Sunday, July 27, 2014

59.මේ හිතට කවියක්ම විය ඔබ-නිමි-


                       දින,සති මාස අපිට නොදැනීම ගෙවිලා ගියා....මට ඕන උනේ ඔයාගේ ආදරේ නමුත් ඔයාට ඕනා උනේ රන්දිකගෙන් වෙන් කරල මාව...ඔයා ඒ වෙනුවෙන් මොන තරම් නම් දේවල් කරාද....මන් එපා කිව්ව හැමදේම වගේ කරා...එක එක ගෑනු ලව්වා රන්දිකට කෝල් කෙරෙව්වා....මන් ඒත් සද්ද නොකර හිටියා...මොකද රන්දික ගැන එයාගේ අම්මා,තාත්තට වඩා මන් දන්න නිසා. මිනිස්සු දෙනෝදාහක් ඉස්සරහා මට මැණිකේ කිය කිය පස්සෙන් ආවා මන් ඒ දේවලුත් දරා ගත්තා...ඒ මන් ඔයාට හදවතින්ම ආදරේ කල නිසා.....ඒත් අන්තිමෙට ඔයාව මග ඇරලා හිටපු කාල පරාසය තුල ඔයා නොකියම වෙන නගරයකට ගිහින් තිබුනා.දන්නවද එතකොට මට මතක් උනේ "මිදි තිත්තයි කිව්ව නරියව" .
         ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගෙන  කාලය ගත කරපු මට ඔයාගෙන් ඈත් වෙලා රන්දික එක්ක මේ හැම දෙනයක්ම කියලා හිත නිදහස් කර ගන්න ඕන උනා......ඒත් එහෙම කියලා හිත නිදහස් කර ගන්න තරම් අපි අතර සිද්ධ වෙච්ච කිසි දෙයක් නෑ කියලා හිතනකොට මගේ හිත එකතැන ලොක් වෙනවා....අන්තිමෙට මේ දේවල් නිසා රන්දික මා දිහා වැරදි ඇහැකින් බලයි කියන තැනදි මන් මගේ හිත හීන්සැරේ නිහඬ කර ගත්තා....කොච්චර ආදරේ කරත් අපි අතර අතේ දුරක් තියා ගන්න නිතරම මම උත්සහ කරේ මෙ හැම දෙයක්ම වැරැද්දක් කියලා මගේ යටි හිත මටම නිතර දෙස්දෙවොල් තිබ්බ නිසා.....
                 ඊට පස්සේ කාලෙකදී අපි වයිබරයෙන් නිතරම කතා කලා...ඒත් ඒකත් හිතට වදයක් උනා...මොකද එහෙම කතා කරපු හැමදාම ඔයා ඕනවට වඩා මට හිතෙන් බැදුන නිසා...ඒ නිසා මන් ඔයාව මග ඇරලා ඉන්න තීරණේ කලා...හිටි හැටියෙම  දවසක් ඔයාට අනතුරක් වුනා කියලා දැන ගන්න ලැබුනා........ඒ ඔයාගේ යාළුවෙක් එවපු ඊ මේලයක් නිසා....ඒ හැම දෙයකටම මම පිස්සු හැදිලා වගේ කලබල උනාට මට ඔයා එක්ක කතා කරනවා ඇරෙන්න කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නෑ.....
ඒ වෙනකොට මගේ පරණ ෆෝන් නම්බර් මම වෙනස් කරලා ඒත් මන් ලග පරණ සීම් එක තිබුන නිසා ඔයාට කෝල් කරන්න  පුළුවන් උනා.....
                                 ..............................,,..................................

"හෙලෝ" එහා පැත්තෙන් ප්‍රතිචාර දැක්කුවේ කවි නොවන බව දැනුනත්  මම කට හඬ අවදි කලා...

"හෙලෝ,මේ කවිද? "

"නෑ,කව්ද මේ සුදාරි ද?"

කවුරු නමුත් මාව අඳුන ගත්තා...

