Wednesday, February 26, 2014

44.අනියම් සිතුවිලි

                             
 
               ඔයාගේ උණුසුමට ගුලි වෙන්න පෙරුම් පිරුව හිත ඒ සුව පහසු උණුසුම ලග සැනසෙද්දි ඔයා මටත් හොරා යන්නම යන්න ගියා වගේ එක පාරමටම අතුරු දහන් වෙද්දි සත්තයි හිතට දැනුනේ පුදුම විදිහේ  අපහසු බවක් ඒත් කාලයත් එක්ක අවුරුද්දේ මාස ගානක් හරි ඔයාගේ උණුසුම ලග දැවටි දැවටි ඉන්නවත් වරම් ඇති නිසා, මම හිත හදා  ගත්තේ වෙන  කරන්නම දෙයක් නැති නිසා කියලා ඔයාට නිකමටවත් හිතෙනවද මම තවම දන්නේ නම් නෑ...ඒත් මේ හිත,ගත හොයන ඒ උණුසුම තියෙන්නේ ඔයා ලග විතරයි කියලා හිතෙද්දි සීතලින් ගැහෙන මැදියම් රෑක මට ඔයාව සිහි වෙන්නේ නිරායාසයෙන්ම....... 

                මට ඔයාගේ උණුසුම් ආදරය දැනෙන්න ගත්තේ යාන්තමට බහ තෝරන වයසේ උනත් ඔයත් එක්කම ලොකු වෙච්ච මම මුහුදු හතක්  පහු කරලා ජීවිතේ අලුතින් පටන් අරගෙන අවුරුද්ද,දෙක ගත වෙද්දි සත්තයි   මට ඔයාගේ ආදරේ  ඕනවටත් වඩා දැනෙන්න ගත්තා මගේ වාසනාවකට ඒ මුහුදු හත පැනලා ඔයාට මා ලගට එන්න තරම් දෛවය  මට කරුණාවන්ත උන එක නම් මගේම වාසනාවක් .....
ඔයාට තිබ්බ වැඩ කටයුතු එක්ක මම දන්නවා මට වඩා ලෝකයා ඔයා ගැන මහා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටිය බව ඒත් ඔයාගේ උණුසුමට මම ඕනෑවටත් වැඩියේ ලෙන්ගතු උන නිසාම නිතර දෙවේලේ හිත,ගත දෙකම  ඔයාව හොයන්න ගත්තා.........ලගින් තියා ගන්න හිතුවා..........

                  මට මතකයි ඉද හිට විදි දිගේ ඇදෙන දෙනෝදාහක් මිනිසුන්ගේ දෙනෙත් මුලා කරලා ,හැංගි හොරා  උදේ පාන්දර ලේසියෙන් නගින්නට පුළුවන් මගේ කාමරයේ  පුංචි මල් වලින් පිරිච්ච බැල්කනියට ඔයා ගොඩ වැදිලා වීදුරු දොරෙන් හීන් සීරුවට මටත් නොදැනිම කාමරෙයට ඇතුලු වෙලා හැල හොල්මනක් නැතිව ටිකෙන් ටික මගේ ලගට ඇවිත් මගේ කම්මුල් පුරා තැවරු ඒ උණුසුම් හාදු
සත්තයි තවමත් මට මතකයි අද ඊයේ වාගේ. ඒ විතරක්ද,ඒ වෙලාවට මගේ  ඇස්දෙක ලග තෙරපෙන නින්ද හීන් සැරේ ඉවත් වෙලා ඔයාගේ උණුසුමත් එක්ක හිත ප්‍රබෝධමත් උන හැගීම විද ගන්න මම තවමත් මග බලාන ඉන්නවා. ඔයාගේ උණුසුමට ගුලි වෙන්න  ලෝභ උන ඒ හැගීම අදටත් හිත සලිත කරන හැගිමක්.......

