Friday, July 19, 2013

14.පතමි පැතුමක් එක හිතින් හැමදාම ඔයා සතුටින් ඉන්න..........

                            

                      
කවදාවත් නොහිතපු විදිහට ඔයාව ෆේස්බුක් එකෙන් දකිද්දි හිතට දැනුනේ සතුටකි.මුවගට සිනාහවකි.කඩිමුඩියේ  බුකියෙන් පණිවිඩයක් තිබ්බත් ඔයා එව්වේ යාළුවෙක් කරගැනිමට ඇසිල්ලක් හා උත්තරයකි.ඔයාගේ හිතට තනියම ආදරය කර ඒ ආදරය වලලා දමා අවුරුදු ගානක් ගත වි ගොස්ය.නමුත් ඔයා හැමදාම මගේ හිතේ සක්මන් කලේය.හැමදාම හිතේ කෙලවරක ලැගුම් ගෙන සිටියේය.  මේච්චර ආදරයක් හිතේ ඔයා වෙනුවෙන් තිබුනේ මන්දැයි මම නොදනිමි.ඔයාගේ ඇගිලි තුඩක තියා හුස්මක දුරකින්වත් ඉන්නට වරම් නැති මේ හිත ඒ සිනහවට එ බැල්මට ලෝබ උන කාලයක් තිබුනි.
                                අපේ පළමු හමුවිම සිදු වුයේ මිට අවු.15 ට පෙරය.ඒ මටත් ඔයාටත් අවු.10 දි ය. අපි දහම් පාසලේ හිටියේ එකම පන්තියේය.එදා ඔයා ඇදල හිටියේ කොල පැහැති කොට කලිසමක් හා කොල පාට අත් කොට සුදු පැහැති බැනියමක්.මේ දේවල් තාමත් එකින් එක මතකය. ඔය එදා පිරිමි ළමයින්ගේ පොලිමේ ඉදන් නිතර නිතර  එලියට විත් සිනාසුනේ  මා සමගද මම නොදනිමි.නමුත් මා අදටත් හිතන්නේ ඔයා මා සමග සිනාසුනා කියාය.මෙලෙසින් ටිකෙන් ටික ඔයා කෙරෙහි මගේ හිත  ඇදි ගියේ කැමැත්තටද ආදරේටද කියා එ දවස්වල මා නොදත් කරුනක් විය.
        ඔයා නොදන්නවා උනාට ඉස්සර මම හැමදාම පල්ලි ආවේ. ඔයා පල්ලියේ පුජාවට උදව් වෙනව බලන්නය. අවු. 15 දී විතර අපි ගිය මාටින් සර්ගේ පන්තියේදි මගේ ඇස් හැමදාම ඔයාව හෙව්වා,එත් ඉතින් අපි කවදාවත් කතා කලේ නෑ අඩුම තරමේ මම එ දවස් වල ඔයා එක්ක හිනා උනෙත් නෑ.ඒ දවස් වල මගේ සයිකලේ හන්දියේ ඉදන් ඔයාගේ සයිකලේ පහු කරලා රොකට් එක වගේ ගෙදරට පදින කාලේ මතක් වෙද්දිත් හිනා යනවා.  :) (මගේ සයිකලේ රොකට් එකක් කලේ ඔයා)'දන්නවද මන් ගොඩක් ආදරේ කලා ඔයාට ,මට වැදගත් උනේ නෑ ඔයා මට ආදරේද නැද්ද කියලා දැන ගන්න.නමුත් කවදා හරි ඔයා මට ආදරේ කරයි කියලා බලන් හිටියා.එත් ඒ දවස උදා උනේ නෑ. :(
              කාලයත් එක්ක ඒ ආදරේ හිතේ කොනක වල දමන්න,එක තැනක ඉදන් දුක් වෙනවා වෙනුවට ජීවිතේ ගොඩක් දේවල් එක්ක ඉදිරියට එන්න  මට සිද්ධ වුනා,මොන බැදිම් එක්ක මම හිටියත් මට ඔයාව අමතක නොවුනේ මගේ හිතේ ඔයාට තිබුන අව0ක ආදරේත්,ගරුත්වයත් නිසා වෙන්න ඇති.මේ හැම දේම ලිව්වේ කිසිම යටි හිතේ බලාපොරොත්තුවකින් නම් නොවේය.කවදාම හරි දවසක උදව්වක් ඕන උනොත් මේ ලෝකයේ කොනක හොද හිතින් උදව්වට කෙනෙක්,හොද යාලුවෙක් ඔයාට ඉන්න බව ඔයාට දැන ගැනිමටය.
              මන් දන්නවා ඔයා මේ ලිපිය කියවයි කියලා.ඔයාට මම විහිලුවක් වගේ පෙනුනත් මට විහිලු කලත් මට දැනෙන හැගිම් වල වෙනසක් වෙන්නේ නැ අනික ජීවිතේ පලවෙනියෙන් දැනුන ආදරය අමතක කරන කෙනෙක්ට,ඒ ආදරය ගැන ගරුත්වයක් නැති කෙනෙක්ට ආයේ කවදාවත් කාටවත් අව0කව ආදරේ කරන්න බෑ,
                  නවතිමි.....

        පතමි පැතුමක් එක හිතින් හැමදාම ඔයා සතුටින් ඉන්න..........