"ආ...ඔව්,කවි"

"දැන් තමා වෝඩ් එකට ගෙනාවේ"

"මොකද උනේ දන් නෑ නේ"

"මොනාද ඉතින් ,ඔයාල වගේ ගෑණුන්ට බොක්කෙන් ලව් කරන්න ගියාම  කොල්ලන්ට වෙන්නේ මේ වගේ දේවල් තමා"

 මට ,මං ගැනම දැනුන තරහට දත්මිටි නොකා,වෙච්ච සිද්ධිය දැන ගන්න උත්සහ කලා

"හරි මම වැරදි වෙන්න ඇති,සිද්ධ උනේ මොකක්ද කියන්න පුළුවන්ද"

"මු දැන් බේබද්දෙක් වෙලා  ඔයා නිසා,ඊයේ රෑ වැඩ ඉවර වෙලා බීගෙන සීග්සැඩ් ගහ ගහා යාළුවෝ එක්ක එද්දි ඔයා ගැන කියලා මුට එකෙක් විහිළු කරලා ඒ තරහට මු අරූට ගහලා අන්තිමෙට දුර දිග ගිය වලියෙන් මුව තල්ලු කරපු පාර ඔළුව  යකඩ කණුවක වැදිලා ඔළුව පැලිලා...අපි හොස්පිටල් අරන් ආවා මැහුම් හතකුත් දා ගෙන ඔය ඉන්නේ ගෙම්බා ගැහැව්වා වගේ ඇදේ පතබෑවිලා"

මොහොතකට හුස්ම හිර වෙච්ච පෙනහලු වලට ඇද ගත්ත හුස්ම එක්ක,,,

"මම හවස කතා කරන්නම්"

"මන් කවියට කියන්නම් උගේ අන්සතු ලව් එක ශෝකය ප්‍රකාශ කලා කියලා"

        මට වෙන මොකුත් කියන්න බැරි තරමට වෙච්ච අපහසුතාවය නිසාම දුරකථනය විසන්ධි කලා.... මම නිසා ඔයාට අනතුරක් කර ගත්තේ කියලා ඔයාගේ යාළුවෝ නොකියා කියපු හැම කුණු බැනුමක්ම මන් අහන් හිටියේ මේ කොනක හරි මගෙත් වැරැද්දක් තිබුනා කියලා හිතපු නිසා....හවස ආයෙත් මම ඔයාට කෝල් කරා....ඒත් මන් මහා ලොකුවට වද වෙද්දි ඒ හැඟීම් එක්ක ඔයාට ඕන වුනේ මාව ඔයා ලගට ගෙන්න ගන්න......ඒත් එහෙම බැරි උන තැන ඔයත් අවස්ථාවාදී විදිහට මන් නිසා ඔයා නැති උනා කිව්වා....එදා ඔයා ගැන මගේ හිතේ තිබ්බ අන්තීම හැඟීමත්  හුළගේ පා වෙලා යන්නම යන්න ගියා.....

***********************************
         හැමදාම වැරදි,වැරදි ජීවිතේ  හරි ගස්ස ගත්ත මම අද වෙනකොට කවි ජීවතුන් අතරද? නැද්ද?කියලවත් දන්නේ නෑ ඒත් කවි වෙනුවෙන් මගේ හිතේ හැමදාම සෙත් කවි උපදී.........
            
                                                                       -නිමි-
                                                    #########################
        