                           හැම අවුරුද්දෙම ශිත  සෘතුව පටන් ගද්දිම ලෝක සවාරිය යන්න ඔයා ලක ලෑස්ති වෙන බව මන් කල් තියාම දැනන් ඉන්න නිසා ඔයාගේ වෙන්විම දැන් දැන් හිතට හුරු පුරුදු වෙලා උනාට ඔයා ගැන අහල පහලින් ඇහෙන කතන්දර මේ හිත කොහොම ඉවසන්නද? සමහරු කියනවා ඔයා මේ නගරයෙන් පිට වෙලා ඉන්න තරමට මේ පලාතට හොදයිලු....තවත් සමහරු මම වගේම ඔයා මේ නගරයේ ඉන්නවට කැමති...........මම දන්නවා මේ වෙන්වීම ගොඩක් දිගු කාලයකට නොවන බව ඒත් පුරුද්දකට වගේ ඔයාගේ හෙවනැල්ලක සේයාවක් වත් විදියේ කොනක දකිනකම් ඔයා මටත් හොරෙන් ගොඩ උන ලස්සන පුංචි මල් වලින් පිරිච්ච බැල්කනියට වෙලා තවමත් මම මග බලන් ඉන්නවා..ඒ ඉද්දි ඔයා ලග ලගම එන බවට ඔයාගේ සුවද පිරිච්ච,උණුසුම් සුළන් කැරලි  කනට කොදුරන රහස් වලට මේ හිත පොපියන තරම්,අවට පරිසරයට දැනිලාද කොහෙද ගහකොල දළු දාලා,මල් පිපිලා සියතුන් ගී කියන්න පටන් අරන්.......
ඉතින් දැන් ඇති දුරස් වෙලා හිටියා හනි හනිකට එන්න.......
       

   ***********************************************************


රවි නොහොත් හිරු කුමරු ගැන ශිත සෘතුවේ හිතලට ගල් වෙච්ච මගේ හිතට මෙහෙමත් හිතුනලු ඕං........

Monday, February 10, 2014

43.මා දන්නා ඉතිහාසය ---3කොටස (ගෘහ නිර්මාණ හා කලා ශිල්ප - I )

                          කාලෙකින් මා දන්නා ඉතිහාසය කොටසක් ලියන්න බැරි උනා එහෙනම් 1 වන කොටස 2 කොටස කියවලා නැති අය මෙතැනනින් ගොහින් කියවලා එන්න-------------------------------------------- >    මා දන්නා ඉතිහාසය ---1කොටස.
*********************************************************************************
              පැරණි වාස්තු විද්‍යාව පිළිබද තාක්ෂණයෙහි අති විශිෂ්ට අංග රැසක් අනුරාධපුර හා පොළොන්නරු රාජධානි වල නටබුන් පරික්ෂා කිරිමේදි පුරාවිද්‍යා කැනිම්කරුවන් විසින් සොයාගෙන ඇති අතර එකල සිටි විවිධ ශ්‍රේණින් විසින් විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණ කර ඇති බවට සාක්ෂි අදද අපට අනුරාධපුර,පොළොන්නරු සංචාරයකදි දැක බලා ගැනිමට හැක.බුදු දහම මෙරටට හදුන්වා දීමටත් පෙර කාලයෙදි පැවති ගෘහ නිර්මාණ  ශිල්පය කෙසේ වී දැයි දැන ගැනිමට  හැකි කිසිම නටබුන් මෙතෙක් සොයාගෙන නැත.එමෙන්ම අනුරාධපුර වාස්තු විද්‍යාත්මක නිර්මාණ,
              
              *දාගැබ්, පිළිම ගෙවල්,බෝදිඝර

                                   
                                                               *විහාර ගෙවල්,පොහොය ගෙවල්,ආරාම,භාවනා කුටි,දාන ශාලා
                                 
  *රජ මාළිග,බලකොටු

                                            *නාන පොකුණු,වැසිකිලි,බෙහෙත් ශාලා..............
                                                                                              ලෙස වර්ග කල හැකිය.

                         අනුරාධපුර යුගයේදි බිහිවු විශිෂ්ටතම වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස දාගැබ්,එම යුගයේදි  විශේෂ ස්ථානයක් හිමි කර ගැනේ.බුදු දහමේ ආභාසයත් සමගම මෙරට ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වෙනස්කම් රාශියක් සිදු විය.දාගැබ, චෛත්‍යය,ස්තූපය,ථුපය සහ වෙහෙර යන නම් වලින්ද හැදින්වීමට පුළුවන.

