලා පොල් කටු ස්තිරික්කෙන් මැදලා දුන්නා.. සකුන්තලාත් ලයනලුත් අතර නෝක්කාඩු පවා වෙනකොට නතර වෙලා තිබ්බා... අතර තුර ලයනල් ටවුමේ පොලීසියට අනුයුක්ත උනා දැන් දවස ගානේ ගෙදර ඉදන් ලයනල් වැඩට ගියා ආවා... සකුන්තලාගේ ජීවිතේට පන් එක්කම දැවටි දැවටි උදේ හවස ගෙවුනා...
                        සකුන්තලාගේ සහෝදරියෝ එක එක්කෙනා බැඳලා වෙන් වෙද්දි ගෙදර ඉතුරු උනේ සකුන්තලා විතරයි... ලයනල්, සකුන්තලාගේ අහිංසක මෝඩ හිත රවට්ටන්න හිතන්නේ ඔය කාලෙදී දවසක් දා ලයනල්ට හදිසියේ බඩේ අමාරුවක් ඇවිත් එළිපහලියට යනවා සකුන්තලා නෙවේ ඇහැරන් උන්නේ ඒත් ආයෙමත් ලයනල් පැඳුරට එද්දි සකුන්තලා මෙච්චර වෙලා ගියේ ඇයි කියලා අහද්දිත් ලයනල් කිව්වේ ඔහේට නින්ද ගිය නිසා වෙලාව යනවා දැනුන් නෑ කියලා විතරයි... ඔය බඩේ රිදිල්ල ලයනල්ට සතියට දෙතුන් වතාවක් එන්න පටන් ගන්නවා... සකුන්තලාට ගැන ටිකක් සැකයක් තිබුනත් ලයනල්ට තමන්ට හොරෙන් කරන්න කිසි වැඩක් නැති බව ඇය තරයේ හිතේ විශ්වාසයක් කර පින්නන් උන්නා..ඇය ලයනල්ගේ ආදරයෙන් අධ වී උන්නා ...ලයනල් ටිකෙන් ටික වෙනස්ම ලෝකෙකට පාවී ගියා සකුන්තලා සියලු වෙනස්කම් දිහා පුදුමයෙන් බලාගෙන ජීවත් වෙන්නන්වාලේ ජීවිතේ ගෙව්වා...ලයනල් එන්න එනනම බේබදු කාකී කාරයෙක් බවට පත් වෙමින් උන්නා
                         කාලය ගෙවී යද්දී සකුන්තලා කුළුදුල් දරැවා කුසේ දරන් ඉන්න බව දැන ගත්තා..ඇය ෆැක්ටරි ගමන නවතා ගෙදරට වෙලාකාලය ගත කලා. කාලයේදී සකුන්තලා මුලින් දුටු සත් ගුණවත් ලයනල් වෙනුවට තමා ඉදිරියේ හිටියේ වන මෘර්ගයෙක් වන් මිනිසෙකි.වචනේ එහා මෙහා වු පමණින් කොසු කැඩඩෙනකම් සකුන්තලාට තඩි බාන වලන් පිගන් ගෙදර බඩු මුට්ටු කුඩු පට්ටම් කරන උන්මත්තක වු මිනිසෙකි.සකුන්තලා දරැවා බිහි කන්නට ඉස්පිරිතාලයට ගිහින් දැමු ලයනල් නැවත බලන්නට පැමිණියේ සතියකට පමණ පසුවය. අවුරැදු දහසයක කෙල්ලෙක් දරැ ගැබක් දරන් විලි රැදාව එන තුරැ ඇගිලි ගනනිමින් සිටියේ ඉස්පිරිතාලේ නර්ස් නෝනලාගෙන් හා ඇටන්ඩන්ලාගෙන් නොමනා කුණු කතා අසා හිතේ දරන් ,ඇයට දැනුනේ දරැ ගැබේ බරට වඩා මහා මේරැ පර්වතයට තමන් යට වී සිටින්නේ දැයි ඉච්ඡාභංගත්වයෙනි
         දියණිය උපන් දිනට පහු වන දා  ඇයව නැවත මහ ගෙදරට වීල් එකකින් අම්මා කැන්දන් ආවාය.මෙලෝ හසරක් නොදත් ඇයට අම්මාගේ සහය අවශ්‍යම වු මොහොතක කොහෙදෝ අන්ත අසරණ ලෝකෙක සිර වී හිතින් දුක් විදින්නට විය. සියල්ලට වඩා ලයනල්ගේ අඩම්තේට්ටම්වලට  බිය වන්නට විය.ඇය ලයනල් ඉදිරියේ වචන හැසුරැවේ සිරෑමාරැවටය.
