වැඩ කරන දවස් වලට හැමදාම 6 ට විතර ඇහැරිලා අපි දෙන්නම ගොඩක් වෙලාවට උදේ කෑම එකට ගන්නවා,එයා මට කලින් 6.30 වෙද්දි ගෙදරින් යනවා.මන් ඉතින් කාපු බීපුවා අස් කරලා 7.10ට තමා ,බස් එක අරන් වැඩට යන්නේ ,අර අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ මේ බස් එකේ පිටිම පස්සේ අපේ යාලුවෝ කට්ටියක් ඉන්නවා හැමදාම ලෝකේ වෙන දේවල් ඕපදුප කියව, කියවා තමා යන්නේ ....,මන් අනිත් අය කියන කතන්දර අහන් ඉන්නවා ඇරෙන්න මගේ කට ඇරෙන්නේ බොහෝම අඩුවෙන් (බස් එකේ කතාව වෙන දවසක ලියන්නම්)හි...හි....හි...හරි දැන් ලියන්න ආපු කතාව
ඔන්න ඉතින් බස් එකෙන් බැහැලා මම තව කේබල් කෝච්චියක කන්දක් උඩට යන්න ඕනා වැඩ කරන තැනට යන්න....ඒ ගිහිල්ලා පල්ලියක් ලග තමා මන් වැඩ කරන ගෙදර තියෙන්නේ මම 8ට වැඩට ඉන්න ඕන නිසා ටිකක් වේලාසනින් ගිහින් පල්ලියට ගොඩ වෙලා යන එක මට පුරුද්දක් වෙලා තිබුනේ...පල්ලියේ පියතුමා,නිතර පල්ලියට උදව් වෙන ඈයෝ එහෙමත් මාව හොදටම අදුනනවා,ඔය හැමෝටම "සුබ උදෑසනක් " කියන එක මන් හැමදාම පුරුද්දට වගේ කරන දෙයක්.ඔය අතර පල්ලියේ ඉතාලි පියතුමා දවසක් පල්ලියට ආවා කළු ජාතික පියතුමාව හදුන්නලා දුන්නා,කාලයත් එක්කම උන්දත් ඉතින් අර සුබ පතන ගොඩේ කෙනෙක් උනා...
දවසක් මම වැඩ කරන ගෙදර ආච්චි,මමයි වත්තේ මල් වගයක් හිටව හිටව ඉද්දි ආච්චී මට ලන් වෙලා ඇහැව්ව ,
"පල්ලියේ ලැගුම් ගේ ජැනේලෙන් කව්ද කෙනෙක් මේ පැත්ත බලන් ඉන්නවා " කියල
මම වැඩ කරන තැන ඉදන් පල්ලියේ පියතුමන්ලාගේ ලැගුම් ගේ ජැනෙල් හොදින් පේනවා එත් ඉතින් මන් ඒ පැත්ත හැරිලා බැලුවත් කව්දෝ අත වනනවා පෙව්නත් පුද්ගලයා කාචෙට වැටුන් නෑ ,හි....හි..හි.... ඇයි ඉතින් මට දුර පෙනිම අවුල්නේ ඇස් හතරෙන් ලෝකය බලන මම වැඩ කරද්දි නම් ඇස් දෙකින් වැඩ කරන්නේ,මන් හිතුවා දන්න කෙනෙක් වෙන්න ඇති කියලා මාත් අත වනලා අපේ ආච්චිට කිව්වා මන් අදුනන කෙනෙක් වෙන්ට ඇති කියලා.එක එදයින් ඉවර උනා කියමුකෝ....ඊට පස්සේ දවසේ ඉදන් කලු ජාතික පියතුමා හැමදාම උදේට මාත් එක්ක කතා කරනවා.කොහොමද?