              බුදුන් වහන්සේ ජීවමාන ව සිටි කාලයේදී ලංකාවේ දාගැබ් නිර්මාණය කර ඇති අවස්ථා දෙකක් ගැන ශිලා ලිපි වල සදහන් කර ඇත එනම්,
                        පළමු අවස්ථාව ලෙස සුමන සමන් දෙවියන්ට දෙන ලද කේශධාතු තැන්පත් කර මහවැලි නිම්නයේ මහියංගනය නැමති ස්ථානයේදි මහියංගන දාගැබ ඉදිකිරිමයි.
මහියංගන දාගැබ
                    දෙවන අවස්ථාව තපස්සු බල්ලුක නම් වෙළද දෙබෑයන් බුදුන් වහන්සේට විළඳ හා මීපැණි පිළිගැන්වීමෙන් පසුව ලැබුණු කේශධාතු තැම්පත් කර  තිරියාය නම් ස්ථානයේ ගිරිහඬුසෑය දාගැබක් ඉදි කිරිමය.(මෙය බුරුම මූලාශ්‍රවලද සඳහන් වේ,)
https://www.google.it/search?q=%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B6%AC%E0%B7%94%E0%B7%83%E0%B7%91%E0%B6%BA&espv=210&es_sm=122&source=lnms&tbm=isch&sa=X&ei=Nc_3Us7xCqKWyQPpuIGAAg&ved=0CAoQ_AUoAg&biw=1280&bih=610#facrc=_&imgdii=_&imgrc=bO96Zlj0xaCK3M%253A%3B0zMrp52AvLHYpM%3Bhttp%253A%252F%252F1.bp.blogspot.com%252F-EgI55WwhEWc%252FT-FLg1HTYoI%252FAAAAAAAAAC8%252FzM5voZVJcZs%252Fs1600%252FIMG_6242.jpg%3Bhttp%253A%252F%252Fhistoryofsrilankan.blogspot.com%252Fp%252Fblog-page_19.html%3B500%3B333
ගිරිහඬුසෑය 
            මෙරට ප්‍රථම ඓතිහාසික දාගැබ වශයෙන් සලකනු ලබන්නේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද,බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරෙන ථුපාරාමය දාගැබය.කිහිප අවස්ථාවකදිම වරින් වර ප්‍රතිසංස්කරණයට භාජනය වු නිසාවෙන් ථුපාරාමයේ මුල් ස්වරූපය අද වන විට දක්නට නොලැබේ.ප්‍රමාණයෙන් විශාල දාගැබ් ඉදි කිරිම දුටු ගැමුණු රජතුමාගේ කාලයේදි ආරම්භ වු බව පිලි ගැනේ.දුටුගැමුණු රජතුමා ඉදි කළ මහා දාගැබ හෙවත් රුවන්වැලි සෑය හා මිරිසවැටිය දාගැබ ද වළගම්බා රජු ඉදි කළ අභයගිරිය දාගැබ ද මහසෙන් රජු විසින් ඉදි කළ ජේතවන දාගැබද වැදගත් තැනක් උසුලනු ඇත.එමෙන්ම අනුරාධපුරයට බැහැර ප්‍රදේශවල  ද විශාල දාගැබ් ඉදි විය
 උදා.
  *කැලණිය
             *තිස්සමහාරාමය
   *දීගවාපිය
    *සේරුවිල
         *සෝමාවතිය
             *මහියංගනය    

බෞද්ධ පොත පතේ සදහන් වන පරිදි දාගැබ් බද කොටස හෙවත් ගර්භයේ හැඩය අනුව දාගැබ් හයකට වෙන් කොට දක්වා ඇත.
         1,ධාන්‍යාකාර:වී ගොඩක හැඩයෙන් යුත් දාගැබ් මේ නමින් හදුන්වනු ලැබේ.
           
