Tuesday, November 26, 2013

30.මා දන්නා ඉතිහාසය ---2කොටස (වැව්, වාරිමාර්ග,දායක වු රජවරු )

                 අපගේ ආදි මුතුන් මිත්තන් තුළ තිබු වාරි මාර්ග තාක්ෂණය  ඉතා ඉහල බව පෙන්විමට අද ලංකාව පුරා දක්නට ලැබෙන  වැව් හා ඇළ මාර්ග හොද නිදසුනකි.වාරිමාර්ග තැනවිමෙහිලා ඔහුන්ගේ මුලික අරමුණ වුයේ ගොවිතැන සදහා අවශය ජලය සපයා ගැනිම විය.ඊට අමතරව පසු කාලීනව නොයෙකුත් අවශයතා සදහාද එම ජලය ප්රයෝජනයට ගත්හ. වාරිමාර්ග තැනවිම සදහා ආදී මුතුන් මිත්තන් විසින් භූමියේ උස් පහත් බව බෙහෙවින් ප්රයෝජනයට ගෙන  ඇත.ඒ අනුව,
                   * අභයන්තර තැනිතලා ප්රදේශයක් හරහා වැටි ඇති මිටි කදු වැටියක පටු කපොල්ලක් ඔස්සේ ගංගාවක් ගලා යනවිට කදු වැටියේ නෙරු දෙක එකට යා කොට වේල්ලක් බැද ගංගාවේ ගමන අවහිර කිරීමෙන් වැවක් නිර්මාණය කිරීම(මල්වතු ඔය ඇසුරෙන් අභය වැව හා තිසා වැවද,කලා ඔය ඇසුරෙන් කලා වැවද,හුරුලු ඔය ඇසුරෙන් හුරුලු වැවද තැනවීම)
     
                   * තැනිතලා ඔස්සේ භුමියේ බැස්මට අනුකූලව ඇළ මාර්ග තැනිම.
    
                  *ඇළ මගින් වැව් මට්ටමට පහළ ඇති තැනිතලාවල පිහිටි කුඹුරු වලට  ජලය සැපයිම.

                   *ජල පහරේ වේගය අඩු ස්ථානයක"අමුණක්" ඉදි කොට එහි එක් රැස් වන ජලය ඇළ මාර්ග දිගේ පහත් තැනිතලාවලට සැපයිම.(මහවැලි ගග හරහා මිනිපේදි බැද ඇති අමුණ,මල්වතු ඔය හරහා වු ගල් කඩවල අමුණ හා දැදුරු ඔය හරස් කොට තනා ඇති රිදී බැදි අමුණ.)

                     සැම ගමකම ගම් ප්රධානියා වෙත කුඩා වැව් ඉදිකිරිම භාර වු අතර ඔහුන් 'ගමික' 'පරුමක' යන නම් වලින් හදුන්වන ලදි.කාලයත් සමග ගොවිතැන කටයුතු සදහා ජලය සැපයිම රජු සතු ප්රධාන වගකීම් වලින් එකක් බවට පත්විය.මෙලෙස රජුන්ගේ මූලිකත්වයෙන් විශාල වැව් ප්රමාණයක් ඉදි විය.වැව් ඉතිහාසය පිරික්සු විට  ආරම්භයේදි කුඩා වැව් ද පසුව මධය ප්රමාණයේ හා විශාල වැව්ද ඇළ මාර්ගද තැනු බව දක්නට ලැබේ.වාරි කර්මාන්තය  ගැන මනා දැනුමක් ඇති ශිල්පීන් කණ්ඩායම් පත් කොට ගුරු සිසු පරපුරෙන් පරපුරට ඒ දැනුම ගෙනයාමටද එකල රජුන් සහයෝගය දක්වා පහසුකම් සලස්වාද ඇත.එමෙන්ම වාරි කර්මාන්ත කටයුතු පවත්වා ගෙන යෑම සදහා  රජතුමා හට විශේෂ නිලධාරින් පිරිසක්  සිටි බවට පැරණි ලෙන් ලිපියක සදහන්ව ඇත. ඒ අනුව 'අඩිතර''උතර' යන දෙදෙනා වාරි කර්මාන්තයට  සම්බන්ධ නිලධාරින් බව මහාචාර්ය සෙනරත් පරණවිතාරන මහතාගේ මතය විය.


  රජවරුන් විසින් තැන වු හා ප්රතිසංස්කරණය වැව්,ඇළ මාර්ග දින වකවානු අනුව(මුලාශ්රය-රාජාවලිය- පේරාදෙණිය විශ්ව විදයාලය)

#කුඩා වැව්(ක්රි.පු. යුගයේ සිට ක්රි.ව. 1 වන සියවස තෙක්)
                        *පණ්ඩුකාභය රජු(ක්‍රි.පු. 377-307)--> අභය වැව(බසවක්කුලම),ජය වැව.
                   
                         *දේවානම් පියතිස්ස රජු(ක්රි.පු. 250-210)--> තිසා වැව.
   
                         *සද්ධාතිස්ස රජු(ක්රි.පු. 137-119)--> රාජාවලියට අනුව වැව් 18 ක්. 
              

#මධයම ප්රමාණයේ වැව්[ක්රි.ව. 1 වන සියවසේ සිට ක්රි.ව.3 වන සියවස තෙක්]
                            *ඉළනාග රජු(ක්රි.ව. 33-43)-->තිස්ස වැව-දුරතිසා වැව.
                            
                            *වසභ රජු(ක්රි.ව. 67-111)-->මහාවිලච්චිය,මනාකැටිය,නොච්චිපොතාන හිරිවඩුන්න ඇතුලු වැව් 11ක් හා ඇලහැර ඇතුලු ඇළ මාර්ග 12ක්.
        
     
#මහා වැව්[ක්රි.ව.3 වන සියවසේ සිට]
                             *මහසෙන් රජු(ක්රි.ව.274-301)-->මින්නේරිය,කවුඩුලු,හුරුළු,මාගල්ල මහකණදරා ඇතුලු වැව් 16ක් හා පබ්බතන්ත ඇළ.

                             *පළමු වන උපතිස්ස රජු(ක්රි.ව. 365-404)-->තෝපැ වැව ඇතුලු වැව් 6ක්.
   
                             *ධතුසේන රජු(ක්රි.ව. 455-473)-->කලා-බළලු,මාදතුගම ඇතුලු වැව් 18ක් හා යෝධ ඇළ(ජය ගග)

                              *දෙවන මුගලන් රජු(ක්රි.ව. 531-551)-->නාච්චදුව වැව(පත්පහන්),පදවිය වැව.

                              *පළමු වන අග්බෝ රජු(ක්රි.ව.571-604)--> මාමඩුව වැව,කුරුදු වැව,සිරිවඩ්ඩමානකන් වැව හා මිණිපේ වේල්ල.

                              *දෙවන අග්බෝ රජු(ක්රි.ව. 604-614)-->ගිරිතල වැව හා කන්තලේ  වැව.
             
                              *පළමු  වන විජයබාහු(ක්රි.ව.1055-1110)--> සෝළින්ගේ විනාශ වු වැව් ප්රතිසංස්කරණය කිරිම.

                              * පළමු වන පරාක්රමබාහුරජු (ක්රි.ව.1453-1186)-->පරාක්රම සමුද්රය,දෑදුරු ඔය සංවර්ධනය,පඩුවස් නුවර පඩා වැව,කළුතර දිස්ත්රික්කයේ සස්යොදුන් රට සංවර්ධනය හ අංගමඩිල්ල ඇළ.

                              *නිශ්ශංකමල්ල රජු(ක්රි.ව.1187-1196)-->විනාශ වු වැව් ප්රතිසංස්කරණය කිරිම.
    


වැවක ප්රධාන කොටස්...,,.
          පාසල් කාලයේ ඇදි රූප සටහනක්

වැව් බැම්ම:-
                 උස් බිම් දෙකක් යා කොට ගංගාව හරස් කිරිමෙන් බදින ලද ශක්තිමත් බැම්මක්.

සළපනාව:-
               වැව් බැම්ම සේදි යාම වැලැක්විමටවැව් බැම්බේ ඇතුල් පැත්තේ කළු ගල් පුවරු අතුරා සකස් කළ ශක්තිමත් පාදමකි.[රළපනාව,රළපැන්නුම යන නම් වලින්ද හදුන්වනු ලැබේ.]

පිටවාන:-
             වැවක ජලය වැඩි වන විට එම වැඩි වන ජලය පිටතට ගලා යෑම සදහා වැව් බැම්මේ මට්ටමට තරමක් පහලින් ගල් පුවරු අල්ලා කරනු ලබන ඉදි කිරිමක්.

සොරොව්ව:-
               වැවකින් ජලය පිට කරන විවරය සොරොව්ව ලෙස හැදින්වේ .
                          #ගොඩ සොරොව්ව--> ජලය බෙදා හැරිම සදහා වැව් බැම්මේ ඉහළ මට්ටමින් සකස් කළ විවරය
                          #මඩ සොරොව්ව--> ජල මට්ටම අඩු වි ඇති විට ජලය බෙදා හැරිමටත්,වැවේ මඩ ඉවත් කිරිමටත් වැව් බැම්මේ පහළ මට්ටමේ ඉති කළ විවරයකි

බිසෝ කොටුව:-
                  පැරණි වාරි තාක්ෂණයේ විශ්මිත නිර්මාණයක් සේ සැලකෙන මෙය වැව් ඉවුරත් ජල මට්ටමත් එක් වන තැන ගැඹුරු හතරැස් ළිදක හැඩයට තනා ඇත. මෙමගින් ජල පීඩනය පාලනය කොට ජලය සොරොව්වට ගලා යෑමෙන් වැව් බැම්ම ආරක්ෂා කෙරේ.
                               