ලංකාව ගැන,වැඩ ගැන අහද්දි මම කිව්වා ලංකාවේ අයට ජොබ් අඩුයි කියලා ,ඉතින් පියතුමා මගේ මොබයිල් නම්බරෙත් ඉල්ලගෙන පල්ලියට එන අය ගේ ගෙවල් වල ජොබ් තිබුනොත් දෙන්නම් කියලා කිව්වා,මාත් හා කිව්වා කාට හරි ගොඩ එන්න අත දෙන්න පුළුවන්නේ කියලා හිතලා,ඊට පස්සේ අතට අත දීලා සිපාචාර කරල සමුගත්තා,(කට්ටිය දැන් වැරදියට හිතන්න එපා ඉතාලියේ හොදට දන්න කියන ඈයෝ මේ විදිහට කම්මුලට කම්මුල තියලා සිපාචාර කරන එක සාමානය දෙයක් හොදේ...)......මායි,හබියයි රෑට කෑම කාලා දවසේ වෙච්ච දේවල් කතා කර කර පැයක් විතර කෑම මේසේ ඉදගෙන ඉන්න එක පුරුද්දට ගිය දෙයක් ඉතින් එදා හවසත් මන් පියතුමා ගැන කිය කිය ඉද්දි හබියා විහිළු කර කර කියපි
"මේ පියතුමා නම් එන පොට හොද නෑ සුදා,පල්ලියේ කානික්ක පෙට්ටිය තියෙන තැන අහ ගන්න බලන්න" කියලා,
මම ඉතින් හි...හි...හි... ගාල හිනා වෙලා හිටියා,
*****මට නම් මනුස්සයන්ගේ යටි හිත කියවන්න ඕන නෑ .....තමන් හරි නම් අනිත් උන්ට මොන බම්බුවකට බය වෙනවද අනික මන් ඔය ඕනම දෙයක් සීරියස් විදිහට ගන්න කෙනෙක් නෙමේ,හරි ඇඩ් එක ඉවරයි .දැන් කතාවට................--------->
ඔන්න අප්‍රියල් පාස්කු කාලේ මන් වැඩ ඉවර වෙද්දි ,සැහෙන්න හවස් වෙනවා ආච්චිගේ ළමයින් ඔක්කොම මෙහේ පාස්කු සමරන්න එන නිසා වෙනදට වඩා මන් කලින් වැඩට ආවා . වැඩ ඇරිලා පරක්කු වෙලා ගෙදර ගියා.ඉතින් ඒ ටිකේ මට පල්ලියේ කාවත් මුන ගැහුනෙත් නෑ,දවසක් පාන් කියා ගන්නවත් බැරි විදිහට මහන්සියේ බස් එකේ වාඩි වෙලා ගෙදර එද්දි මගේ මොබිල් එකට කෝල් එකක් ආවා, අදුනන් නැති නම්බරයක් මොනාටත් කියලා
" හලෝ"කිව්ව ගමන්
අනිත් පැත්තෙන්
"හෙලෝ හව් ආර් යු?"
කිව්වා.
"අයි ඇම් ෆයින්,තැන්ක් යු,හු ආර් යු?"
උත්තරයක් නෑ.....බලද්දි එහා පැත්තෙන් මැලේරියා උණ ගැනුන වෙව්ලන කට හඩකින් කැඩි කැඩි ඇහෙනවා
"අයි ඇම් කැස්පර්" කියනවා
ඒ එක්කම වට පිට කළුවර වෙලා බස් එකේ ලයිට් හිටන් දාන්න ගත්තා,මට කැස්පර් කිව්ව ගමන් මතක් උනේ කැස්පර් කතාවේ භුතයා ගැන ...වට පිට බැලුනේ කෝල් එකත් කට් උන නිසා,බැලින් නම් බස් එක බිම් ගෙයක් ඇතුලින් යනවා,සිග්නල් නැතුව ගිහින් තමා මොබයිල් එක කට් උනේ.....මොබයිල් එක බෑග් එකේ දා ගෙන ඊලග හෝල්ට් එකෙන් බැහැලා ගෙදර ඇවිත් බැලින් නම් ඒ නම්බර් එකෙන්ම කොල් පහක් හයක් ගත්ත මැසේජ් ඇවිත් මන් ආයේ කතා කරන්න ගියේ නෑ ...අදුනන් නැති නම්බරයක්නේ.....