         " ජීවිත කාලෙදි ගෑණියෙක්,මිනිහෙක් ආදරේ කරන්නේ  අහවල් කාරනේ  කරන්න විතරක් නෙවේ" අන්න ඔය ටික කිව්වේ මම අදුරන යාළුවෙක් ඒ කතාව කොච්චර ඇත්තක්ද කියලා මට හිතුනා....සමහරක් බැඳිම් අපිට කවදාවත් වර්ග කරන්න බෑ...ඒ බැඳිම් හරියට සංසාරගත බැඳීම් වගේ...ඒත්  හොද නරක තෝර ගැනීම අපි සතුයි....කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ කියල කවුරු කොහොම කිව්වත්,එහෙමටත් කෙනෙක් තමා තව කෙනෙක් වෙනුවෙන් ජීවිතේ නැති කර ගන්නේ....බොහෝ දෙනා කරන්නේ මුණ දෙන්න වෙන ජීවිතේට හැඩ ගැහෙන එක.......අනික වැරද්දක් උනාම ඒ වැරැද්ද හදා ගන්න උත්සහ කරන එකත්,අවංක වෙන එකත් වැදගත්......
    කතාව ගොඩ නැගුනේ මම ඉන්න පරිසරය එක්ක,ඉතින් යුරෝපය මම දකින්නේ හරියටම නිදහස් කුරුළු ලෝකයක් වගේ සීමා මායිම් බොහෝ දුරට අඩුයි ඒ වගේම ජීවිතේ වරදින  අවස්ථා වැඩි.....පවුල් සංස්ථාව ගත්තොත් එකට එකතු වෙලා ජීවත් වෙන පවුල් වලට වඩා සී සීකඩ විසිරුනු පවුල් ගානේ ප්‍රතිශතය වැඩි.....ඒ තමන්ට තමන් ගැන අවබෝධයක් නැති නිසා කියලා මම හිතනවා..ඒ වගේම අපි පුරුතග්ජන මිනිස්සු,"වරදින්නේ මිනිස්සුන්ට නම් ,ඒ වැරදි හදා ගන්න ඕනෙත් මිනිස්සු වෙච්ච අපිමයි".........

Saturday, July 19, 2014

58.මේ හිතට කවියක්ම විය ඔබ



   මට ඕන උනා ඔයාව අමතක කරන්න ඒත් මම කොහොමද ඔයාව අමතක කරන්නේ මට හිතා ගන්න බැරුව ගියා...අකමැත්තෙන් හරි ඔයත් එක්ක කතා කරන්න තිබුන හැම මාර්ගයක්ම මම'ම හිතලා  වහලා දැම්මා....එහෙම උනේ මගෙන් ඔයාවත්, ඔයාගෙන් මාවත් බේරගෙන වෙන කෙනෙක්ගේ ජිවිතේ අවුල් නොකර ඉන්න...ඔයා දන්නවා හිතට අවංක නැත්තම් හුස්මක්වත් ගන්න කැමති කෙල්ලෙක් නෙවේ මම...එහෙව් එකේ මන් කොහොමද හිතට එකඟ නැතිව මේ හැම දෙයක්ම හිතේ දරන් ඉන්නේ.........

*******************************
එදා සීතලම සීතල දවසක්  සීතලට හොයපු උණුසුම නිසාම   මම එයාගේ අතේ එල්ලිල විවිධ කඩ සාප්පු පහු කරමින් විදී  පුරා ඇවිද ගියා....හදිස්සියේම දැක්ක ඔයා මගේ හිතේ හීනියට අකුණු පහරක සැර මතු කරා ...ඔයා ටිකෙන් ,ටික මන් ලගට ආවා....මට කර ගන්න දෙයක් නැති තැන මම ඔයා එක්ක කතා කරා


"චාව් කවි"

"චාව්"

"මේ මගේ හස්බන් රන්දික"

"චාව් අයියේ"

"රන්දික මේ කවිෂ්ක"

රන්දිකගේ මුණේ තිබුනේ පොඩි නොරිස්සුම් ගතියක්.... 