http://upload.wikimedia.org/wikipedia/si/1/1f/Kelaniya.jpg
කැළණි දාගැබ

                      
         2.ඝණ්ඪාකාර: ඝණ්ඨාකාර දාගැබ ඝණ්ඨාවක හැඩය ගනී.මෙම දාගැබ් වර්ගය ප්‍රමාණයෙන් කුඩාවන අතර බුදුදහම ලැබීමෙන් පසු ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වේ.එය ථූපාරාම දාගැබය.
                       
https://www.google.it/search?q=Thuparamaya&espv=210&es_sm=122&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=c9n3UpWpLoeS4ASl3YD4BA&ved=0CC8QsAQ&biw=1280&bih=610#facrc=_&imgdii=_&imgrc=vCJId1K61tlxNM%253A%3B-CWQ_Mai4RFOaM%3Bhttp%253A%252F%252F4.bp.blogspot.com%252F-vE_nrhFagbI%252FTo_oq1ab44I%252FAAAAAAAAAXQ%252Fpm2LCkai7SY%252Fs640%252FThuparamaya%25252B%252525281%25252529.JPG%3Bhttp%253A%252F%252Frefreshingsrilanka.blogspot.com%252F2011_10_01_archive.html%3B640%3B480
ථූපාරාම 
         3,බුබ්බුලාකාර:මෙම දාගැබ් දියබුබුලක හැඩය උසුලන අතර ලෝකයා මවිතයට පත්කරන රුවන්වැලි මහාසෑය බුබ්බුලාකාර හැඩයගනී.එමෙන්ම තිස්සමහාරාම දාගැබ ,පොළොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර බුබ්බුලාකාර හැඩය උසුලනු ලැබේ.
                                      
https://www.google.it/search?q=ruwanwelisaya&espv=210&es_sm=122&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=ldv3UrrpBO6N4gTw4IDgCg&ved=0CC8QsAQ&biw=1280&bih=610#facrc=_&imgdii=_&imgrc=yyoBl9Z6pa24aM%253A%3BAe4ogqEDOZmw9M%3Bhttp%253A%252F%252Finthetravellab.com%252Fwp-content%252Fuploads%252F2013%252F11%252FIMG_5407.jpg%3Bhttp%253A%252F%252Finthetravellab.com%252Fen%252Fruwanwelisaya-photo%252F%3B1024%3B655
රුවන්වැලි මහාසෑය
4,ඝටාකාරමෙම  දාගැබ කළයක හැඩයට සමානය.
                                         
https://www.google.it/search?q=ruwanwelisaya&espv=210&es_sm=122&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=ldv3UrrpBO6N4gTw4IDgCg&ved=0CC8QsAQ&biw=1280&bih=610#q=somawathiya+temple&tbm=isch&facrc=_&imgdii=_&imgrc=ZFMd_6i_jQBdEM%253A%3BeML1Grg04-vXBM%3Bhttp%253A%252F%252Famazinglanka.com%252Fheritage%252Fsomavathi%252Flarge%252FDSCF8995.JPG%3Bhttp%253A%252F%252Famazinglanka.com%252Fheritage%252Fsomavathi%252Fsomawathi.php%3B1024%3B768
සෝමාවතී දාගැබ්

         5,පද්මාකා:පද්මාකාර දාගැබ් නෙළුමක ස්වරූපය ගනී.පොළොන්නරුවේ දෙමළ මහාසෑයත් බුත්තල යුදගනා වෙහෙරත් පද්මාකාර හැඩය වේ.
                                             
දෙමළ මහාසෑය
                                 
         6,අම්ලකාර :නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් දාගැබ් මේ නමින් හදුන්වනු ලැබේ මෙවැනි ස්ථූප වර්තමානයේ දක්නට නැත.මෙම ස්ථූප වර්ග හැරෙන්නට බෞද්ධ රටවල අටපට්ටම් ස්ථූප,ලූණු ගෙඩියක හැඩය ගත් ස්ථූප, සතරැස් ස්ථූප, සිලින්ඩරාකාර හැඩයගත් ස්ථූපද දක්නට ඇත.
   
