Thursday, January 30, 2014

41.ඔබත්,මාත් දුන් පිහාටු එක් කර රටා මැවු කෙල්ලෙකුගේ අත්තටු

 පළමු කොටස මෙතැනින්     කෙල්ලෙකුගේ හීනයකට තටු දෙන්න බැරිනම් පිහාටුවක් වත් දෙන්න.

******************************************************************************
  එකමත් එක කාලෙක කෙල්ලෙක් හිටියා, විනෝදෙට කොල තීරු කපාගෙන එක එක හැඩයට තියලා ලස්සන රටා මවපු, ඒ කෙල්ලගේ හීනයක් තිබුනා තමන්ගේ විනෝදාංශය  පොඩි ආදයම් මාර්ගයක් බවට පත් කර ගන්න.අන්න ඒ හීනෙට ඉගිලෙන්න එක පාර තටු දෙන්න බැරි උනත් හැමෝම වගේ දුන්නු පිහාටු එකතු කරලා මේ කෙල්ල අද වෙනකොට තමන්ටම කියලා තටු හදාගෙන වැටි වැටි ඉගිලෙන්න පුරුදු වෙනවා......කලින් පාරට වඩා තියුණු වෙච්ච නිර්මාණ හැකියාවත් එක්ක අද වෙනකොට විවිධ මාදිලි වල  සුබ පැතුම් පත්,යතුරු රදවන ඉන් බොක්ස් මැසේජයකින් ගෙදරටම ලැබෙන්න සලස්වන වැඩ පිලිවලකුත් පටන් ගෙන ............

         මමත් එක එක අයිඩියා මේ කෙලීගේ ඔලුවට දාලා මේ වැඩේ මෙච්චර දුරට ඇදගෙන එන්න පුංචී පහේ දෙකයි පනහේ අයිඩියා දුන්න නිසා මේ කෙල්ලගේ නිර්මාණ ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා......
    ලග එන වැලා එක සමරන්න මේ කෙලී කරපු අලුත් නිර්මාණ ටිකක් තියනවා....වැලා දවසට ආදරේ ප්‍රකාශ කරන්න ඉන්න අය,ප්‍රකාශ කරපු අය තමන්ගේ ආදරවන්තයින්ට,ආදරවන්තියන්ට විවාහක අය... වැලා දවසට දෙන්න, පර්ස් එකට තට්ටු නොවි අලුත් අමුතුම විදිහක තෑග්ගක් හොයනවා නම් මේ නිර්මාණ දිහා නෙත යොමලා බලන්න........

   

                                         

Valentine's day Cardz key tagz

♥♥♥

                        









                                           Wall Framez











                                                                      Cardz







     මෙතැනින් බුකියට ගිහින් ලයික් එකක් දාලා එන්න පුළුවන් නම් අගෙයි Happy Rabbits Creations...

ප.ලි..
     සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම් 2 කොටසට කලින් මේ ලිපිය ලියන්න සිද්ධ උනේ යාළුවෙක්ට සතියකට කලින් කිව්ව වචනයක් ඉෂ්ට සිද්ධ කරන්න ඕන නිසා......සදුදා උදෙන්ම මන් මලත් සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම් 2 කොටස කියවන්න පුළුවන් වේවි.....

Tuesday, January 14, 2014

40.සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම්



''අයි ඇම් මුරු,අයි ඇම් ෆ්‍රොම් නයිජිරියා''..........

''හෙලෝ මිස්ටර් සාටෝ,හව් ඩු යු ඩු?''.........

            මේ වචන ටික ඇහෙද්දි 90 දශකයේ මැද බාගේ දි  හතර ශ්‍රේණියේ   හිටපු කෙනෙක්ගේ හිත ඒ සුන්දර ඈත අතීතයට දිව ගොස් ඉංග්‍රිසි අත් පොතේ හුරු පුරුදු සුවදින් හිත පිරි මදිනවා නොඅනුමානය.ඉතින් ඔය සුන්දර කාලේ තුල වෙච්ච සිදුවිමක්  ලියන්න හදිස්සියේ මතක් උනා..