"කව්ද සුදාරි"

"ආ මන් ඔයාට කිව්වේ අපිත් එක්ක වැඩට යන  මගේ ක්ලාස් මේට් කෙනෙක් ගැන මේ එයා" 

"ආ"

ටික වේලාවකින් කවිත්,රන්දිකත් කතාවට  වැටුනා..දෙතුන් වතාවක් කවිගේ ඇස් මාව හෙව්වා..කීප වරක්ම අපේ ඇස් එකට එක මුණ ගැහුනත් මම ඉක්මනින් අහක බලා ගත්තා, අපි ඇවිදගෙන ආවේ බස් එක ගන්න තැනට ඒ අතර තුර රන්දිකට මගේ වෙනසක් නොදැනෙන්න  කිහිප විටක්ම ඔහුන්ගේ  කතා බහට මට හිතා මතාම හු මිටි තියන්න සිදු උනා....
     දෙන්නෙක්ගේ ආදරයක් ලග කොච්චර අසරණ වෙනවද කියලා මට දැනුනා ඒ එක්කම මතක් උනේ,නන්දා මාලනිගේ   මේ සිංදුව

රන් කෙන්දෙන් බැදි
රන් කෙන්දෙන් බැදි
අතගිලි එක් කල ආදරයයි
පෙම් රැහැනින් බැඳි
සිතුම් වසඟ කල ආදරයයි
කිරිල්ලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුනා පමණයි
දෑත විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කරුවල ඇයි විජිතයම මගේ
රන් කෙන්දෙන් බැදි
කනාටු සුළගේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ

"සුදාරි"

ම්.... පියවි සිහියට ආවේ රන්දික මට කතා කලායින් පස්සේ

"බස් එක එනවා, නගිමු"

මම ඔළුව හෙල්ලුවා විතරයි මමත්,රන්දිකත් බසයට ගොඩ උනා.කවිගේ ගමනාන්තයත් අපේ රූට් එකේම උන නිසා එයත් බස් එකට ගොඩ උනා හිස් වෙලා තිවුන ආසන වල අපි ඉද ගත්තා....කවිත් අපිට ආසන දෙකක් ඉස්සරහින් ගිහින් ඉදගෙන  කිහිප විටක්ම අපි දිහා හැරිලා බැලුවත් ගමනාන්තය වෙනකම් කවි  දිහා නොබලා ඉන්න හිතා ගත්ත දැඩි තීරණය නිසා ...මට ඕනා උනා රන්දික සමග කතාවට වැටෙන්න නමුත් රන්දික යනු අවශයදේට කතා කරන කෙනෙක් නිසා අපේ කතා බහා අල්ප වශයෙන් කැඩි,කැඩි පැවතුනා...කවි බහින හෝල්ට් එක ලන් වු විට මම ඔහු දිහා බැලුවා ...කැරලියට මුහුණට වැටි තිබුන කොන්ඩය දෙපසට සොලවා ඒ කන්නඩි කුට්ටම අතරින් ඇස් පොඩි කර බහිනවා කියද්දි හිතට මහා ලෝභ කමක් හිතුනා..ඒත් රන්දික  ලගදි මට ඒ ලෝභ කමත් එක සිතුවිල්ලකට විතරක් යටපත්කරන්න වුනා.රන්දිකට කවිව නොරිස්සු බව මුණ ගැහුන වෙලේ ඉදන්ම  රන්දිකගේ මුහුණේ ඉරියව් වලින් පෙනුනත්, හිරෝෂිමාවට බෝම්බ ගැහැව්වා වගේ රන්දික කටහඩ අවදි කරා

"මොකෙක්ද ඌ"

"ඇයි අනේ  "මුහුනේ මවා ගත් වයාජ හිනාවකින් මම ඇහැව්වා,ඒ එක්කම මගේ හදවතේ ධමනි ශිරා මාරු වෙවි ලේ ඇග පුරා දිව ගොස් යම් කිසි භ්‍රමණයක් සිදු වෙන බව මට දැනුනා....

"නෑ ඒ &@€&:):)&&& ඇවිල්ලා මාස ගානයි, මෙහෙන් ලංකාවට කාර් දාන්න  කල්පනාව"

"ආ මිනිහා කොරියාවේ කලින් හිටියේ, හැබැයි ටිකක් පණ්ඩිතයි" ඇත්තටම කවි කියන්නේ  හිතේ තියෙන ඔක්කොම හෝස් ගාලා  කියලා දාන ජාතියේ කොල්ලෙක්.....හිතේ හැඟීම් හිර කරන් ඉන්න දන්නෙම නැති කෙනෙක්....සංවේදි කෙනෙක් නමුත් රන්දික ඔහු ගැන මවා සිටින රූපය  ඔහුට තහවුරු කිරීමට දෙයක් කියන විනා මට කල හැක්කක් නොවිය...