                         දාගැබක අංග                              
මා සතුව තිබූ රූප සටහනක්
    මෙහි අංක 1න් දක්වා ඇත්තේ පේසාවළලුය.දාගැබ පේසාවළලු තුනකින් සමන් විතය.එක මත එක කුඩා වෙමින් ඉහළට යන පේසාවළලු තුන මත දාගැබක ගෝලාකාර ගර්භය ඉදි කර තිබිම විශේෂ ලක්ෂණයක් ලෙස සැලකේ.

මෙහි අංක 2න් දක්වා ඇත්තේ ගෝලාකාර වු ගර්භයය.බුදුන් වහන්සේගේ ධාතු හෙවත් සරවඥ ධාතු තැම්පත් කර ඇත්තේ ධාතු ගර්භයේය.

මෙහි අංක 3න් දැක්වෙන්නේ දාගැබෙහි ගර්බය මුදුනේහි හතරැස් කොටුවෙහි මධ්‍යයේ ද ධාතු තැම්පත් කොට ඇත.
 
අංක 4න් දැක්වෙන  කොත දේවතා කොටුව ලෙස හැදින් වේ.

අංක 5න් දක්වා ඇත්තේ දේවතා කොත මත පිහිටි කොත් කැරැල්යය.කොත්කැරැල්ලේ  අග මාණික්‍යයක් හෝ ලෝහයෙන් කරන ලද කොතක් බොහෝ විට දැකිය හැක.



වාහල්කඩ:
         දාගැබ සතර දිසාවෙන්හි දාගැබට  සම්බන්ධකොට අලංකාරය සදහා ඉදි කළ නිර්මාණයකි.පසු කාලයේදි මෙම වාහල්කඩ ලිය වැල් වැනි මෝස්තර වලින් අලංකාර කර ඇත.දාගැබට මල් පුජා කිරිම සදහා තනන ලද ගල් ආසන ද මේවායේ දක්නට ලැබේ.

චේතියඝර හෙවත් වටදාගේ:
                     දාගැබේ ආරක්ෂාව සදහා ඉදිකර ඇති ගෘහය චේතියඝර නමින් හැදින්වේ.මුල් කාලයේදි ඉදිකෙරු කුඩා දාගැබ් ආවරණය කොට චේතයඝර නිර්මාණය කර තිබු බවට සාධක ඇත.ථුපාරාමයේ,ලංකාරාමයේ සහා අම්බස්ථුල දාගැබේ එවැනි චේතියඝර තිබු බව,ඒවා වටා ඇති ගල් කණු වලින් සනාථ වේ.වහලය දැවවලින් නිර්මාණය කරන්නට ඇතැයි විශිවාස කෙරේ. මැදිරිගිරිය වටදාගේ මෙයට කදිම නිදසුනකි

ප.ලි.
තොරතුරු පොත පත,විකිපීඩියා ඇසුරෙන් ද, පින්තූර ගූගල් ඉමේජ් වෙතින් ද සොයා සපයා ගන්නා ලදි.

Monday, February 3, 2014

42.සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම්- II කොටස

පළමු කොටස මෙතනින් බලන්න.....................
   
                  සර්,චතුරංගවත් සම්පවත් කනින් ඇදගෙන යන අඩි පාරේම  අරුණව අල්ලගෙන මමත් ,පී.ටි. මිසුත්  ඔපීසිය ලගට ගියා විතරයි සර් දඩි බිඩියට දෙන්නගෙම කන් දෙක අත ඇරලා

"දණ ගහපියව් මෙතන" කියලා,මැඩම් ලගට ගියා.

   අරුණයා කෙදිරි ගාන අස්සේ පී.ටී. මිස්,  
 
     "රිදෙනවද පුතා"කියලා අහනවා.......

                     අරුණයා පේන ඇහෙන් මන් දිහා බල බල අඩනවා..........ඕංං  ටිකකින් සර් ඇවිත් අරුණව අරන් ඉස්පිරිතාලේ යන්න පිටත් උනා,ඒ එක්කම වේවැලත් එහාට්ට මෙහාට්ට වන වන මැඩම් අපි හිටපු තැනට ආවා.මන් දිහා හැරිලා
 "ඔය ළමයා මොකද?"
      ඔන්න ඉතින් එදා පුංති මගේ වචන ටැපලි ටැපලි වෙච්ච සිද්දිය මැඩම්ට කිව්වම,මැඩම් මට පන්තියට යන්න කිව්වා  .... ඒ එක්කම මට ඇහුනේ මැඩම් තරහින්
"තමුසෙලා දෙන්නට සමාවක් නෑ " කියනව විතරයි