ඔහොම පාස්කුත් ඉවර වෙලා..... කාලෙකින් පල්ලිය පැත්තේ යන්න බැරි උන නිසා දවසක් පල්ලියට ගොඩ වැදිලා ඔරසම් එහෙම කියලා එලියට එද්දිම කලු ජාතික පියතුමා දුවගෙන ඇවිත් කියපි ,
" හෙයි අයි ඇම් කැස්පර් "කියලා
හත් ඉලව්වේ කව්ද දන්නේ මුන්දගේ නම කැස්පර් කියලා මන් කිව්වා මන් ඔබ තුමාගේ නම දැන හිටියේ නෑ ඒ නිසයි එදා ආයෙත් කතා කරේ නැත්තේ කියලා,
"ඔබ තුමාට ජොබ් එකක් හම්බුනාද මට කතා කරේ කියලා අහද්දි කියපි මේ ටිකේ දැක්කේ නැති නිසයි කතා කලේ කියලා.(පින්වතුනි මෙතනින් එහාට මන් මේ පියතුමාට එක එක නම් වලින් අමතනවා,වැරදි වැටහිමක් නොගන්න)
එදා උදේ කතා කරපු පියතුමා හැංගිමුත්තු හැංගියෝ කතන්දර ටිකක් කිව්වේ,හවස කෑම මේසෙදි හබියට වෙච්ච දේවල් කියද්දි මට විහිළු කර කර හිනා වෙනවා,(එයයි මමයි එහෙම විහිලුවෙන් තමා ගෙදර ඉන්නේ ගනන් ගන්ට කාරි නෑ)අපේ ගෙදර කට්ටියට කියනවා මෙයාගේ අලුත් බොයි ෆෙරෙන්ඩ් පියතුමෙක්නේ ඉතින් ඔක්කොමල්ලගේ ඉරිදට බයිට් එක මම .......කැස්පර් පසු කාලීනව අපි අතර පැස්බරා උනා....ඒ දවස් වල නම් ගෙදර පැස්බරා හින්දා සිනා සාගරයයි....
ඔහොම කාලය ගෙවිගෙන ගියා,පැස්බරා ඉවරයක් නැතුව කෝල් කරන්න ගත්තා මු එන්න එන්නම ඇන පෙට්ටියක් වෙන හැඩයි ...දවසක් මන් හබියා එක්ක මේ ගැන කතා කරා හිනා වෙවි සීරියස්(අපේ ගෙදර සීරියස් දේවල් කතා කරන්නේ හිනා වෙවි ඕං...) කට වහගෙන හිටියොත් මේ දෙවල් අවුල් වෙන්ට කලියෙන් මන් හෙට උදෙන්ම පියහොරා හමුවිමට යන බව හබියාට කිව්වා,හබියානම් කැස්පරාගේ රෙදි ගලවන්නමයි ලෑස්තිය...හි...හි..හි...., මුන්දගේ හැංගි හොරා සෙල්ලම නවත්තන්න ඕන නිසා උදෙන්ම පල්ලියට ගිය මම ඔරසම් එහෙම කියලා එලියේ හිටිය මුට දෙකක් කියනවා කියලා හිතන් ආවට මොකද මට තරහා යන්නේ නෑ බොලව් තරහා එන්නෙත් නෑ.....සුපුරුදු හිනාවෙන්ම සුබ උදෑසනක් කියලා කෙලින්ම කාරණාවට බැස්සා....නෙමේ මේ මලදානේ නවත්වන්න ඕන නිසා ඉබේම කාරණාවට වැටුනා.....
මම "පියතුමා මට බොරු නේද කිව්වේ ජොබ් හොයලා දෙන්නම් ඔයාගේ යාළුවන්ට දෙන්න කියලා" මගේ නම්බරේ ඕන නිසා නේද එහෙම කරේ"
ටිකක් කට කොනෙන් හිනාවක් දැම්ම භුත කැස්+පරයා රිලැක්ස් එකේ කියපි
"අයි ලව් යු"කියලා.......නම්බරේ ඉල්ල ගත්තේ කතා කරන්න ඕන නිසා කියලා,
අම්මපා මගේ ඔලුව පල්ලියේ කණුවක ගහා ගන්න හිතුනා,.....මෙහෙම උන කෙනෙක් දන්නවා ඇති මේ වගේ අවස්ථාවකදි අදාල පුද්ගලයට හොම්බ කට සමතලා වෙන්ට දෙන්න හිතුනට හිතට කොච්චර බය හිතෙනවද කියලා, යක්කුන්ට බය නැති මම මේ භුතයට මොනාට බය වෙනවද...හෙහ්....... කියලා හිතලා
මම බැදලා කියලා දන්නවද? මම ඇහැව්වම,
කැස්+පරයා කියපි ඔව්....කියලා
මන් හිතුවා මන් ගැන දන් නැතුව දෝ මෙහෙම උනේ කියලා,එත් ඉතින් මුට නම් සමාව දෙන්න වටින් නෑ....