        ඒ දවස් වල කොන්ඩ කරල් ගොතලා,ක්‍රේල් කටු ගහලා හැඩ කරන්න කොන්ඩයක් මට තිබුනේ නෑ..ඒ කාලෙත් කොන්ඩේ කොටට කපලා කොලු පැට්ටෙක් වගේ තමා ඉතින් වාසය :) ගමේ ඉස්කෝලෙන් පස්සේ මම ගියේ අල්ලපු ගමේ ඉස්කෝලෙට ඒකත් ගමේ එක වගේම මිශ්‍ර පාසලක්..... අලුත් ඉස්කෝලේ සල්ලී කාරම ළමයි දෙතුන් දෙනෙක් ඇරෙන්න මම ඇතුලු අනිත් හැමෝම වාගේ දැම්මේ  පටි රබර් සෙරප්පු මට අද වගේ මතකයි සපත්තු දාපු කෙල්ලෝ ,කොල්ලෝ ගිය උජාරුව අද වගේම එදත් කෙල්ලෝ මට නම් හෙනම ඇලජික් උන්ගේ බොරු කැටයම් මට අල්ලන්නේම නෑ නොව...ඉතින් අලුත් පන්තියට ගොහින් ඉද ගන්න හම්බුන කණ්ඩායමේ අරුණයි,චතුරංගයි ටික දවසකින් මගේ හොදම යාළුවෝ  වුනා.
       කෙල්ලෝ අරලිය ගස් වල වැටිලා තියෙන මල් ඉරටු වල ගහද්දි,කීස් මීස්  ඤාව් ඤාව් කරද්දි,කාගේ වත්තේ මල් කඩන්නේ කියද්දි,ගිනි ගිනි බෝලේ කරද්දි මම පිරිමි ළමයි එක්ක ක්‍රිකට් ගැහැව්වා,රබර් සෙරප්පු දෙක අතේ දාගෙන ටකර ගහන්න ,ගස් මාරු වෙන්න (කුට්ටි) කරන්න දිව්වා.ඔහොම සති දෙක තුනක් ගෙවෙද්දි  අපේ පී.ටී.  පිරියඩ් එකට පන්තියේ කට්ටිය දෙකට බෙදිලා ක්‍රිකට් ගැහැව්වා.මමයි,චතුරංගයි,අරුණයි මොන දේටත් එක කණඩායමේ. ඔන්න දැන් අරුණ බෝල් කරනවා අනිත් පිලෙන් සම්පත් කියලා මුරුගේ ටයිප් එකේ කොල්ලෙක් බැටින්  සම්පත් පළවෙනි බෝලෙන්ම අවුට්,ඒකට ඒ දුක දරා ගන්න බැරුව නෝ බෝල් කිය කිය අරුණ එක්ක වලිය.මමයි ,චතුරංගයි පිට්ටනියේ ඈත ඉදලා අරුණ ගාවට දුවලා එද්දි සම්පතා අරුණගේ ඇහැක් නිල් වෙන්න බැට් එකෙන් නෙලලා. 

'' අඩේ බන් රිදුනද ''කියලා අහනවා.
   
  මම    අරුණව අල්ලන් මොකද උනේ කියලා අහද්දි චතුරංගයා සම්පට  බිම දාගෙන  දුවිලි ගොඩේ ගහනවා.වටේ ඉන්න අනිත් කොල්ලෝ,කෙල්ලෝ හුරේ දානවා, අරුණ ඇහැට අත තියාගෙන හොටු පෙරාගෙන අඩනවා:(
    
    ''පෙන්නපන් අරුණ ඇහැ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න'' 
      
                කියලා මම අත අහක් කෙරුවා විතරයි බලන්න දෙයක් නෑ.......... ඇහැ නෑ නෑ වගේ දැක්කේ ඔය අල්ල පනල්ලේ සම්පා චතුරංගයගෙන් ගුටි කනවා,චතුරංගයා සම්පගෙන් ගුටි කනවා. ඔය අතරේ සර් කෙනෙක් දුවන් ඇවිත්  චතුරංගගෙයි සම්පගෙයි කොලර් වලින් උස්සලා කන් දෙකෙන් අල්ලන් මැඩම්ගේ ඔපීසියට දක්කනවා.මමයි ,අන්තරස් දහන් වෙලා එතන්න ඇවිත් හිටිය  පී.ටී. මිසුයි අරුණව අල්ලගෙන ඔප්පීසියටම යනවා.....................
  