**************************************

එක් උදෑසනක වැඩට යාමට බසයට ගොඩ උන මට කවිගේ ජායාවක් බස් එකේ කෙරවලින් පෙනුනත් මම ඔහු සිටින දිශාවට විරුද්ද දිශාවට හිටගෙන  බසය ගමන් ගන්න විට ඈති පෙනෙන මුහුද හා කඳු දිහා බලාන 

"උබ මේ මොන පිස්සුවක්ද නටන්න හදන්නේ"මම හිතෙන් ඇහැව්වා.

"ආදරේ කරනවා" හිත කිව්වා...

"පිස්සුද  උඹ බැදපු ගෑණියෙක්,අනික උඹ දන්නවා ඔය කරන්න හදන්නේ වැරදි වැඩක් කියලා" මට හිතුනා...සෙනග වැඩි උන බස් එක අතරින් තෙරපිගෙන අදාල නැවතුමේ බැහැගෙන අඩිය දෙක තියලා, හිත අවුල් කරගෙන වැඩ කරන තැනට පිය මැන්නා පසු පසින් ආව කවි  කටහඩ අවදි කරා

"මැණීකේ"

හිතේ තිබ්බ හැම දෙයක්ම අතු ගාලා දැම්මා වගේ ඒ කටහඩ මගේ හිත මෝහනය කරා,මම ඇවිද ගිය වේගය බාල කරා...

"මොකද" 

"ඇයි දෙයියනේ අහක බලන් යන්නේ"

"හ්ම්ම්ම්ම් .... ඔයාට තේරෙන්න ඕනා මට දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ"

"ඉතින් මැණිකේ ඔයා තීරණේ කරන්න"

කවිගේ වචන මගේ හිත රිද්දෙව්වේ නැත්තේ රන්දික  සල්ලි පස්සේ යන,කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් නිසයි ,ඒත් රන්දික මට  ආදරේ බව මන් දන්නවා...සුරා සුදුවෙන් තොර වෙච්ච දැහැමි ජිවිතයක් ගත කරපු රන්දිකව  අත අරින්න කොහොම නම් හිත හදා ගන්නද?

"මට බෑ,මම රන්දික අත අරින් නෑ එහෙම අත ඇරලා ඔයා ලගට ආවා කියන්නේ,ඔයාව දාලා යන්න උනත් මම දෙපාරක් නොහිතන ගෑනියෙක් වෙයි.තේරුම් ගන්න...එක්කෝ රන්දික මැරෙන්න ඕනා,එක්කෝ මම මැරෙන්න ඕනා එයයි මායි වෙන්වෙන්න නම්...."

ලොකු හුස්මක් පිට කෙරුව කවි මුහුණේ පරාජිත බවක් සනිටුහන් කරමින් ,"ඇයි මැණිකේ, අපිට මෙහෙම උනේ ගිය ආත්මේ මොන පවක් කලාටද"

"මන්දා .......මට පරක්කුයි මම යන්නද?"

"එහෙනම් හා මැණිකේ,මම දවල් වෙලා කෝල් කරන්නද,කියන්නකෝ හාද"

ම්......

මම ඔහුගෙන් සමු ගත්තා....,

                 මන් කැමති ඔයා මට කතා කරලා මන් ගැන හොයනවට ඒත්  ඒක  තවත් අපිව ,අපිට ලන් කරන  දෙයක් මිස සිද්ධවෙන සෙතක් නෑ......මම ඔහුට සමු දුන්නා....ඔහොම නිතර දෙවේලේ අපි කතා කරා....සහැම වෙලාවෙම අත අරින්න කියලා අහක් වෙන්න යද්දි මොකක්දෝ කාන්දම් බලයක් මාව ඒ හිතට ඇදලා බැදලා තියා ගන්නවා...ඒත් හිතට එකඟව .....මේ කරන්නේ  ලොකු වැරැද්දක්......පණටත් වඩා මාව විශ්වාස කරන රන්දික මේවා දැන ගත්තොත් මට මොනා වෙයිද?ඔයා නිසා හැඟිම් එක්ක මම උදේ හවස පොර බදනවා...ඒත් ඔයා තාමත් මට නිශ්චිත උත්තරයක් නැති  ප්‍රශ්ණයක්.........