මු නම් පියතුමෙක් කියන්න වටින එකෙක් නෙමේ ඒ නිසාම කැස්පර් කියලා උච්ච සුවරයෙන් ආමන්ත්‍රණය දීලා"මම ඔයාට ආදරෙයි කිව්ව(හොව් හොව් මට හිතින් බනින්න එපා ඉතුරු ටිකත් කියවන්න ) හැබැයි ඒ ආදරේ මනුස්ස කමට මිසක් ඔයා එක්ක පවුල් කන්න ඕනා කියන මානසික මට්ටමේ ආදරයක් නෙමේ,ඊට පස්සේ පල්ලිය ලග තියෙන ප්‍රෙට්ටල් ෂෙඩ් එකේ මිනිහවයි,බල්ලවයි පෙන්නලා කිව්ව මන් අන්න උන් දෙන්නටත් ආදරෙයි හැබැයි මනුස්ස කමට කියලා,අනික ඔයා මන් බැදලා කියලා දැන දැන මෙහෙම හිතුන එක ගැන නම් හරිම පිලිකුල්,තල් අත්තට බොරළු දානවා වගේ ඔක්කොම එක දිගට කියලා මන් යනවා කිව්වා,මු නෑ...නෑ.....කියද්දි මන් වැඩ කරන තැනට ඉගිල්ලුනා,ඊට පස්සේ නම් පල්ලියේ පැත්ත පලාතක ගියේ නෑ...
මේ අවුරුද්දේ නම් අම්මපා ඕනාට වැඩියේ මනුස්ස කම නිසා සිරික්කිය පාන්න ගිහින් හොද හොද පාඩම් ටිකක් ඉගෙන ගත්තා ආයේ ඉතින් මෙවන් දේ නොවෙන්ට වග බලා ගන්නට පුලුවන්.....අර කව්දෝ කිව්වලු වැඩි අනුකම්පාව භුමිකම්පාව වෙනවලු ඉක්මනින් කියලා...... ඕවා ඉතින් කට කහනවට කිව්ව උපහැරන නොවේ නේ........එදායි පස්සේ මේ භුතයා මාව දැක්කම භුමිතෙල් ගහපු ගැරඩියා වගේ මාරු වෙනවා.මෙන්න මේ වගේ ගෝතයෝ හින්දා තමා අෆ්ෆා මට ආගමික ස්ථාන එපා වෙලා තියෙන්නේ... හැබැයි ඉතින් මේ නත්තලට අපි රෑ 12ට නත්තල් පුජාවට යන්නෙත් ඔය පල්ලියටම තමා බලමු භුත කැස්පර් ඉදිද කියලා:D
මම නම් කියන්නේ "කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න එපා එතකොට ඒ ප්‍රශ්ණ තවත් අවුල් තත්වෙකට පත් වෙනවා පුලුවන් තරම් ප්‍රශ්ණයකදි සන්සුන්ව අවබෝධයෙන් ප්‍රශ්ණය විසද ගන්න බලන්න, අතක් පයක් ගලෝල විසද ගන්න බැරි ගොඩක් ප්‍රශ්ණ කතා බහා කරලා විසද ගන්න පුලුවන් "
ප:ලි:
නරියා සිංහයට කිව්ව වගන්තිය හරියටම කොමන්ට් කරපු නාඩියා මලේට මගෙන් මල් මිටක්....
උත්තරේ කෑලි ලිව්ව කට්ටියටත්,අනිත් කට්ටියටත් මගෙන් මල් පොහොට්ටුවක්.....
කොමන්ට් හැන්ගුවේ අනිත් අයට අවස්ථාවක් දෙන්ටයි,මාත් එක්ක තරහා වෙන්ට ඔට්ටු නෑ ඕං......
නරියා සිංහයට කිව්ව වගන්තිය තමා,
I O I A E A N I Q A
අයි ඕ අයි යේ ඊ ඒ එන් අයි කිව් ඒ