                         එතනින් එහාට එතැන සිද්ධ වෙච්ච කිසි දෙයක් මම දන්නේ නෑ
************************************************************************************
       මම පන්තියට එද්දි අපේ ගණන් පීරියඩ් එකේ බාගයක් ගිහින් ,ගණන් මිස්ටත් වෙච්ච  සිද්ධිය කියලා ඉදගෙන ගණන් හැදුවත් චතුරංග ගුටි කනවා ඇති කියලා දුකකුත්,අරුණයාගේ ඇහැ පෙනෙන්නේ නැති වේවි කියලා  මූසල සිතුවිල්ලකුත් සම්පා මැඩම්ගෙන් ගුටි කනවා ඇති කියලා සතුටකුත් හිතේ  වරි වර රජ කම් කරද්දි  පොතේ ගණන් හදන්න  යට වෙලා  ටික වෙලාවක් ගියා......

"ආ තමුසෙලා දෙන්නා ...එනවා ඇවිත් ඉදගෙන ගණන් ටික හදනවලා".

"මැඩම් තමුසෙලා දෙන්නට  සලකන්න ඇතිනේ......
                         කින්ඩි හිනාවක් මවාගෙන ගණන් මිස් එහෙම කියද්දි චතුරංග බිම බලන් ඇවිත් මන් ලගින් ඉද ගත්තා....සම්පත් ඌ හිටපු කණ්ඩායමේ ඉදගත්තා.....ගණන් පිරියඩ් එක ඉවර වෙනකම් කිසි විස්තරයක් කතා කරන් නැතුව හිටපු අපි පීරියඩ් එක ඉවර වෙලා මිස් පන්තියෙන් එලියට බහිද්දි මම චතුරන්ගයගෙන්, "මොකද උනේ කියලා ඇහැව්වා.චතුරංග අත පෙන්නුවා...වේවැල් පාරවල් රතුවට අල්ලේ ඇදිලා,චතුරංග ටිකකින් කිව්වා "මම ආයෙත් ඉස්කෝලේ එන්නේ නෑ කියලා" එත් එහෙම උනේ නෑ.චතුරංග ඉස්කෝලේ ආවා.චතුරංගගෙයි,සම්පගෙයි අම්මලා  පහු වෙනිදා ඉස්කෝලෙට ආවා මතකයි ..මොනා උනාද කියලා මතකයේ නෑ....අපි අරුණව බලන්න ගියෙත් නෑ අපිට ඒ දවස් වල එහෙම යන්න හිතුන් නැත්තේ ඇයිද මන්දා ........
      ඔහොම්ම මාසයක් විතර ගෙවිලා  උදාවුන  සදුදාවක අපි උදේ රෑස්වීමට ගිහින් පන්තියට ඇවිත් පන්ති බාර මිස් නාම ලේඛනය ලකුණු කරද්දි අරුණ අම්මයි,අක්කයි එක්ක බුලත් අතකුත් අරන් පන්තියට අවා මමයි චතුරංගයි හිතුවේ අරුණ ගොඩක් කාලෙකට පස්සේ පන්තියට ආව නිසා බුලත් අතක් ගෙනත්  මිස්ට වදින්න වෙන්න ඇති කියලා,එත් අපි වැරදි, එදා අරුණව,අම්මා ඉස්කෝලෙන් අස් කරගෙන වෙන ඉස්කෝලෙකට දාන්න යන්න ඇවිත් තිබුනේ .....ම්....ම්...ම්.......මට තාමත් අද වගේ මතකයි අරුණගේ ඇහැ වටේට බැට් එකේ පාර කළුවට එදා පෙනුනා.....අරුණ  අපි ලගට ඇවිත්
 
   "මම අලුත් ඉස්කෝලෙකට යනවනේ"
   