          දියණිය දිනෙන් දින ලොකු වී  ඇයට මාස තුනක් වු විට අම්මා කිව්වේ "කිරි නවත්තපං නැත්තම් මිනිහා පිට යයි"කියාය ඒත් සකුන්තලා කිසි දෙයක තේරැම ගලප ගන්න බැරැව අම්මාගේ බහට අවනත විය .ඇයට කෙසේ හෝ අවැසි වුයේ ලයනල් තමන්ගේ ආදරේ සීමාවෙන් කඩුළු පැනන් යෑමට නොදී ලග තබා ගැනිමටය
               ලයනල්ගේ දින චර්යාවේ වෙනසක් නැති විය.ලයනල් ලැබෙන සොච්චමත් ගිනි වතුරට වියදම කරනවා මිස ළමයාගේ කිසි අඩු පාඩුවක් බලන්නේ නැති ගානය.ඔය අතර සකුන්තලාගේ අම්මා කිව්වේ රට රස්සාවකට ගියා නම් සල්ලී මදිපාඩු කම් වලට විසඳුමක් ලැබෙයි කියලය.සකුන්තලාද අදහසට අකමැති නොවුනාම නෙවේ පැඳුරු රසසාවට වඩා සිය ගුණයකින් අතට කීයක් හරි ලබන්න සකුන්තලා තුල තිබ්බේ මහා කැමැත්තක්. සකුන්තලාගේ අම්මා දරැවා බලා ගනී කියලා හිතු නිසා සකුන්තලා ලයනල්ගේ නොපසුබට උනන්දුවත්, කැමැත්තත් එක්ක පාස්පෝට් එක හදා ගෙන අදාල ගෘහ සේවිකා රැකියාවට යෑමට අවසර ලියුම එන තුරැ. නොඉවසිල්ලෙන් හිටියා.
            අතර තුර උදා උනේ  මහාම මහා මුසල හැන්දාවක් ලාවට කළුවරේ පොඩි පොද වැස්සක් ගියා අම්මා රැපියල් දහයක් දීලා කිව්වේ ළමයට බිස්කට් ගෙනෙන් කියාය. වන විට සකුන්තලා අතේ සොච්චමක්වත් නැති අන්ත අසරණ ගෑණියක් වී හිටියා.සකුන්තලා බිස්කට් ගන්න අතර මගට ගිහින් නැවත ආවේ කුඩයක් ගන්න අදිටනින්ය.සාලයේ සෙල්ලම් කරමින් හිටි දරැවා ස්තෝප්පුවේ සෙල්ලම් කර කර ඉන්නවා දුටු සකුන්තලා සාලේ දොර අගුළු දා ඇති බැවින්. කුස්සිය දොරෙන් ගෙට ඇතුල් වන විට කාමරයේ බඩු මුට්ටු හෙල්ලෙන හඬට කාමරයට යන විට දැක්කේ දරැවෙක් කවදාවත් නොදැකිය යුතු දසුනක්ය. ලයනල්  තමන්ගේ අම්මා එක්ක නිදි වදිනවාය.සකුන්තලා එකදු කඳුලක් නොහෙලා 
ක්ලාන්ත ස්වරැපයෙන් ඇවිත් ස්තෝප්පුවේ පුටුවක වාඩි උනා  සකුන්තලාට ආවේගෙට ජීවිතේ නැති කර ගන්න හිතුනත්  දුව දැක්කම සකුන්තලා අදහස නැති කර ගත්තා.ලයනල් එලියට විත් සකුන්තලා ලග වැදවැටුනේ තමන් කිසි දෙයකට වග නොකියන බවත් සේරම තම නැන්දම්මාගේ වැරදි බවත්ය වෙනකොට සකුන්තලා අතීතයේ ලයනල්ට බඩේ අමාරැව හැදුනු හැම දවසකටම පහු වෙනිදා තම අම්මාගේ මුණේ බෙල්ලේ තිබ්බ රතු කැළැල් ගැනත්,ලයනල්ට තම පියාට වඩා අම්මා සැලකුම් ලබා දුන්නේ කුමටද යන්නත් තමන් රට රැකියාවට යවන්න  ගිය නාඩගම ගැනත් එකින් එක ගලපමින් සකුන්තලා අම්මා කෙරේ අප්පිරියාවකින්  දියණිය වඩා ගෙන තම පියාට තිබෙන හේනේ පැලට මොහොතෙම යන්න ලයනල්ට ඇරයුම් කලේ සියල්ල දරා මරියානා ආගාධයට වැටි එයින්ම ගොඩ එන්නට සිතාය.ලයනල් ඉබ්බා දියේ දැම්ම් ඇන්නෑවේ කිව්වා වගේ ලක ලැස්ති වී සකුන්තලා සමග හේනේ පැලට පදිංචියට එළියට බැස්සා වෙනකනුත් සකුන්තලාගේ අම්මා පිලි කන්නේ ඉද්ද ගැහැව්වා වගේ හිටියා මිස ගෙට ඇතුල් උනේවත් සකුන්තලා ඇය දිහා බැලුවේ වත් නැත.