ඊලග කොටසින් හමු වෙමු

Wednesday, July 16, 2014

57.ෆීනික්ස් කිරිල්ලියගේ අත්තටු -03 අවසාන කොටස



               එකතු කරපු හීන ගොඩෙන් කැඩිලා බිදිලා ගිහින් ඉතුරු උන අන්තීම හීනයත් මගේ ඇස් පනාපිටම කඩා වැටෙන්න අරන් කියලා මට හිතෙනවා.මට තවම හුස්ම වැටෙනවා ඒත් දෙයියනේ,ඉස්පිරිතාලේ ඇදක් උඩ....මම ලොකු හුස්මක් පිට කලා.මේ සේලයින් කටු වල වේදනාව දරා ගන්න පුළුවන් උනත් තව සතියකින් මගේ හීනෙට පියාඹන්න බැරි වේවි කියලා හිතට දැනෙන හැම වෙලාවෙම පපුව පැලෙන්ඩ තරම් වේදනාවක් මුළු ඇගේම දුවනවා. සේලයින් බිංදු වැටෙන සද්දේ ඇහෙන තරමට කණ තියුනු වෙලා....බෙහෙත් ගඳ ඉවසන්න බැරි තරමට නහය නිර්වින්දනය වෙලා....වෙලාවකට හිත පඹ ගාලක වැටුන ගානයි තනියම ඇදේම ඉද්දි හිතන,හිතෙන දේවල් වැඩි...මම හිතේ තියෙන දේවල් ලොකු හුස්ම දෙක තුනකින් එලියට විසි කරත් ඊලග හුස්මෙදි  එ හැම දෙයක්ම හිතට අකාරුණික විදිහට ඇතුල් වෙනවා.වේලාවවත් බලන්න මට හිතුනේ නැති උනත් ලාවට ඉවෙන් වගේ ප්‍රධාන දොර දිහා බැලුනේ තේජා අක්කා එයි කියලා ..ලස්සන සාරියක් ඇදන් පාට වළලු දාලා, නලලේ පොඩි තිලකයක් තියලා කට පුරා ලෙන්ගතු හිනාවක් දරන් තේජා අක්කා මතු උනායින් මට හැම දෙයක්ම අමතක වෙලා ගියා....

"කොහොමද නංගි"

" වෙනසක් නෑ අක්කා,තාම ඔළුව කැක්කුම"

"ම්...ම්.... ඕක අඩු වෙලා යයි නංගි...අපි බලමු හවස් වෙද්දි රිපෝට් ටික ලැබෙයිනේ"

"මන් අද උදේ උයලා ඔයාට බත් එකක් ලෑස්ති කර ගත්තා.ඔයා නැගිටින්න අපි බත් ටිකක් කාලා ඉමු"

තේජා අක්කා මාව වාරු කරලා ඇදේ පත්තට කොට්ටේ තියලා හේත්තු කරා...මට ඇත්තටම දැන්,දැන් ඇගේ පතේ හයියත් අහිමි වේගෙන යන බව නම් දැනුනා.....ඊ ලග මිනිත්තුවේදි තේජා අක්කා වතුර වීදුරුවක් දාලා,ගෙනාපු බත් මුල ලිහලා මට කටින් කට කවන්න ගත්තා.....