                   රජරට ප්රධාන වැව් පහත රූපයෙන් දැක් වේ.

        මා ලග තිබු රූප සටහනක්



ප.ලි.
අප මුතුන් මිත්තන් විසින් වැව් තැන වු ඇතැම් රජවරු  දේවත්වයෙන් පිදු බවට හොදම නිදසුන ලෙස මට මතක් වනුයේ මහාසෙන් රජුට  'මින්නේරි දෙවියෝ' යන විරිද්දවලිය බාවිතා කර තිබිමය.


තොරතුරු ගොනු කිරිම පොත පත ඇසුරෙනි.
(යම් යම් අකුරු වල වැරදි වලට හේතුව මා විසින් බාවිතා කරන මෘදුකාංගයේ දෝෂයක් බව දන්වා සිටිමි.ඒ නිසා සිදුවන කියවිමේ අපහසුතාවය ගැන කණගාටු වෙමි.)


Sunday, November 24, 2013

29. අමොරෙල්ලා වෙත ගැසු බල්ටිය


                   
  අමොරෙල්ලා නැව 
                                                     ලංකාවේ කොච්චියකවත් තවම නොගිය මට නැවකට නැගිමත් හීනයක්ම වෙලා තිබුන කාලෙක ඒ හීනය සැබැ කර ගන්න පුලුවන් උන දිනක් උදා උනා ඒ මා විසින් ගිය ස්විඩන්  සංචාරයේදිය. හා හා පුරා කියා  යන ගමනක් නිසාම අපි නියමිත වේලාවටත් පෙර රැදවුම් කුටියේ ලැගුම් ගත්තෙමු.ඒ අතර තුර නැව ගැන විස්තර මම අක්කණ්ඩියගෙන් අසා දැන ගත්තෙමි.
                        ඒ  විස්තරේ අනුව  විකීන් ලයින් නැව් සමාගම මරිහැම් වරායට අයිතිකම් කීවද MS AMORELLA, ,MS GABRIELLA,,MS MARIELLA යන නැව් වල ෆින්ලන්තයේ කොඩියද  MS ROSELLA , MS VIKING CINDERELLA  යන නැව් වල ස්වීඩනයේ කොඩියද ලෙලදෙනු ඇතැයි  ඇය  පැවසුවද එයට හේතු කාරණා දැන ගැනිමට නොහැකි විය.අපි විසින් තොරාගෙන තිබු සංචාරය අනුව විකින්ග් ලයින් අමොරෙල්ලා නැවේ  ටිකට් පත් අප සතු විය.මෙම අමොරෙල්ලා නැවේ උපත සිදුවි ඇත්තේ 1988 ක්රරෝටියා හි වන අතර විකින්ග් ලයින් සමාගමේ ගාබ්රියෙල්ලා නැවෙහි සමානකම් අමොරෙල්ලා නැවෙහි  ඇති නිසා අමොරෙල්ලා නැව ගාබ්රියෙල්ලා නැවට සහෝදර කම් කියනු ලැබේ.නැව සදහා පාවිච්චි වන විදුලි ධාරිතාව 24000Kwh  වේ.එමෙන්ම අමොරෙල්ලා නැවෙහි මගීන් 2420 හා වාහන 550 ක්  එක ගමනකදි ගෙන යා හැක .                                                                                
                                                                         කාමර                                                                                       
                                  
                                     
                       නැව් නැගිමේ වේලාව පැමිණිමත් සමග අපි නියමිත දොරටුව ඔස්සේ ගොස් නැවට ඇතුල් වී ප්රධාන දොරටුව ලග තිබු කවුන්ටරය සිටි සේවිකාව හට ටිකට් පත් පෙන්වා ඇය විසින් අපිට ලබා දුන් ඉලෙක්ට්රොනික් කාඩ් පත් හතර හා යතුර ගෙන කාමරය සොයා පිය මැන්නෙමු. නැවෙහි ඉහල කාමර පල්ලෙහා කාමර වලට වඩා වැනිමේ ප්රවණතාවය වැඩි විම නිසාත් අපේ බඩ කැලැත්ති වමනය යෑමට ඇති ඉඩ කඩ මග හරවා ගැනිමට අවශය නිසාත් අපි විසින් නැවෙහි පල්ලෙහම ත්ට්ටුවේ කාමයක් වෙන් කරවා ගන්නට විය.කාමරයෙහි ඇදුම් බෑග් තැබු අප නැව පිටත් වනවාත් සමගම අහස වෙත විවෘතව තිබු නැරඹුම් කුටිය වෙත පැමිණියෙමු.නැව ස්ටොක් හොම් නගරයෙන් පිටත් වී ඇතට යන්න යන්න නගරයේ අසිරිය විදිමට අපට හැකිවිය .එදින වැහි බර අහසක් තිබුනද අවට පරිසරය ඉතාමත් සිත් ගන්නා සුළු විය.ඇති තරම් අලංකාර දර්ශන පින්තුර ගත කල අපි දැන් නැවට ගොඩවි පැය දෙකකට ආසන්න විය, වේලාව 19.30 වනවා දුටු අප නැවත කාමරයට පැමිණ ගෙදරින් ගෙන ආ සැන්විචයක රස විද ඩිස්කොව හා කැසිනෝව තිබු ෆන් ක්ලබ් එක වෙත යැමට සුදුසු ඇදුමින් සැරසුන අපි කාමරයෙන් පිටත් වන විට වේලාව 21.30 පමණය.ඒ මා විසින් ඩිස්කෝ එකක් හා කැසිනොවක් දුටු පළමු වතාව විය.බාර් එක වෙත පිය නැගු අපි කොක්ටේල් 4ක් මිලදි ගෙන ඩිස්කෝ එක පේනෙන මානයේ පුටු හතරක එක ලගින් අසුන් ගෙන නැටුම් ගැයුම් හා මිහිරි සංගීතය විදිමින් හීන් සැරේ කොක්ටේල් වීදුරු හිස් කලෙමු. (ඒ මා විසින් කොක්ටේල් එකක් තොල ගෑ පළමු අවස්තාවය.) නැව තුල යුරෝ මුදල් බාවිතා කල අතර කලින්  අක්කණ්ඩි දැනුවත් කල පරිදි  අපි විසින් කැසිනෝවේ සෙල්ලම් කිරිමට මාරු කාසි පොදියක් ගෙන ගියෙමු.විවිධ සෙල්ලම් වල යෙදුනු අපි දිනුම් ලැබු පරාද වු වාර සැහෙන්න විය .නැවත අපි රාත්රි 12 වන විට කාමරය වෙත එන අතර තුර තිබු කැසිනෝ මැෂින් ඔබන්නට විට සමහරක් මැෂින් ක්රියාත්මක විම අපිට අදහා ගන්නට බැරි කරුණක් විය. අපේ  අක්කණ්ඩි පැවසුයේ මත් පැන් බී වෙරි ගුඩ් වු ඇයෝ අමතක වි යන සල්ලි නිසා මැෂිම ක්රියාත්මක වු බවය. 
    
       
අපිට කොක්ටේල් හැදුව අංකල්                          
 අපේ කොක්ටේල්                                                                            
ඩිස්කෝ එක
                      
                              


                               කැසිනෝ එකේ පැත්තක්
                          
                          



                         
                         
                             රාත්රි 1.00 පසු වි නින්දට ගිය අපි නැවත ඇහැරුනේ පහුවදා උදේ 10.00පමණය.කඩිමුඩියේ දතකට මැද ගෙන ලක ලෑස්ති වු අප ඇදුම් බෑගද ලෑස්ති කොට කෙලින්ම ඇදුනේ නැවෙහි තිබු අවන්හල වෙතය.විවිධ කෑම ජාති වලින් පිරි තිබුන අවන්හලේ ආහාර පිලිගන්වා තිබුනේ බුෆ්ෆේ ක්රමයටය.ආහාර ජාති කිහිපයකින් පිගාන පුරව ගත් අපි කවුන්ටරය වෙත ගොස් එහි සිටි  සේවිකාවට කෑම පිගාන දී ඇය විසින් කෑම පිගානේ බර අනුව නිකුත් කල මිල ගණන් වලට මුදල් ගෙවා අපි හැරෙන තැපැලෙන් සුදුසු මේසයක් වෙත ගොස් කෑම වල රස වින්දෙමු.

   බර කිරිමෙන් පසු ලබාගත්  අපේ කෑම පිගන්
                             
                                                       නැරඹුන් මැදිරියේ සිට දුටු දර්ශන 
  ස්ටොක් හොම් නැව් තොටිපොල 
                             
                                    


 ඇතින් පෙනෙන ස්ටොක් හොම් නගරය 
           
                                     
මුහුදේ තැනින් තැන පිහිටි  දුපත් වල සවි කර තිබුනු රුලං පෙති
                              මරිහැම්  නැව් තොටි පොල

                              මරිහැම්  නැව් තොටි පොල

             ඊ ලගට නැරඹුම් කුටියේ ටික වේලාවක් ගත කල අපි නැව තුල තිබු සුපිරි වෙළදසැල වෙත පිය නැගුවෙමු.එහි රාක්ක ඉතාමත් අලංකාර ලෙස විවිධ චොකලට් වර්ග වලින්ද .මත්පැන් ජාති වලින්ද  පිරි  තිබුනි.මගේ නෙත් චොකලට් රාක්ක වෙත නතර නොවි මත්පැන් රාක්ක වෙත නතර වුයේ  එම රාක්ක ඉතා සිත් ගන්න ලෙස  සකස් කර තිබු නිසාවෙනි.(දැන් ඉතින් හිතහල්ලා මන් බේබද්දියක් කියලා එහෙම නෑ බොලව් මන් උයන්න පාවිච්චි කරන වයින් කෑවොත් මිසක් මතෙන් තොරයි.මේ වලට නෙත ඇදෙන්නේ ලස්සනට ගෙදර තියන්න ගෙනියන්න ඕන නිසයි)පහත පින්තූරු වල ඇත්තේ මාගේ මන බැන්ද මත්පැන් රාක්කකිහිපයකී.