                      --------------
              සකුන්තලා ඉගෙන නොගත් මෝඩ ගෑණියක් උනත් තම දරැවට තාත්තෙක්ගේ අවශ්‍යතාවය දිනක ඇති වන  බව තේරැම් ගෙන ලයනල්ට සමාව දී ජීවිතේට ආයෙමත් ලං කර ගත්තත් අද වෙනකම් තමන්ගේ අම්මට සමාවක් දෙන්න සකුන්තලා හිතලා නෑ ඒත් ඉඳ හිට තමන්ගෙන් අම්මට වෙන්න ඕන යුතුකම් ඇය ඉටු කරන්න තරම් යකඩ ගෑණියක්ය.

ඉතින් අතීතයේ සකුන්තලාය. සකුන්තලාලා අද සකුන්තලාලා මෙන් කෝච්චියට බෙල්ල තිබ්බේ නැත.වහ බිව්වේද නැත.ඩිවෝස් ලියුම ඉල්ලුවේද නැත. දරා ගැනිම වෙනස්ය.හිතිම වෙනස්ය. එය සාදාරණිකරනය කිරිමට මම පොහොසත් නැත. සකුන්තලා හරිද වැරදිද මම තීරණේ කරන්නේ නැත.විටක මම සිතමි සකුන්තලා මාර ගැහැණියකි මෝඩ මල හෝන්තුවකි ලයනල්ට පයින් ගසා එලවා නොදැම්මේ මන්දැයි.ඒත් කිසිත් සාම්ප්‍රදායික ගැණියකට මුහුණ දෙන්න ප්‍රායෝගික නැතනමුත් සකුන්තලා ගුණවත් නැණවත් හිතින් පෝසත් අම්මා කෙනෙකි.ගැහැණියකි.දෙමාපියන්ට තමන්ගේ තැන රැක ගන්න නොහැකි තැන තව සකුන්තලා'ලා බිහි වේවි.තව සකුන්තලා'ලා ජීවිතෙන් වන්දි ගෙවාවි හැම සකුන්තලාම ලයනල්ලාට සමාව නොදේවී....ඒත් කාලය ගත වේවි

.ලි. සකුන්තලාගේ තාත්තා වෙනකොට කාමරයක හිර වෙච්ච මානසික ලෙඩෙක්  අම්මගේ නොමනා හැසිරිම් අතටම අහු වෙච්ච හේතුවම ඔහු මේ තත්වෙට පත් කලා.මැතකදී සකුන්තලාගේ තාත්තා මිය ගිහින් අම්මා අපා දුක් විදිනවා ... සකුන්තලා,ලයනල්  අවුරැදු 34 කට පස්සේ දියණිය සමග සතුටින් ජීවත් වෙනවා. ලයනල් සකුන්තලාගේ තියුණු වාග් ප්‍රහාර වලට මුහුණ දෙමින් හිතින් දුක් වෙමින් ජීවත් වෙනවා
      

පතමි තව සකුන්තලා බිහි නොවේවා!