                                    -----  මතු සම්බන්දයි -----

                    

Monday, January 13, 2014

39.ගර්භපාතය හා නුඋපන් හදවත(abortion and unborn heart)


අනේ අපමණ ආදරය ගලා ගිය
ලේ නහර,පපු කුහර සිසාරා නැහැවී ගිය
හැගීමෙන් තොරව 
නුඹ කුසෙහි හට ගත්ත
පුංචි මාගේ ජීවිතය,
නසන්නට සැරසෙන්න පවු නැද්ද නුඹලාට...
පසක් කර ගන්න මව්පියන් නුඹලාගේ
ඔහුන් මෙලෙසින් 
එදා හට ගත්ත දරුගැබේ
හද ගැස්ම 
නතර කොට ඉවතලා 
මරා දමනට,
පිය නගන්නට,
හිත හදා ගත්තා නම්,
මෙලොව එළිය දුටු නුඹලා ද නැත අද.......
නුඹ කුසේහි වකුටු ව මා ද නැත අද..........
දුක් විදින්නේ මෙලෙස......
මොහොතකට සිතමි මම
නුඋපන් මාගේ වරද කිම?
නතර කරනට මගේ හදවත ....

Friday, January 10, 2014

38.ආටෝප නැති රස බත් එකක් කමු...

 මම හදපු බත් එක

 
                                
සුදු ළුනු,ඉගුරු තෙම්පරාදුව

වැඩ  ඇරිලා ඇවිත් උයන්න කම්මැලිද?ඊයේ උයපු වැඩිපුර බත් ෆ්‍රිජ් එකෙද?ඉක්මනින් රස බත් එකක් කන්න කැමතිද? එහෙනම් මේන් හදලා බලන්ටකෝ.....

දෙදෙනෙක් සදහා අවශය:
    *බත්(බත් එක බෙරි නොවි තියෙන්න ඕනා{මන් පාවිච්චි කරේ බාස්මති})
    *ඉගුරු 
    *සුදු ළුණු
    *ගම්මිරිස් කුඩු
    *කුකුල් මස් 
    *බෝංචි\ග්‍රීන් පීස්

සාදන ක්‍රමය:
        භාජනයකට තෙල්  තේ හැදි 3ක්  දාලා ලිප තියන්න. තෙල් රත් වෙද්දි තේ හැන්දක් පිරෙන්න සිහින්ව කැබලි කරගත් ඉගුරුද  සිහින්ව කැබලි කර ගත්  සුදු ළුණු බිකි 6 ද තෙම්පරාදුව සදහා යොදා ගන්න  (ලංකාවේ අයට නම් කරපිංචා ඉත්තක් උනත් එකතු කර ගන්න පුලුවන්)  ළමයි කර වෙන්නේ  නැතුව දා ගත්ත තෙම්පරාදුවට තම්බා කැබලි කර ගත් බෝංචි\ග්‍රීන් පීස් එක්ක  බැදපු කුකුල් මස් කැබලි ද එකතු කර ගන්න.විනාඩි 2ක් මද ගින්නේ තෙම්පරාදුව  කලවම් කර එයට ගම්මිරිස් හා ලුනු අවශය ප්‍රමාණයට එකතු කරන්න......ඊට පස්සේ අන්තිමේට තෙම්පරාදුවට බත් එක එකතු කර කලවම් කරන අතර තුර අවශය ප්‍රමාණයට ගම්මිරිස් හා ලුනු එකතු කරගන්න.....විනාඩි 3කින් පස්සේ......... පිලියෙල කර ගත්ත බත් එක ලිපෙන් බා ගෙන  හොදට රස කර කර කන්න......
     හදලා බලන්නකෝ...රසදත් කියන්න....

විශේෂ සටහන:
*තෙල් සදහා පොල් තෙල් වඩා රසක් ගෙන දෙන අතර ආදේශක වශයෙන් බටර්\මාගරින්\එළවලු තෙල් පාවිච්චි කරන්න පුළුවන්.