                          
                   
                   
                   
                   
*********************************************************************************************************
                
                 (කට්ටියට දැන් වෙරිද ?හි,,,'හි,,,හි,,, වැනෙන් නැතුව ඉතුරු ටිකත් කියවලාම යන්න)

     මිලට ගත්  මත්පැන් බෝතල් කිහිපයකින් යුත් බෑගයද අතැතිව  ක්ලබ් එකේ නැරඹුම් කුටියේ සිට අපි අවට පරිසරය රස වින්දෙමු.ටික වේලාවකින් මරිහැම් වෙත ලගා වු නැවෙන් පිටතට යන රථ වාහන හා මිනිසුන් දෙස අපේ අවදානය යොමු වි තිබුනි.දැන් ගත වෙමින් තිබුනේ අපි විසින් නැවේ ගත කරන අන්තිම පැය බාගය විය.අපි නැවත කාමරය වෙත ගොස් ඇදුම් බෑග් ගෙන නැවෙන් පිට වෙන ප්රධාන දොරටුව වෙතට ලගාවි විනාඩි 20 කින් නැව ස්ටොක් හොම් තොටිපොලේ නැන්ගුරම් ලාන්න විය.නැවත නැව් ගමනකට එන බලාපොරොත්තුවෙන් අපි නැවත ගෙදර ඒම සදහා පිටත් වු වෙමු.*************************

නැව් සංචාරය  කරන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් ලියමි..
  
1.ස්විඩනයට ඇතුල් වන්නට පුලුවන් කාටද?
          යුරෝපා හවුලට අයත් රටවල විසා හිමි ඕනෑම කෙනෙකුට ගුවන් ටිකට් පතක් මිලදි ගෙන  ස්විඩනයට ඇතුල් වන්නට පුලුවන්,යුරෝපා හවුලේ නැති කස්ටිය සංචාරක වීසා අදාල ආයතන වලින් ලබා ගත යුතුවේ

2. මිල ගණන් අඩුම ගුවන් යානය
       දැනට මිල ගණන් අඩුම ගුවන් සේවාව ලබා දෙනු ලබන්නේ රයන් එයා සමාගමය. (යුරෝපා හවුලේ රටවල් අතර ගුවන් සේවය ලබා දෙනු ඇත )
    ගුවන් ටිකට් පත් මිල ගණන් යුරෝ25ත් -100ත් අතර  වේ.(ටිකට් පත් මිලදි ගන්නා මාසයන් අනුව මිල ගනන් වෙනස් විය හැක)
*ඉතාලියෙන් යන අය වෙනුවෙන්
    මිලානෝ අවටින් සංචාරයේ යෙදෙන අයට මිලාන් ලෙනාතේ ගුවන් තොටිපොලෙන්ද,රෝමය අවටින් සංචාරයේ යෙදෙන අයට රෝමා චම්පිනෝ ගුවන් තොටුපලෙන්ද රයන් එයාර් සේවය ලබා ගත හැක.
 ගුවන් ටිකට් පත් වෙන් කර ගැනිමට මෙතැනින් යන්න~~~~~~~>^රයන් එයාර්

3. විශේෂිත බස් සේවා පහසු කම
       *රෝමයේ දුම් රිය ස්ථානයේ සිට  රෝම චම්පීනෝ ගුවන් තොටුපල වෙත  විශේෂ බස් සේවාවක්  ඇත.(ටිකට් පතක මිල යුරෝ 4)
    වැඩි විස්තර හා බස් ටිකට් ලබා ගන්න මෙතනින් යන්න~~~~~~~>.^ටෙරා බස්
  
       *ස්විඩන ස්කවස්ට ගුවන් තොටුපලේ සිට  ස්ටොක් හෝම් නගරය වෙත ඇති බස් සේවාව සදහා තොරතුරු ලබා ගන්න මෙතනින් යන්න.න~~~~~~~>^Flygbussarna බස්


4. නැව් ටිකට් පත් මිලදි ගැනිම 
            ෆින්ලන්ත සංචාරය,විකින්ග් ලයින්  අමොරෙල්ලා සදහා ස්ටොක් හොම් සිට   ෆින්ලන්තය වෙත ගොස් නැවත හරවා  ස්ටොක් හොම් වෙත පැය 24 සංචාරය හෝ ස්ටොක් හොම් හී සිට ෆින්ලන්තය ට ගොස් පැය 10 පමණ ෆින්ලන්ත නගරයේ  සංචාරයක යෙදි නැවත නැව් නැගිමේ සංචාරය ඔබ විසින් තෝරා ගත හැක.පැයැ 24 සංචාරය සදහා  එක්කෙනෙකුට යුරෝ 20 සිට 50 දක්වා අයකිරිම් කරනු ලැබේ.අනිත් සංචාරය සදහා එක්කෙනෙකුට  යුරෝ 50 ත් 100 අතර මුදලක් වැය වේ. 
      ටිකට් පත් ලබා ගන්න මෙතනින් යන්න~~~~~~~>^විකින්ග් ලයින්
       
ඔයාලා දවස් කිහිපයක් ස්විඩනයේ සංචාරයේ යෙදෙනවා නම් විශ්වාසවන්ත හොටෙල් කාමරයක් වෙන් කර ගැනිමට  මෙතනින් යන්න   trivago   හෝ     tripadvisor 