  " අපි ආයෙත් හම්බ වෙයිද  බන්" චතුරංගයා අරුණගෙන් අහනවා......
(මේ මට ජීවිතේට අමතක වෙන්නේ නැති අපේ අන්තිම මොහොතේ ඇහුන වචන ටික)

                                      ඇත්තටම එදා මන් මොකුත් කතා කලේ නෑ,මට දුකයි
*********************************************************************************
              අරුණ ඉස්කෝලෙන් ගියේ සම්ප නිසා කියලා එදා මගේ හිතේ තදින්ම කා වැදිලා තිබුනා ඒ රිටන් එක සම්පට දෙන්න ඕන කමක් තිබුනට  ප්‍රින්සිපල් මැඩම් ගාවට යන්න  මම බය උනා...... හැබැයි ඉතින් "කොකාට වාරයක් ආවා නම් තිත්තයටත් අනිවා වාර දෙකක්වත් එනවා" කියන්නා වගේ දවසක් ඉස්කෝලෙන් පස්සේ මමයි තව ගැණු ළමයෙකුයි පන්තිය අතු ගාන්න පටන් ගත්තා විතරයි සම්පා අනිත් කොල්ලෝ එක්ක එකතු වෙලා කොල ඉරලා අතුගාපු  දිහාට විසික් කරන්න ගත්තා, සම්පගේ හොම්බට අනින්න හිතාගෙන සම්පා ලගට බනින්න ගියාම  මු මගේ කොලර් එකෙන් ඇදලා කොලර් එක ඉරලා දැම්මේ නැතෑ....එදා ඉරිච්ච කොලර් එක පිටින්ම අඩාගෙන ගෙදර ආවා, මේ සිද්ධිය  ගෙදරින් දැන ගත්තම නම් එයාලගේ තීරණේ උනේ මාව බාලිකාවකට තල්ලු කරලා දාන්න.එහෙම කොහොමද ? නිකන්ම බාලිකාවකට යන්නේ සම්පට මොකුත් නොකර එහෙම මගේ පුංචි හිතට දරුණුවට හිතුනා.දවස් සති එකින් එක පෙරලිලා 1 වාරය ඉවර වෙද්දි  මට බාලිකාවකට යන්න නැකතත් උදා උනා.....
   තුන් වෙනි වාරය පටන් ගන්නවා එක්කම දවස් තුනකින් මට බාලිකාවකට යන්න දින නියම වෙලා තියෙද්දි,හිටපු ඉස්කෝලෙන් අස් වෙන දිනේට ඉස්සරින්දා හවස ඉස්කෝලේ ඉවර වෙලා සම්පව අවුස්ස ගත්තා....හෙට ඉස්කෝලෙන් අස්වෙන ෆිට් එකත් අරන් සම්පව තල්ලුත් කරා.....
                                                             
සම්පා .....උඹට මම ......කියලා
                                 ඇවිත් මගේ කොන්ඩෙනුයි, ටයි පටියෙනුයි අල්ල ගත්තා....මාත් අත ඇරියේ නෑ හදිස්සියට සම්පගේ දූල වෙච්ච කමිසේ සාක්කුවෙන් වීරිය දාලා ඇද්දා..සාක්කුවේ නූල් ටික බර බරාස් ගාලා ලිහිලා ගියා.. මගේ වෙලාවට අක්කණ්ඩි මාව එක්කන් යන්න ලොකු ස්කෝලේ ඉදන් පොඩි ඉස්කෝලෙට ඇවිත් තිබුනා ඒ නිසා සම්පා ටිකක් බය උනා ඒ අතර තුර මන් අක්කණ්ඩි එක්ක ඉස්කෝලේ ඉස්සරහ පාරේ යන ලංගම බස් එකට ගොඩ වෙලා ජයග්‍රාහි හැගිමකින් ගෙදර ආවා.පහුවෙනිදා ගොඩක් දුකින් ඒ ඉස්කෝලෙන් අස් වෙලා පිටසක්වල ජීවින් වගේ පෙනුන කෙල්ලෝ ඉන්න බාලිකා ඉස්කෝලෙකට යන්න උනා(ඒ දවස් වල කෙල්ලන්ට පිට සක්වල ජීවින් කියලා කිව්වේ ඇයි කියලා දවසක ලියන්නම් )................
   බාලිකා ඉස්කෝලෙදි මගේ ඇට්ටර කම්, උඹ,බන්,බොලන් වගේ වචන වෙනුවට ඔයා,මෙයා,අනේ කියන්න ගත්තා........වානරයන්ගේ පරිනාමය වගේ මාත් පරිනාමය උනා ....හැබැයි පුතෝ ඒ ඉස්කෝලෙදි විතරයි ගෙදරදි නම් පරිනාමය රිවස් ගියර් එකේමයි ගියේ ඒකත් ටික කාලයයි......
         ඊට පස්සේ මට උදා වුන හැම  දවසකම මම බාලිකාවට ඕන විදිහට හැඩ ගැහුනා...........................