*ඉගුරු හා සුදු ළුණු කර වීමෙන්  බත කර රහා ඇති වෙන නිසා අවශය ප්‍රමාණයට තෙම්පරාදුව සකස් කර ගන්න.බතට අවශයම අංගය ඉගුරු හා සුදු ළුණු එකතු කිරිම බවත් ඒ නිසා බත රසවත් කරන්නේ  ඉගුරු හා සුදු ළුණු බවත් මතකයේ තියා ගන්න.


*බෝංචි\ග්‍රීන් පීස් වෙනුවට කැමති එළවලුවක්(ලීස්,කැරට්,බෝංචි,සිහින්ව ලියා ගත් ගෝවා,සුක්කිනි [ඉතාලි එළවලු ජාතියක්] සිහින්ව කපාගෙන)පාවිච්චි කරන්න පුළුවන්.

*මස් පාවිච්චියේදි  
          1. කුකුල් මස් තම්බා හෝ බැදගෙන පාවිච්චිය රසවත්.
          2. හරක්\ඌරු මස් සිහින් කැබලි කපා බැද ගන්න.
          3. බිත්තර බැදගෙන කැබලි කර පාවිච්චියට  ගන්ට උනත් පුළුවන් .


Tuesday, January 7, 2014

37.පුංචිගේ හා පුංචා

                   
                                  හා පුංචා
   පුංචිගේ හා පුංචෝ ඔයා අම්මගේ කුසේ වැඩෙන්න පටන් අරන් කියලා ඩොක්ටර් අංකල්  අම්මටයි,තාත්තාටයි කිව්වට පස්සේ ඒ සුභ ආරංචිය තුන් වෙනියට දැන ගත්තේ ඔයාගේ පුංචී .....එදා ඉදන් ඔයා  ඉපදෙනකම්  පුංචි ඔයාව දකින්න හීන මැව්වා, බාරහාර උනා හැමදාම හවසට ඔයාගේ අම්මගෙන් පුංචි ඔයා ගැන විස්තර ඇහැව්වා.ඔයා අම්මගේ කුසේ දගකම් කරලා කරලා ගිය අවුරුද්දේ අද වගේ දවසක අපි අතරට ආවා......එදා මම වැඩ කර කර ඉද්දී ඔයාගේ සීයා මට කෝල් කරලා කිව්වා  ඔයාගේ අම්මට ලස්සන පැංචෙක් හම්බෙලා කියලා ඒ ලස්සන,දග පැංචා ඔයා..ඔයා දවසින් දවස ලොකු වෙනවා පුංචි,සීයා,ආච්චි බලා උන්නේ skype එකේ පිහිටෙන් ,  එහෙම්ම ගෙවිලා ගිය මාස 7  කට පස්සේ  හා පුංචයි,අම්මයි,තාත්තයි ලංකාවට ගියා.ඉතින් හා හා පුරා කියලා පුංචි  ඔයාව අතට ගත්තේ ඔයා මාස 7දි ලංකාවෙදි ඔයා එතකොට  චුටි පැටියෙක් .....පුංචි වැඩි පුරම කලේ ඔයා එක්ක සෙල්ලම් කරන එක,හුරතල් කරන එක ඒ විතරක් නෙවේ පුංචි ඔයාව නාවලත් තියෙනවා.හැමදාම උදෙන්ම නැගිටලා ඔයාව හුරතල්  කරලා තමා ලංකාවෙදි හැමෝම වැඩ පටන් ගත්තේ.පුංචි ඔයා වෙනුවෙන් සින්දු,කතන්දර උගුර ලේ රහ වෙනකම් කිව්වේ කියා ගන්න බැරි තරමේ  ලොකු ආදරයකින් ,ආසාවකින් පුංචිගේ හිතේ ඔයා ගැන තියෙන හැගිම විස්තර කරන්න වචන පුංචි ලග නෑ මගේ හා පැංචෝ.......
                   අකුණක එලිය වැටෙන වේගෙකින්  ගත වෙච්ච අවුරුද්ද පුරාවට හා පැංචාගේ විසේකාරකම්,වැඩ ඇරිලා ගෙදර ආව ගමන් skype එකෙන් බලන එක  දැන් ජීවිතේම කොටසක් වෙලා ඉවරයි.හා පුංචෝ ගොඩක් අය කියනවා අපි දෙන්නා එක වගේලු  වෙන්න ඇති ඔයා දග වැඩ කරද්දි ඔයාගේ ආච්චි පුංචි පොඩිකාලේ  කරපු දග වැඩ කියනවා.ඒවා හරිම සමානයි :)"""""හා පුංචෝ ඔයා ටික ටික ලොකු වෙනවා හැමදාම ඔයා පැංචෙක් වගේ ඉන්නේ නෑනේ ඉතින් ඔයාගේ පුංචි හැමදාම වගේ අදත් ඔයාගේ පළමු වෙනි උපන් දිනේට ප්රාර්ථනා කරනවා ඔයා ලොකු උනාම ඔයාගේ අම්මා තරම්ම සෙනෙහෙබර හොද කීකරු කෙනෙක් වෙන්න ඕනා ඒ වගේම තාත්තා තරම් දයාබර සිතැත්තියක් වෙන්න ඕනා.....කියල.