අවශය තොරතුරක් දැන ගන්න මට ඊයක් විදින්න.  shanuwijathunga@yahoo.com

Thursday, November 21, 2013

28.හිට්ලර්ගේ නංගි

                         
                        ශානුගේ විශ්ම ලන්තයේ කතා එකතුවට හදිස්සියේ මතක් උන අපුරු කතාවක් ලියන්නට  වුයේ  එක පාසලේ ඉගෙනුම ලැබු බස්සිගේ මීට් විමෙන් පසුවය.මේ සිද්ධියට මුහුණ දෙන්ට සිදු වුයේ මීට අවු.11කට පෙර  මන් 10 වසරේ දීය(දැන් කස්ටිය 15+11 එකතු කරලා මහන්සි වෙන්න එපා ශානුට දැන් වයස 26 යි)ඔන්න ඉතින් අපි අලුත් පන්තියකට ගිය අලුත ,අලුත් ගුරුවරුත් මුන ගැහිලා ගෙවිලා යන දෙවෙනි  සතියෙදි අපේ ගණන් ගුරුතුමියගේ  අඩම්තේට්ටම් වලට අපි ලක්වන්නට විය.මෙලෙස අපි වන අහිංසක බාලිකාවන්  ගුරුමව්ගේ බඩ මිරිකීමකට,කන මිරිකීමකට,හුණු කොට්ට ප්රහාරයකට,චෝක් ප්රහාරයකට,පොත් ප්රහාරයකට, පුට් රූල් ප්රහාරයකට,හදිස්සියේ නොසිතු පරිදි දණ ගැසිමකට ලක් වුයේ ගෙදර වැඩ නොකිරිම,කලින් දා පාසැල් නොපැමිණිම නිසා අත පසු වු සටහන්  වලට පිටු හිස්ව තිබිම,හොරෙන් කෑම,ගණන් වැරදිම,පළමු කාල පරිච්ජේදයේ ගණන්  විෂයට, ස්කූල් වෑන් රථය පරක්කු විම නිසා පන්තියට පරක්කු වි පැමිණියොත්,හීන ලෝක වල සැරි සැරිම වැනි  අහිංසක  වැරදි වලටය.මේ සියල්ල දරාගෙන අවුරුදු දෙකක් ඇයගේ පාලනයට යටත් වු අපට ඇය පෙනුනේ හිට්ලර්ගේ එක කුස උපන් නැගණිය ලෙසය.මෙලෙස අවුරුදු දෙකක් අප පන්තියේ අවිහිංසක  බාලිකාවන් විදි දුක් ගැහැට ගැන මතක් වෙනකොටත්  හිරි ගඩු පිපෙන්නේ බයට නොව අප ගැනම ඇති ආඩම්බරයටය.
               වඩා දුක්බර  ඛේදවාචකය නම් දින පතා අපි සැමගෙන් එකෙක් හෝ ගණන් කාල පරිජේදයේදි පල් වි ලොල් වි චොර වි යැමය.කොටියා කෑම ඉවසිය හැකිය කොහිල කටු ඇනිම ඉවසිය නොහැකි කියලා කව්දෝ කෙනෙක් කියා තිබුනත් ඔය දෙකම ඉවසිමට තරම් ගටක් ඒ දවස් වල අපිට තිබ්බුනේය.ඒ මන්දයත් අපේ පන්ති එවකට ප්රධාන ශාලාවේ වෙන් නොකෙරු ඈතින් පිහිටා තිබු පන්ති නිසාවෙන් අපිට   සිදු වන්නාවු සියලු  පහර කෑම් 200 දෙනෙකුට ඔන්ලයින්  බලා ගැනිමට  හැකි විම හා උන්ගේ කොචොක් පාරවල්ද  අපට විද දරා ගැනිමටද සිදු විමය.එනමුත් 11 වසරේදිත් කොටියා නම් එක ලෙස කෑවේය.පන්ති වෙන් වෙන්ව කාමර වල තිබු නිසා කොහිල කටු ඇනිම නම් නතර විය.
                     මෙලෙස ගුරු මව් චෙස් කණ්ඩාය බාරව කටයුතු කලේය.ඒ කණ්ඩායමේ  බාලිකාවන්ට  බටර් ආලේපය ගුරු මව් විසින්  නොවඩුව කෙරු බව මා දන්නේ මාද චෙස් සාමාජිකාවක් වු නිසාවෙන්ය.එමෙන්ම  ක්රිඩා උත්සව කාලයට ගුරු මව් තමන්ගේ හවුසයට වැඩි ඇල්මක් පාමින් වැඩ කටයුතු කරන්නට විය .ඒ හවුස් එකේ ක්රිඩා කරන බාලිකාවන් මර බයෙන්  තරග දිනන්නට වුවත් අසාර්ථක බාලිකාවන්  චාටර් ලෙස ගුරු මව්ගෙන් බැනුම් අසන්නේය.2005 උදා වු සුබ නිමිත්තෙන් තිබු වාර්ෂික ක්රිඩා උත්සවේ මේ ගුරු  මව් හවුසය බාර ප්රධානියා විය .මා සිටියේ අවුරුදු ගණනාවක් එක දිගට පැරදුන හවුසියේය. එකල අපේ  නොමසුරු උත්සහයෙන් අපේ හවුසිය පළමු ස්ථානය ලැබුවේ හිට්ලර් ගුරු මව්ගේ වසරක් පාසා දිනන හව්සිය පරදාය.මම ඇතුලු බාලිකාවන් එදා සතුටු සිනා සැලුවේ  ඇයට හොද වැඩේ කියා සිතාය.(මේ එවකට  ළමා සිතක උපන් හැගිම්ය)
              දැන්නම් ගුරුමව් සැහෙන වයසය. ආරංචිය නම් විශ්රාම ලබා ස්වෙච්චාවෙන් ඉගැන්විමේ කටයුතු කරන බවය.මේ ගුරු මව් අපට කොච්චර ගැහැව්වත්  අපි ඒ කාලේ ඒ දේවල් වැරදි ඇසකින් දැක්කේ අපේ ළමා කමටය.දැන් නම් ඇය දුන් දඩුවම් මතක් වෙලා මෙහෙම අකුරු කරනකොටත් හිතේ ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්ය.ඇත්තටම දැන් හිතනකොට අපි කර ඇත්තේ වැරදි වැඩය.ඇගේ දඩුවම ඇයට ඇති බය අපේ ජිවිතේ අපි නොදැනුවත්ම හරි මගකට ගෙනත් අත හැරය.දැන් ආපසු හැරි බලන කල අපි ඒ ගුරු මව්ට වෙර කර නැත කර ඇත්තේ ඇයගේ ගුටි පහරවල් තුලින් ජිවිතයට යමක් ඉගෙන ගෙන ඇති කම පමණය.ඇයගෙන් දඩුවම් ලැබු මට ඒ දඩුවම් මතක් වු කල මුවගේ සිනාවක් හා ඇය කෙරෙහි ගරුත්වයක් මිස අබ මල් රේණුවකවත් කහටක් හිතේ නැත මන්දයත් ඇයගේ දඩුවම් අප හැදිමට මිස  අන් කිසිදු ඇය ලබා ගත් ඵල ප්රයෝජනයකට නොවන නිසා.
    *******ගුරු මව්නි,
          තෙරේසියන් වත්තේ තිබු මාර ,මැයි මල් සුවදට වඩා සුවදය නුබේ ගුණ,
          සිහි කරමි ගරු සිතින් අදටත් ඒ ගුණ සුවද,
         නුබේ දඩුවමින් දිවියට ලැබු පන්නරය  එදා නොදැනුනත්,
         අද විදින්නෙමි එක සිතින් අවබෝධයෙන්.....
          ඉතින් පතනෙමි නිරෝගි නිදුක් සුවය රැදි දිවියක්! ඔබට එක සිතින්....**********

     ප:ලි: මේ ලිපිය ගුරු මව්න්ට අගෞරව කිරිමට නොලිවෙමි.ඇයගේ දඩුවම් දුටු මාගේ ළමා සිතේ එවකට කැකෑරුන කරුනු  උපයෝගිකර තැබු සටහනක් පමණි.
         
      
               

Monday, November 18, 2013

27.මා දන්නා ඉතිහාසය ---1කොටස

                                  
                                          කපු කටිමින් සිටි කුවේණිය
                                          (මා සතුව තිබු රූප සටහනක්

                                 ක්රිස්තු පුර්ව 6වන සියවසේදී ආර්යන් ශ්රි ලංකාවේ ජනාවාස පිහිටුවා ගැනිමට පෙර විවිධ සරල උපකරණ ,විවිධ තාක්ෂණික ක්රමවේදයන්  බාවිතා කරනු ලැබු දියුණු  මානව කොට්ඨාශයක් සිටි බවට හොදම නිදසුන වන්නේ මහානාම හිමියන් විසින් රචිත මහා වංශයේ සදහන්  වන පරිදි විජය කුමරු ඇතුලු ආර්ය පිරිසට මුලින් කපු කටිමින් සිටි  කුවේණි මුන ගැසිමය.මෙලෙසින් විජය කුමරු ඇතුලු ආර්ය පිරිස ලංකාවට පැමිණිමට පෙර වාසය කලා යැයි සැලකෙන ප්රාග් චේතිහාසික  මානවයා ගල් ආයුධ හා සරල මෙවලම් බාවිතා කල බවට සාධක 
                    
                    *පදියගම්පල
                    *බටදොබලෙන
                    *පාහියන්ගල
                    *බෙලිලෙන
                    *ගුරුගල් හින්න 
                                           ආදි ස්ථාන  වල පුරාවිදයාත්මක කැනිම් වලින් හෙලි කර ගත හැකි විය.
                           
                                       
                           ගල් ආයුධ කිහිපයක්(මා සතුව තිබු රූප සටහනක්)


                       එමෙන්ම එකල මානවයා ආහාර සදහා තම අවට පරිසරයෙන් ලබා ගත් අල,පලතුරු හා විවිධ ධානය බාවිතා කරන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර ගිනිගත්හේන අසල බෙලිලෙනෙහි කල කැනිම් වලින් සොයාගත් ද්රවය අනුව කිසියම් ධානය වර්ගයක් ආහාර සදහා  එකල මානවයා  බාවිතා කල බවට කදිම නිදසුනකි.ප්රාග් චේතිහාසික මානවයා ජල අවශයතා ස්වාබාවික  දිය පහරවල්   වලින් හා දිය කඩිති වලින් ලබා ගන්නට ඇත.කල්යත්ම මොහුන් ගොවිතැන් කටයුතු  සදහා හුරු විමත්  සමග සරල මෙවලම් බාවිතය සදහා යොදා ගන්නට ඇතැයි විද්වතුන්ගේ විශ්වාස යවේ.
                ලංකාවට සංක්රමණය වු  ආර්යන් වයඹ හා ගිණිකොන ප්රදේශ වල පිහිටි ගංගා මිටියාවත් වල මුල් ජනාවාස පිහිට්ටුවා ගන්නා ලදි.එලෙස පිහිටුවා ගත් ජනාවාස කිහිපයක් පහත්  සදහන් රූපයේ දක්වා ඇත.
 
                                    
                                     (මා සතුව තිබු රූප සටහනක්)




විජය කුමරු ඇතුලු ආර්ය කණ්ඩායම    
                                                  -     තම්මැන්නාව
                                                  -    අනුරාධගාම
                                                  -    උපතිස්සගාම
                                                  -    විජිතගාම
                                                  -   උරුවෙලගාම
   

ද්දකච්චානා කුමරියගේ සොයුරු කණ්ඩායම
                                                 -   රෝහණ
                                                 -   දිඝවාපිය
                                                 -   ගෝණගාමක


           මෙලෙස ආර්ය ජනාවාස ලක් දිව  පුරා පැතිරි ගිය අතර  යම් යම් පැරණි මුලාශ්ර වල ඇති තොරතුරු අනුව ආර්යන් තුල යකඩ බාවිතය පිලිබද පැවති දැනුම ''අයෝ''   '' අයස්''  යන පද වලින් සනාථ වේ.නගුල නිප්පදවා එය ගොවිතැන් කටයුතු සදහා උපයෝගි කර ගැනිමද යකඩ බාවිතා කොට කැති,උදලු වැනි උපකරණ පාවිච්චිය සදහා යොදා ගැනිමද මිට නිදසුන් වේ.කල්යත්ම  ජනග්රහණය  වැඩි විමත් සමගම  ආහාර නිපයුම වැඩි කිරිමට සිදු වු අතර ගංගා ජලය ඊට ප්රමාණවත් නොවීමත්,වර්ෂාවේ අවිනිශ්චිත බවත් ,වර්ෂා ජලය  අවුරුද්ද පුරා එක් කලකට පමණක් ලැබීම නිසා ඔහුන් තමන්ගේ තාක්ෂණික දැනූම උපයෝගි කර ගනිමින් ,භුමියේ පිහිටිමද ආධාර කර ගනිමින් වැව් හා වාරිමාර්ග  තනා ගනින්මින් තමන්ගේ ගොවිතැන් කටයුතු සදහා අවශය ජලය සපයා ගන්නා ලදි.
                                     