*******************************************************************************

සම්පත් ගැන පසු කාලීනව  දැන ගන්න ලැබුනේ ඒ දවස් වල කැන්ටිම කරපු ඇන්ටිගේ දුවගේ පුතා කියලයි,අම්මගෙයි තාත්තාගෙයි ආදරය අහිමි වෙච්ච ළමයෙක්..ඔය ටික මන් දැන ගත්තම එදා කරපු වැඩේ ගැන මන් සැහෙන්න පසුතැවුනා..ඒ දුල කමිසේ සාක්කුව එච්චර ඉක්මනට ඉරිලා ගියේ ඒ දුප්පත් ,කටුක ජීවිතේ සලකුණක් විදිහට කියලා මට දැනටත් මතක් වෙද්දි දැනෙන හැගිම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ........සම්පත් අද කොහේ ඉන්නවද දන්නේ නෑ...........


අරුණ ....
    මන් සා\ පෙ. කරනකම් හිතන් හිටියා අරුණගේ ඇහැ ලග තිබුන ඒ බැට් එකේ කළු පැල්ලම ජීවිතේටත් ඒකගේ ඇහෙන් මැකෙන් නැති වේවි කියලා....එත් මන් කවදා හරි මුණ ගැහෙන්න පෙරුම්පුරපු
අරුණයා ....බැට් පාරකුත් කාගෙන ඉස්කෝලෙන් යන්නම ගිය එකා......මම 7 වසරදි ආයේ කවදාවත් නෝඑන්නම යන්න ගිහින් කියලා මම දැන ගත්තේ සා\පෙ කරන කාලෙදි.......අරුණගේ සොහොන් කොත හොයා ගන්නවත් ඒ දවස් වල අරුණ පදිංචි වෙලා හිටියේ කොහෙද කියලා මතකයේ නෑ....එත් තවමත් දන්න කියන ඒ කාලේ කට්ටිය හම්බුනාම සොහොන ගැන විස්තර අහනවා ඒත් ඒ ගැන දන්න කවුරුවත් තාම මට මුණගැහුනේ නෑ

චතුරංගගේ පුංචිගේ දුව අතේ මාව මතක් කරලා පණිවිඩයක් එවලා තිබුනා 10 වසරදි සා\පෙ කරන දවස් වල අපි මුණ ගැහෙන්න කතා උනත් කවදාවත් දෛවය ඒකට ඉඩ දුන්නේ නෑ....චතුරංගගේ තිබුන බළල් ඇස් වලට පුංති සන්දියේ මන් හෙන ලයික්ලු ඈ......චතුරංගයා ඉන්න තැනක් නම් දන්නේ නෑ ....හොයලා බලන්න හිතන් ඉන්නවා....වෙලාවක් නෑනේ මෙදා පාරවත් ලංකාවට ආවම සර්ච් එකක් දාලා බලන්න ඕනා......

පරිනාමයට හසු  වී අවුරුද්දකට පසු මේ මම.....දන්නෝ දනිති ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ.....

ප.ලි.
  අලේ මේ කොටස ලියන්න මෙච්චර දවස් ගත්තට සමා අවසර.....මන් අසනීප උනානේ...බස්සි නංගගේ ආදරණීය තර්ජනයට බය උන පාර මේම ලියාගෙන ලියාගෙන කොටස් කඩන් නැතුවම ලියාගෙන ගිහින් මැල්ලුම නතර කරා......