                 සුබම සුබ උපන් දිනයක් වේවා හා පුංචෝ!!

ප:ලි: පුංචිගේ බ්ලොග් පොතේ එක පිටුවක ඔයා නමින් දෙයක් ලියන්න හිතුවේ මගේ හා පුංචෝ ඔයා පුංචිගේ හදවතේ එක කොටසක් නිසයි,ඔයාට සුබ පැතුම් ගේන  පුංචිගේ හිතවත් යාළු ඇන්ටිලා,අංකල්ලගේ සුබ පැතුම්  ඔයාගේ ජීවිතේට සෙතක් ගෙනේවි කියල හිතලයි....ඒ විතරක් නෙවේ තව අවුරුදු ගාණකට පස්සේ හා පුංචට තේරෙන වයසෙදි මේ සුට්ටි සටහන කියවයි,ඒ කියවලා එදාට ඔය චුට්ටි මුව පොඩිත්තට සිනහවක් ආවොත් පුංචි එදාට  සතුටු වේවි...........
     
  

Friday, January 3, 2014

36.කළු සහ සුදු හැබැහින්


                             හිතට දෙයක් තදින්ම දැනුනම ඒ වෙලාවට දැනුන දේවල් පෑනක්,කොලයක් අරන් කුරුටු ගාන එක ඉස්කොලේ යන කාලේ පුරුද්දක් වෙලා තිබුනා......ඒ යටපත් වෙලා තිබුන පුරුද්ද නැවත අවදි කරමින් දෙසැම්බර් ලංකාවට ගිය වෙලේ දහසකුත් රාජකාරි මැද වරුවක නිවාඩුවක් දාලා මම වෙනුවෙන් මළගෙදරට සහභාගි උන ඒ අපුරුතම blog මිතුරුතුමි ගැන, ඇය මුණ ගැහුනු පළමු දවසේ රෑ පුංචි කොල කෑල්ලක මන් වචන ටිකක් කුරුටු ගෑවා,ඉතින් ඒ උතුම් හිතට ස්තූති කිරිමක් වශයෙන් මේ අවුරුද්දේ පළමු පෝස්ට් එක හා හා පුරා කියලා කළු සහ සුදු අකුරු කරන ඇගේ නමින් ආරම්භ කරනවා......

                                නෙතින් දුටු නුඹ........
හැගුම් බර හිත..........
කිති කවයි සතුටු කරවමින්,හිත සනසලා..........
නොදැන සිටි නුඹ.......
නොපැතු මොහොතක ....
දුකින් බර වු දෙනෙත් අද්දර ........
පෙනෙන්නට විය......
මුවේ සිනහව නන්වලා......
දුකේ දී දුර ඇත ගිය.........
වංක මිතු කැල මගේ පසකලා..........
වැලද ගන්නෙමි දුක,සැපේදි ලගින් සිටි නුඹ............
දිනෙන් දින නුඹේ මිතුරු ගුණ සුවද.......................
හද පතුලේ මැරෙන තුරු මගේ ,,,,,,,රන්දලා.............
   
                    © ශානු