ප.ලි.
      පාසැල් කාලයේදි ඉතිහාස තොරතුරු ගැන දැනුම රැස් කර ගැනිමට ප්රියතාවයක් දැක්වුවද  කාලය සමග ඒ කැමැත්ත යටපත් විය.හෙළ වංශය වැඩසටහන නිසා හටගත් කුතුහලය නිසාම නැවතත් මා ඉගෙන ගත් ඉතිහාස තොරතුරු ලියන්නට සිත් වුයේ ආචාර්ය සුර්යය ගුණසේකර මහතා,නීල් කිරිඇල්ල මහතා හා රාවණා පරික්ෂණ ආයතනයේ සභාපති වන ජනිත අමරසිංහ මහතා විසින් හෙළ වංශය  වැඩ සටහන තුලින් හෙළ ඉතිහාසය  උඩු යටි කුරු වන කරුණු ඉදිරි පත් කල නිසාය.
              යම් වැරදි ඇත හොත්  නිවැරදි කිරිමක්ද මීට අමතර කරුණු දන්නේ නම්  බෙදා ගන්නා ලෙසද  ඉල්ලමි.




Friday, November 15, 2013

26.කෙල්ලෙකුගේ හීනයකට තටු දෙන්න බැරිනම් පිහාටුවක් වත් දෙන්න


                      හීන,
                             හීන කියන්නේ අපිට නොදැනුවත්ම අපේ හිතේ දිනෙන් දින  හට ගන්න යම් දෙයක් ගැන තදින්ම බලාපොරොත්තු ඇති කරන හැගිමක් කියලයි මන් හිතන්නේ සමහර හීන සැබැ කරගන්න පුලුවවන් උනත් සමහර හීන  අපිට සැබැ කරගන්න නොහැකි වෙනවා.කොහොම නමුත් මේ ලොකේ කිසිම හීනක් උත්සහයකින් තොරව සැබැ කර ගන්න නොහැකි බව ඔබත් මමත් හොද හැටි දන්නා කරුණකි.දෙමව්පියන්ට බරක්  නොවි තමන්ගේ හැකියාව තුලින් ජීවිතය ගොඩ නගනට උත්සහ කරන,ඇයගේ හීනයට තටු දෙන්නට බැරිනම් පිහාටුවත් දෙන්න අපිට හැකිය.ඉතින් ඇයගේ පේජ් එකට ලයික් එකකින් සහයක් එහෙමත් නැති නම් යාලුවන් අතර  ඇයගේ  හැකියාව බෙදා ගනිමින්  මුදලින් නොවුවත් ඇයට ක්රියාවෙන් දිරියක් වන්න ඔබට හැකි නම් එය ඇයට මහත් ශක්තියක් වනු ඇතයි මා සිතමි


                                          ඇය විසින් නිර්මාණය කරන ලද යතුරු රදවන







                                                                  ඇය සම්බන්ධ කර ගන්න

                                           


blog.......http://happyrabbitscreations.blogspot.it
                                   
                                                                     ඔබ සැමට ස්තූති!





Sunday, November 10, 2013

25. ගඩොලක කතාව 03 father's dreams ( පියෙකුගේ හීන )

   ගඩොලක කතාව 01  චාමිර්ගේ බ්ලොගයෙන් කියවන්න.........
  ගඩොලක කතාව 02     සයිලන්ට් සහන්ගේ බ්ලොගයෙන් කියවන්න.......
                         

                                   කලිසන් කොටෙයි,සුදු කමිසෙයි සිමෙන්ති බෑග් එකේ දා ගත්ත පොත් දෙක තුනත් අරන් ඉස්කෝලේ ගිහින් අකුරු කරලා විවේක කාලය දුන්නම බඩිගින්නට ඉස්කෝලේ ලිදෙන් වතුර බීලා බඩ පුරෝගෙන.......ගෙදර ඇවිත් කන්න දෙයක් නැතුව කම්මුලට අත තියාගෙන කල්පනා කරන අම්මා හට බරක් වෙන්න බැරිව පොත් ටික තියලා,කමිසේ හොදලා ආයෙත් වතුර ටිකක් බීලා යුනිෆෝම් කලිසම පිටින් අල්ලපු ගෙවල් වල තිබුන ගඩොල් පෝරණු වල මැටි කපන්න,මැටි අනන්න  උදව් දුන්නේ හවසට දෙන සත පනහෙන්  ගෙදරට යද්දි පාන් රාත්තලක් අරන් ගිහින් පවුලේ අයගේ කුසගිනි නිවන්න.මගේ වයසේ උන් සෙල්ලම් කරද්දි අත පය ටිකක් හයිය උන මම ගඩොල් පොරනු වල වැඩ කරේ දුප්පත් කම නිසයි.සමහර දවස් වලට කලිසමේ ගැවිලා තිබුන මැටි දැක්කම යාලුවන්ගේ උසුළු විසුළු වලට කර බාගෙන ඉන්න වුනා කියලා තාත්තා අතීතය ගැන කියද්දි මගේ හිත හීනියට රිදුන අවස්ථා, බොහෝමයක් මේ අවුරුදු ගනනාවටම තිබුනා.
             
                            තාත්තාත් අම්මාත් විවාහ වි අම්මා ලද ඉඩමක අටව ගත්ත මැටි ගහලා හදා ගත්ත පොල් අතු පැලේ සිට  ටයිල් අල්ලපු උළු ගේ දක්වා විහිද තිබුනේ තාත්තාගේ දඩිය හා අම්මාගේ හිතේ හයිය බව මා අදටත් දන්නා කරුනකි.ඉහලට ඉගෙන ගන්න  බැරි වුවත් තාත්තා විසින් අක්කා සහ මා  හොද පාසැලක ඉගෙනිමේ කටයුතු කිරිමට යෙදවිම ගැන මා මතක් කරණුයේ තාත්තා ගැන තිබෙන්නා වු අපමණ සෙනෙහසත් සමගින්න.කිසිම අඩුවක් නැතිව අප දෙදෙනා  විවාහය දක්වා අපරිමිත සෙනෙහසින්  ගෙන ආ තාත්තා ගැන සිහි කරනුයේ ගෞරව පූර්වකය.
      *********************************************************************************************************************************************************************************************
    
    " අරු පොලිසියේ වැඩ කරන ගමන් මැටි පාගනවා "කියා 

                   අහල පහල මිනිස්සු ඔච්චම් කරද්දි තාත්තාගේ හදවතේ නැගි ආ දරු සෙනෙහස ඒ වදන් යටපත් කර ඉපද වු හැම  මැටි ගඩොලක්ම රතු ගඩොලක් බවට පත් වුයේ  බලන්න අප්රසන්න දැලඹුවෙකු සමනළයෙකු වි ඉගිල යන්නා ලෙසය.සමහර දවස් වලට දවස පුරා වෙහෙස වි සකස් කල ගඩොල් රාත්රි කාලයෙදි මොර සුරන වැස්සට හෙදිලා ගියේ තාත්තාගේ හිතේ තිබුන හින ඔක්කොම එක හුස්මට ගිල දමමින්ය. පහුවදාට තාත්තාගේ උදැල්ලෙන් එකතු උන මැටි ආයෙත් ගඩොල් බවට පත් වුයේ තාත්තාගේ උත්සහයෙන්ය. ඒ හැම ගඩොලකම තාත්තාගේ හීන හැන්ගි තිබුන නිසා කියලා මට අද සිතෙන්නේය.දවාලට මැටි අනා පිළිවෙලට අච්චුවෙන් කැපෙන ගඩොලක් ලෙස  හැද පැලද ඉන්නා රලු පොලිස් නිලධාරියෙකු  නිදිවරා ඉපයු මුදල අපට වියදම් කල අයුරු සිහි වන්නේ  ඉහලට අදින හුස්ම උගුරේ මැදකදි හිර කරමින්ය. 
                       
                  මාගේ මතකය දිව යන්නේ අපේ  උළු ගේ කොටසින් කොටස හදන කාලේ නත්තල් බෝනස් එකට තාත්තා ගල් වැලි ගෙනල්ලා ගොඩ ගැසු අයුරුය.නත්තල් පුජාවට යන්න තාත්තයි,අම්මයි පරණ ඇදුම් අදිද්දී.අක්කාටත්, මටත් ලස්සන ගවුම් දෙකක්,සපත්තු මේස් ඉලක්කම් වැටෙන ඔරලෝසු 2ක්,යට ඇදුම් මිලදි අරන් දෙනවා .ඒ වගේම නත්තල් කාලෙට තමයි අපේ ගෙදර සුවද විලවුන් බෝතලයක් ගෙනෙන්නේය.අම්මා අවුරුදු ගානක් කැඩිච්ච ඔරලෝසුවක් බැන්ද එක මගේ හිතේ තදින්න තියෙන මතකයන් අතර එකක්.ඒ විතරක් නෙමේ  මාළු උයන දවස් වලට  මාළු කෑලි  හතරක් උයලා අක්කටයි,මටයි දවල්ටයි රෑටයි දීලා අම්මයි,තාත්තයි හොදි එක්ක බත් කනවා මට හොදින් මතකය .ඒ දවස් වල අපේ ගෙදර ඉමිටේශන් මාල  පොටක් තිබුනා. අක්කා ඉපදුන වෙලේ මහම්මා කෙනෙක් තෑගි දුන්න,  තාත්තගේ පඩිය හම්බෙනකම්  තාත්තා ඔය මාල පොට අනන්තවත් උකස් කරලා ඇති. අපිට කන්න දෙන්න පොත් පත් අරන් දෙන්න.එතකොට මට මතකයි මන් උකස් කඩේ එලියට වෙලා කූඩේ තියන් ඉන්නවා තාත්තා එක්ක පොලේ යන්න .මට ඒ මතකය නම් කවදාවත් නැති වෙන්නේ නෑ.අදටත් ඒ මාල පොට මන් දානවා සිහිවටන මතකයක් විදිහට.............

                              තාත්තා වාසනා වන්තයෙකු යැයි මා දෙවරක් නොසිතා පසක් කරනුයේ  දැනට අවු.27 කට පෙර රජයේ බැංකු ආරක්ෂක තනතුරකට තාත්තා තෙරි පත්විම නිසාමය.ගඩොලෙන් පටන් ගත් තාත්තාගේ හීන වලට තටු දුන්නේ තාත්තාගේ බැංකු රස්සාවය.ඒ හීන හැඩ කෙරුවේ අම්මාගේ නොමසුරු සහයය.ඒ හීන පාට කරන්නට බාර වුයේ මටත් අක්කාටත්ය.ඒ හීන සැබෑ කරගන්නට දහඩිය හෙළා මහන්සි වුයේ අපේ රත්තරං තාත්තාය.
                             
                               ඉගෙනීම අතින් අහස උසට අප කෙරෙහි තාත්තා බලාපොරොත්තු තියා සිටියද අක්කා තාත්තාගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් දැනට ඇය සාත්තු සේවිකාවක් ලෙස පිට රට රෝහලක සේවය කරන අතර දොස්තර නෝනා කෙනෙකු වීමට ඉගෙනුම ලබන්නට බලාපොරොත්තු වි සිටින්නීය. නමුත් මට එසේ  ඉහලකට නැගිමට නොහැකි වි ගියේ මා තුල ඉගෙනිමේ කටයුතු සදහා තිබුන උනන්දුව අඩු කම නිසාමය.ඒ ගැන මන් අදටත් දුක් වන්නේ මට මා ගැන  නැගෙන තරහවත් සමගය.කෙසේ වෙතත් තාත්තාගේ ආදරය අප දෙදෙනාම එක සේ ලැබු දෙයකි.ඒ තාත්තලාගේ ආදරයේ හැටිය.
                         
       

Monday, November 4, 2013

24.අකාලයේ පරව ගිය පුංචි කැකුල(අවසාන කොටස )

                              

               රැය පහන් වන තුරුම සිරිත් ,මහත්තයත් දියණිය සෙවිමට දැරු උත්සහය නිශ්පල විය.මහත්තයත්,මෙහෙකරුවනුත් සිරිව ගෙදෙර ඇරලා පිටත් උනේ නැවත් උදේ පාන්දරින් එන පොරොන්දුව පිටය.සිරිත්,මායියත්  හිස් වෙච්ච හිත් ඇතුලේ පත්තු වෙන ගින්දර  කදුලු ලෙස නිහඩව ඉවත දමමින් හිරු උදාවන තුරු මල මිනි දෙකක් ලෙස  බලා ගත්ත අත බලාගෙන සිටියේ තම තමන්ගේ ලෝක වල තම තමන්ට නිහඩව දොස් පවර ගනිමින්ය.පුංචි පුතුගේ ඇඩිල්ලට පියවි සිහියට ආ මායියා.තම දරුවා නලවන්නට විය .හිරු උදාවත් සමගම ගමේ එකා දෙන්නා මොහුන්ගේ දුකට හවුල් විමට මෙන් ගෙදරට ඇදුනි.ඒ ගමේ මිනිසුන්ගේ මනුස්ස කමේ හැටිය.
           ටික වේලාවකින් මහත්තයාගේ කාරය පසු පසින් ආ පොලිස් රථයෙන් බැස ගත් රාළහාමිලා දෙතුන් දෙනෙක් විය.එක් රාළහාමි කෙනෙක් අතේ සුනඛයෙක් ද විය .පැමිණිල්ල සටහන් කර ගත් රාළහාමි නැවතත් ඊයේ රාත්රියටත් වඩා ඕනෑ කමින් තොරතුරු සටහන් කර ගන්න විය.කඩේ මුදලාලිද මැද්දට පැන මීට මාස ගණනකට පෙර ගගෙන් වෙලට ආ කිඹුලෙකු වෙලේ සැරි සැරු බවත් හරක් කිහිප දෙනෙක් ලේ විලවල් ලග ශරිරයේ කොටස් අහිමිව මිය යා සිටි බවත් රාළහාමිට පවසන ලදි. ටිකක් රහසේ කතා බහ කෙරු රාළහාමිලාගෙන් කෙනෙක් සිරි අමතා ලබා ගත් දියණියගේ ඇදුම් කඩක් සුනඛයා හට ඉව කරන්නට  දී පොලිස් නිලධාරි සුනඛයා පසු පස  යන්නට විය .ඔහුන්ට අඩි කිහිපයක් දුරින් සිරිත් ,මායියත් ගමේ මිනිස්සුත් ගමන් කරන්නට විය.ටික දුරක් ඉව ඇල්ලු සුනඛයා පාර දිගේ ගොස් වෙලට පැන වෙලේ එක පැත්තක තිබු රුස්ස ගසක් යට නතර වී බුරන්නට විය.සියල්ලෝ දැන් එතන වට කර සිටියෝය.නමුත් පියවි ඇසට පෙනෙන්නට කිසිවක් නොතිබුනි.ගස අවටත්,ගසේ කදත් පරික්ෂා කල තවත් පොලිස් නිලධාරියෙක්ට දක්නට ලැබුනේ  මිනිස් අඩි  පාරවල් කිහිපයක් හා ගසට මඩ පිටින්  එතන සිටි කවුරුන් හෝ බඩ ගා ඇති බවත්ය. ඒ අතරින් පතර ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබුනු නිසා වහා ක්රියාත්මක වු පැමිණිල්ල ලියු රාළහාමි මිනිසුන්ට එතැනින් ඈතට යන්න විදානයක් කර එතැන සිටි කොලු ගැටයෙකු යවා ලනු පටවල් කිහිපයක් ගෙන්වා ගස ලගට කාටත් කිට්ටු වෙන්නට නොහැකි වන පරිදි හරස් කර මුරයට නිලධාරියෙක් තබා.මෙතැන කුමක් හෝ බර පතල දෙයක් සිදු වි ඇති බව  සිතා රාළහාමි නැවතත් සිරි හා මායියා ගෙන් ප්රශ්ණ කරන්නට විය.ඔහුන් ගමට පය තැබු දවසේ සිට දැන හදුන ගත් පුද්ගලයන් ඔහුන් ආ ගිය තැන්  සියල්ල ගැන සොයා සපයා ගත් තොරතුරු අතර අප්පු නම් මිනිසා ගමේ නොමැති විම ටිකක් සැක  සහිත නිසා අප්පු ගැන ගඩොල් පෝරණුව අයිතිකරුගෙන් ලබා ගත් තොරතුරුත්  සටහන් කරගෙන පොලිස් ජිප් රිය නික්ම ගියේ නැවත පැමිණිමට අවශය බව පවසාය.එක් නිලධාරියෙකු වෙලේ ආරක්ෂාවට නතර වු අතර ගමේ පිරිමින් දෙතුන් දෙනෙක්ද ඔහු සමග විය.සිරිටත්,මායියාටත්  මේ සියල්ල තෙරුම් ගැනිමට නොහැකි විය.දියණිය නැවත කරදරයකින් තොරව දැකිම  ඔහුන්ගේ එකම බලාපොරොත්තුව විය.
                      සිරිත් ,මායියාත් වෙල අසල නියරේ  වාඩි වි  පාර දෙස නෙත් අයා සිටියේ නැවත කොයි මොහොතේ හෝ පොලිස් ජීප් රථයෙන් තම දියණිය නැවත රැගෙන ඒවි කියාය.මද්ධහන පසුවි යත්ම පොලිස් ජිපය සිතු විරු ලෙස වෙල ලග පාරේ  නතර කලේය සිරිත් ,මායියාත් බලාපොරොත්තු සහිතව දැල් වු දැස් වලින් ජිපයෙන් තම දියණිය බලන්නට  නොඉවසිල්ලෙන් සිටියද රියදුරු අසුනේ සිටි පොලිස් රාළහාමි හා අනිත් නිලධාරින් ජීපයෙන් ඇද එලියට දැම්මේ මාංචු දමා ගුටි බැට වලට මුහුන දි සිටි අප්පු නම් නරුමයාය.සිරිටත්,මායියාටත් සිදු වි ඇති දේ ඉවෙන් මෙන් සිතා ගන්නට හැකි විය.මායියා දිව ගොස්
       
       උඹ මගේ කෙල්ලට මොකද කලේ කියා කෑ මොර දෙද්දි .....
       
           අප්පු බිම බලාගෙන ඔහුට සිදු වි ඇති තුවාල වල වේදනාව විදිමින් සිටියහ.

 සිරි  ලග පාත තිබු පොල්ලක් ගෙන අප්පු වෙතට දිව ගියත් ,ගමේ පිරිමින් තුන් හතර දෙනෙක් ඔහුව මෙල්ල කර ගත්තේය.

 පොලිස් රාළහාමින් විසින් තල්ලු කරමින් මේ නරුමයාව සුනඛයා ඉව ඇල්ලු ගස ලගට  ගෙන ගියේය. රාළහාමි ඇසු  යම් දෙයකට ගසේ තිබු බෙනයක් දෙසට අත දිගු කෙරු අප්පු  වෙනත් නිලධාරියෙක්ගෙන් කම්මුල් පාරක්ද  කන්නට විය, මේ සියල්ල සිරිත්,මායියාත් ගමේ අනිත් මිනිසුනුත් බලා සිටියේ ඈත සිටය.මෙවර පොලිස් ජීප් රථය සමග ආ සුදු වෑන් රථයෙන් පැමිණි නිලධාරියෙකු  ගසට නැග බෙනය ඇතුලේ තිබි බුමිතෙල් බෝතලයත්,දියණිය එදා හවස ඇදගෙන සිටි පුංචි  මල්  ගවුමත්  ගෙන පොලිතින් කවරයක දමා තවත් නිලධාරියෙක් අතේ තිබු පෙට්ටියක දමන ලදි.......නැවත  අප්පු අත දිගු කලේ වේවැල් වලින් වැසි තිබු මඩ ගොහොරක් දෙසටය  මෙවර නිලධාරින් දෙදෙනෙක්  වේවැල්  ඇතුලෙන් මඩ වගුර දෙසට  ගොස්  මඩ වගුර පාදන්නට විය.සියල්ලන්ගේම  ඇස් මවිත කරමින් ,හිත් මහත් සේ කම්පා කරමින් මඩ වලින් නැහැවි තිබු පුංචි දියණියගේ නිරුවත් මෘත දේහය  නිලධාරින්  විසින් එලියට ගෙනැවිත් පොලිතිනයකට ඇසුරුම් කිරිමට පෙර විනාඩි කිහිපයක්  සියල්ලන්ට පෙනෙන පරිදි තබා තවත් නිලධාරියෙක් පොතක සටහනක් ලියමින් සිටියහ.ඒ අතර තුර කම්මුල් වලට අත ගසා ගත් ගැමියන් මෘත දේහයේ එකිනෙකාට කොදුර ගනිමින් විස්තර කර ගත්හ.(ඇරුනු කට පුරා පිරි තිබු මඩ හා අව පැහැ ගැන්වුනු පුංචි ඇස් කිසිමදාක මෙහි සිටි කිසිවෙකුටත් අමතක නොවනවා නොඅනුමානය).ටික වේලාවකින් පොලිතින් අසුරනය වසා සුදු වෑන් රථයට දමාගෙන එහි පැමිණි නිලධරින් පිටත් විය.මායියා විලාපදි කිහිප  විටක් සිහි නැති විය.ඒ වන විටත් සියල්ලන්ගේ නෙතට කදුලු උනා තිබිනි.
              ගමේ මිනිසුන්ගේ කෙල පහරවල්,ගුටි අතරේ පොලිස් නිලධාරින් අප්පු නැමති වන මෘර්ගයා ජීපයට දමා පිටත් වුනි.******************* ***************** ***************** *****************
***************** ***************** ***************** *****************  මේ සියල්ල සිදුවි  අවු.28 ගතවි හමාරය.අදටත් ගමේ මිනිසුන් මේ පාරෙන් යන විට මේ සිද්ධිය මතක් කරන්නේ මහත් කම්පාවෙන්ය.මායියා දියණියගේ මරණයට තමා වග කිව යුතු යැයි දොඩවමින් සිහි විකලෙන් සති කිහිපයකට පසු මිය ගිය අතර  සිරි තවමත්  බීමතින් හා හිගා කමින් ගමේ ජිවත් වන්නේය.පුංචි පුතු ගමේ අයගේ උපකාරයෙන් හැදි වැඩි වෙනත් පලාතක  කුලී වැඩ කර ජිවත්  වන්නේය.ලස්සනට ජීවත් වෙන්නට පෙරුම් පිරු පවුලක් මෙසේ සී සී කඩ වී විනාශ වුයේ  නොසැලකිලිමත් කම නිසා නොවේද?*****************
                ආදරණීය අම්මේ,තාත්තේ  කොච්චර ලෞකික දේවල් පසුපස දිව්වත් වැඩක් නෑ තමන්ගේ දරුවෝ ගැන අවදානයෙන් ඉන්නේ නැත්තම්.මොන තානාන්තර ,මොන ලක්ෂරි පාටි වලට  ගිහින් පම්පොරි ගහමින්  සවුදි පිරුවට වැඩක් නෑ තමන්ගේ දරුවන් එක්ක එකතු වෙලා කතා බහ කරලා ඔවුන්ගේ  ප්රශ්න වලට විසදුම් ලබා දුන්නේ නැත්තම්.ඔබට ඉන්නේ පිරිමි දරුවෙක් හෝ  ගැහැණු දරුවෙක්  හෝ වන්නට පුලුවන කෙසේ  නමුත්  දරුවන්ට නිසි අවදානය ලබා දෙන්න මන්දයත් ඔබට අතපසු වන නිමේශයකින්  ඔවුන් ඔබට  ජිවිත කාලයටම අහිමි වන්නට ඇති ඉඩ කඩ අද සමාජයේ බෙහෙවින් ඇති බැවිනි...


ප.ලි
     මේ දවස් වල නිතර දකින්න ,අහන්න ලැබෙන ළමා අපහරන  නිසා මතකයේ වැලලිලා ගිය මේ කතාව නැවත මතක් කරමින් සටහන් කර තබන්නට සිතුනේ යම් පණිවිඩයක් මේ කතාව තුලින් සමාජයට දිමටය.එමෙන්ම ඇයට නිවන් සුව  පතමි!!!



                              *** නිමි***
                               ශානු




Sunday, November 3, 2013

23.අකාලයේ පරව ගිය පුංචි කැකුල(සතය්ය කතාවක් ඇසුරෙන්)

                               

                              1985 වයඹ පලාතේ ඉතාමත් පිටිසර ගමකට ගඩොල් රස්සාව සදහා සිරි තම බිරිදත් 8 හැවරිදි දියණියත් අලුත උපන් පුතුත් රැගෙන ආවේ.ගඩොල් රස්සාවෙන් උපයා ගන්නා මුදලින් සිය දයාබර පවුල සමග සතුටින් ජීවත් විමටය.කරත්තයක තමන් සතු බඩු බාහිරාදිය පටවාගෙන සන්ධ්යා කාලයක ගඩොල් පෝරනුව පිහිටා තිබුන ස්ථානයේ පෝරනුව අයිතිකරු විසින් තනා තිබුනු පොල් අතු පැලට ගොඩ වැදුනු සිරිත් ඔහුගේ මායියාත් කඩි මුඩියේ ගේ අස්පස් කර තම දරුවනට කන්නට යමක් දී පැදුරු කඩක නිදි කරවා සිරිත් මායියත් නින්දට වැටුනේ හෙටින් උදාවන දවසින් තමන්ගේ අලුත් ජීවිතය පටන් ගැනිමට දහසකුත් එකක් හීනද පොදි බැදගෙන.
                   
                         අලුත උපන් දිනෙන් මායියා විසින් පිලියෙල කරන ලද කිරි බතද රස විද මැටි අනා පළමු ගඩොල සකසන ලදි. මේ රැකියාව නොපසු බටව ඉදිරියට කරගෙන යෑමට සිරිගේ මායියාගෙන් ලැබුනේ නොමසුරු සහයකි.දිනකට ඔහුන් දෙදෙනා එකතුව ගඩොල් 1000 පමණ සකස් කර නිම කරන්නෝය.සිරි මැටි පදමට අනා අච්චුවේ දමා සකස් කරන ගඩොල් පිලිවෙලට අඩුක් කරන්නේ මායියා විසිනි.කට්ට අවු රශ්මියට හසු වන මොහුන් දෙදෙනාගේ විඩාබර ගත හයිය හත්තියෙන් පරිපුර්ණ උයේ මොහුන් යොවුන් වියේ පසු වු හෙයිනි.විටින් විට සෙවන ඇති ගසක් යට පැදුරු කඩමල්ලක ඉදගෙන සිටි තම දියණිය හා පුංචි පුතු වෙත නෙත් යොමු කරන්නට සිරිත් මායියාත් අමතක නොකලේ ඔහුන්ගේ දරුවන් තම ඇස් දෙක මෙන් රැක ගන්නා අදිටන ඔහුන් තුල වු නිසාවෙනි.තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙසේ මහන්සි වන්නට වුයේ තමන්ට වඩා හොද අධ්යාපනයක් ලබා දි ඔහුන්ගේ හෙට දින හොදින් මල් ඵල ගැන්විමේ අදිටනිනි.                        
                    මායියා ඉතාමත් ධර්ය්යවන්ත ගැහැණියක් වුයේ ඇය හිමිදිරි පාන්දර අවදිවි උදේට හා දවල්ට ආහාර පිළියෙල කොට තම සිගිති දරුවන්ගේද වැඩ අහවර කර තම දයාබර ස්වාමි පුරුෂයාගේ රැකියා කටයුතු වලටද නොමද සහයක් ලබා දුන් නිසාය.මෙලෙසින් කාලය දින සති ගතවි යන්නට විය සිරිත්,මායියාත් එකතුව ගඩොල් පොරණුවක් පිලිස්සිමට තරම් ගඩොල් සකස් කර අහවර කෙරුනි.පොරුණුව අයිතිකරු දැනුවත් කල සිරිට පොරණුව සකස් කිරිමට අයිතිකරු විසින් අත් උදව් කරුවෙකු හදුන්වා දුන්නේය.ඔහු නමින් අප්පු රාළය.මොහු සිරිගේ පියාගේ වයස වු හෙයින් සිරි ඔහුට අප්පු මාමා යැයි ආමන්ත්රණය කලේය.මොහුන් දැන හදුනා ගත් දවසට පහු වෙනිදා සිට පොරණුව තැනිමේ වැඩ කටයුතු ආරම්බ කරන ලදි.දවස් තුනක් පමන ඔට්ටු වි ගඩොල් පොරණුව අවශ්ය පරිදි සකස් කර නිම කරන විට අප්පු මාමාත් සිරිත් හොද මිතුරන් බවට පත් වි සිටියේය.හතර වන දවස වන විට මොහුන් දෙදෙනා එකතුව ගඩොල් පිලිස්සිමට අවශය ගින්දර දමා.විටින් විට මාරුවෙන් මාරුවට ගින්දර දැමිම සදහා අප්පු මාමාද සිරිගේ නිවසේම නැවති සිටියේය.ඔහු සිරිගේ ස්තොප්පුවේ පැදුරු කඩක රෑ යාමය ගත කරන ලදි.මායියාද අප්පු මාමාට තම පවුලේම කෙනෙකු ලෙසින් සිතා ආහාර පානද නොමදව ලබා දුනි.විටෙක ටවුමට යන අප්පු මාමා සිරිගේ ගෙදරට අවශය මාළු ,මස් ආදියද,,,පුංචි දරුවන්ට රස කැවිලිද ගෙන එන්නේ තමා ඒ පවුලේ කෙනෙකු මෙන් සිතාය.එමෙන්ම සිරිගේ පුංචි දරුවන් සෙනෙහසින් හුරතල් කරන්නටද අප්පු මාමා අමතක නොකලේය.දරුවන්ද අප්පු සීයා ගැන මහත් සේ ආදර දැක්වුයේ ඔහුගෙන් ලබන්නා වු රස කැවිලි නිසාමය.ඒ පුංචි උන්ගේ හැටිය.

                               දවස් 4කට පසුව මැටි ගඩොල් ඉතාමත් අලංකාර රතු ගඩොල් බවට පත් වි තිබුනි.අයිතිකරුද සිරිගේ ගඩොල් පොරණුව අගේ යැයි වර්ණ කල අතර අප්පුට හා සිරිට පොරොන්දු වු ගණුදෙනු බේරා නික්මුනේ තව දවස් තුනකින් නැවත ගඩොල් ගැණුම් කරුවන් සමග එන බව සිරිට දන්වාය.සිරි මායියා අමතා අප්පු මාමාත් කෑමට නවතින බව කියා.කමිසය ඇග ලා ගෙන ටවුමට යන්නට පිටත් වුයේ හැන්දා කොරේය.අප්පු මාමාවද බයිසිකලයේ දමා ගෙන මගක් ගිය තැන ගිනි වතුර ටිකක් තොල ගැමට අවශය වු අප්පු මාමා බයිසිකලයෙන් බැස ගත්තේය.සිරිටද අප්පු මාමා මදුවිත තොල ගෑමට ආරාධනා කලද සිරි තුල ඒ ගැන තිබුනේ අකමැත්තකි.සිරිට අවශය වුයේ තමන් ලද මුල් පඩියෙන් තම බිරිද මායියාටත් තම ඇස් දෙක වන් දරුවන්ටත් ඇදුමක් පැලදුමක් මිලදි ගැනිමටය ඔහුන් සතුටු කිරිමටය.එබැවින් සිරි ටවුම දෙසට තම පා පැදිය පැද වුයේය.(මේ උතුම් තාත්තලාය ඒ අතින් අද කොච්චර තාත්තලා ඉන්නවද පඩි දවසට කන සාක්කුවේ වැටෙනකම් බීලා ගෙදර යන )
                     
                               විටින් විට කෙදිරි ගාන පුංචි පුතුව සනසමින් තම දියණිය සමගද කතා කරමින් මායියා රාත්රි ආහාර වේල සකස් කරන්නට වුයේ තම සැමියා සමග එක්ව දින ගනනාවක් මහන්සි වි තැනු ගඩොල් පොරනුව සාර්ථකව පිලිස්සී තම හීන ටිකෙන් ටික මල් ඵල ගැන්වි එන්නේ යැයි සිතේ වු මහත් ප්රිතියද සමගිනි.ටිකින් ටික කරුවල වැටුනද මායියා ආහාර පිසීමේ කටයුතු නිම වි නොතිබුනි.මුලුතැන් ගෙට ගලා ආ අදුර නිසා කුප්පි ලාම්පුව දැල්විමේ අදිටනින් මායියා ලාම්පුව ගෙන බුමිතෙල් වක් කරන්නට බුමිතෙල් බෝතලය ගත්තද බුමිතෙල් ඉවර වී තිබුනි.ඉයුම් පිහුම් කටයුතු මග අත හැර කඩේට යැමට නොහැකි නිසා මායියා තම දියණියට මුදල් දී බෝතලයද දී ඉක්මනින් කඩේට ගිහින් එන්නට පැවසුහ.පුංචි දියණියද බෝතල් කටේ බැද තිබුන ලණු කෑල්ල පුංචි ඇගිලි අතර පටලවා ගෙන ගෙදරින් පිටත් වුහ.
                             
                                   කඩේට යන අතර මග පාරේ කිසිදු ගෙයක් පිහිටා නොතිබුනි.ගෙදර සිට පාරට බැස්ස තැන සිට පොඩියට පාර දෙපස තිබුන ලදු කැලැවට පසුව හමුවන්නේ අලුත ඉපදුන වි කරලින් බබලන වෙල් යායකි.මේ පාර දිගට විවිධ කුරුල්ලන්ගේ ශබ්ධ හැරුන කොට මිනිස් කට හඩක් නොවිය.පුංචි දියණිය කිසිදු බියක් නැතිව කඩේට ගොස් බුමිතෙල් ගෙන ගෙදරට එන්නට පිටත් වුනි.ටික වේලාවකින් දියණිය දුටුවේ අප්පු සීයා පාරේ ගසක් යට ඉදගෙන සිටිනවාය .ඇය ඔහු හා කතා කරන්නට වුහ.ටික වේලාවකින් දියණිය ආ ගිය විස්තර අසා දැන ගත් අප්පු සීයා

 "මම යන්නේත් උඹ ලගේ දිහා නොවැ" කියා

                            දැරිය සිය දෝතින් වඩාගෙන වෙරි මර ගාතින් වැනි වැනි වෙලට බැස්සේය.පුංචි දියණිය තමාගේ ගෙදරට යන පාර වෙලෙන් වැටි නැති බව දැනුනද අප්පු සීයා හට තිබු ලෙන්ගතු කම නිසාම ඔහුගේ විහිලු තහලු වලට ඇය සමගින් සිනා සිසි අලුත ඉපදුන වී කරල් අතරින් අප්පු නොපෙනී ගියේය.
             
                            තම දියණිය මෙපමණ පරක්කු වුයේ මන්දැයි හිතේ උපන් බයින් හුනු අත්තක් පත්තු කරගත් මායියා තම පුතුවද ඇකයේ හොවාගෙන පාරට බැස්සේය. ටික දුරක් ගිය තැන ටවුමට ගිය සැමියාගේ බයිසිකලය දුටු මායියා වහා නවතා හැඩු කදුලින් තමන් දියණිය කඩේ පිටත් කල බවත් ඇය නැවත නොපැමිණි බවත් කීවේය.බයිසිකලය හරවා ගත් සිරි මායියාවද කැටුව සිල්ලර කඩයට ගොඩ වැදුනි නමුත් මුදලාලි පැවසුවේ දියණිය බුමිතෙල් රැගෙන ගොස් බොහෝ වේලාවක් ගත වී ගොස් ඇති බවය.නැවතත් බයිසිකලයට නැගි ඔහුන් කෙලින්ම ගියේ ගඩොල් පොරණුව අයිතිකාර මහත්තයා හමුවිමටය.මහත්තයා සිරි ගැන තිබු පැහැදිම නිසාම ඔහුන්ව කැටුව ටවුමේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ලියන ලදි....නමුත් රාළ හාමි පැවසුයේ රාජකාරි ඉටු කිරිමට තමන් හෙට උදැසනම පැමිණෙන බවටය.මායියා හැඩු කදුලින්මය.නැවත නිවසට පැමිණි මහත්තයා තවත් පිරිමි මෙහෙකරුවන් තුන් හතර දෙනෙක්ව රැගෙන මායියත් දරුවත් ගෙදරට ඇරලවා සිරිත් කැටුව හුනු අතු කිහිපයක් බැද කැලය පුරාත් වෙල් යාය පුරාත් සොයන්නට වුයේ ඇය අතර මන් වි ඇත්නම් සොයා ගන්නට පුලුව වේ යැයි සිතාය..............................................................................                                                     මායියා පුතුව නිදි කර නෙත් අයා බලා සිටියේ තම දියණියට කරදරය නැතිව නැවත ගෙදර ඒමට හැකි වේ යැයි බලාපොරොත්තුවෙන්ය .විටෙක කල්පනා සාගරයේ ඇතුලටම කිමිදි තමන් දියණිය කඩේ නොඇරියා නම් කියා සිතුන විට තම දෙ අතින්  පපුවට ගසා ගනිමින් හඩන්නට විය. ******************************************************************************************************************************************************************************************************************************************************************
                    අප්පු දියණිය කැටුව වි කරල් අතරින් නොපෙනි ගියේ කොහෙද?
            සිරිත්,මහත්තයත් පාන්දර වන තුරු පුංචි දියණිය සෙවිල්ලේන් ඇය සොයා ගනිද?.
මායියා නෙත් අයා හැඩු කදුලින් පලාපොරොත්තු දල්වා සිටින්නේය,ඇයගේ බලාපොරොත්තු ඉටුවේද?                                 කුමක් සිදුවි ඇද්ද?
           මීලග කොටසින් බලපොරොත්තු වන්න.

 ප\ලි: 1985 අවුරුද්දේ සිදු වු සත්තය සිදුවීමක් ඇසුරින් මා විසින් ඔබට දැනෙන ලෙස ලියන්නට ගත් අහිංසක උත්සහයකි.යම් වැරදි අක්ෂර ගැලපීමක් වෙතොත් පෙන්වා දී යන ලෙස ඉල්ලා සිටිමි.සැමට ස්තූති!
                                      
                                                                     
මතු සම්බන්ධයි
                                                                      *** ශානු *****