"දැන් ඇති අක්කේ,මට කන්න බෑ"

"එහෙම හරි යන්නේ නෑනේ නංගි, තව කටක් කන්න.ඔහොම නොකා කොහොමද ලෙඩ හොද වෙන්නේ"

තේජා අක්කගේ නෝක්කඩු මැද  මම ලග තිබ්බ වතුර විදුරුවෙන් උගුරක් දෙකක් බීලා මම ආයෙත් හාන්සි වුනා......

තේජා ඒ බත් මුලේ ඉතුරු ටික කටට දෙකට කන දිහා මම බලන් මගේ හිතට එබුනා,
    මේ කොහෙවත් නැති මම හින්දා  තේජා අක්කා මහන්සි වෙනවා,රෑට මන් ලග තනි රැකලා උදේ පාන්දරින් බෝඩිමට ගිහින් උයලා ඔෆිස්  ගිහින් දවල්ට මාව බලන්න ඇවිත් ආයේ ඔෆිස් ගිහින් හවසට ගෙදර දුවලා ආයේ ඇදුම් මාරු කරන් මගේ තනියට එන  උඹට මල් තියලා වදින්න හිතෙනවා අක්කේ මගේ එකෙක්වත් මට මෙහෙම  උදව් කරන් නෑ...හිත ඇතුලේ කැකෑරුනු හැමදේ වෙනුවට බත් කාලා අත හෝදන් යන්න ලෑස්ති උන තේජා අක්කට කිය උනේ මෙච්චරයි

"මම උඹට ජාති,ජාතිත් ණයගැති අක්කේ"

"පිස්සි දැන් නිදා ගන්නවා, මම විරාජ් අයියා එක්ක හවසට එන්නම්"

කදුළු පුරෝ ගත්ත  ඇස්  පිල්ලම් නොගහා මම හෙමිට ඔළුව වැනුවා.

තේජා අක්කා නොපෙනි යනකම් බලන් හිටිය මට  ලොකු නින්දකින් ඇහැරෙද්දි හොදටම හවස් වෙලා....

මම මග බලාන උන්නේ මගේ රිපෝට් ටික ලැබෙනකම් ...ඉක්මනින් බොඩිමට ගිහින් ගමනට ඕන කරන ඇදුම් බෑග් ලෑස්ති කර ගන්න..මොහතකින් තේජා අක්කත්,එයා බඳින්න  ඉන්න විරාජ් අයියත් මාව බලන්න ආවා...අපි ඔෆීස් එකේ තොරතුරු කතා කර කර ඉන්න අතර තුර  බලාපොරොත්තු වුන රිපෝට් ටික, දෙවියනේ.....මන් හිතින් බය වුනා හුස්ම හිර වෙන්න වගේ....තේජා, ආව මිසි එක්ක ටිකක් ඈතට ගිහින් කටු කුටුගෑවා...ටිකකින් එතැන්ට ආව තේජා අක්කා, ගොලු වෙලා විරාජ් අයියත් අප්සට් එකේ

"මොකද අක්කේ"

"නෑ නංගි"

"අනේ කියන්නකෝ"

පෙරැත්ත කරලා ,කරලා

තේජා අක්කා ඇදේ කොනක වාඩි වෙලා මගේ අත හයියෙන් අල්ලන් "අනේ නංගි ඒ රිපෝට්  පොසිටිව්"

තේජා ඉකි බිදිද්දි විරජ් අයියා හඩ අවදි කලා

"තේජු  ඔයා අඩන්න ගියාම මේ ළමයගේ හිත හදන්නේ කව්ද?"

තේජා අක්කා යතා තත්වයට පත් වෙමින් ඉන්නවා....ඒ අතර මගේ ඇස් වලින් කදුළු ගැළුවට කෑ ගහලා අඩන්න තරම් මගේ හිත දුර්වල උනේ නෑ......

"තේජු අපි බලමු මේ නංගි වෙනුවෙන් කරන්න පුළුවන් මොනාද කියලා...."

"ම්,.....ම්.,,,, ඔව්"

අපි මොහොතකට නිහඬ උනා

#################################

තේජලා හෙට බණ්ඩාරනායක ගුවන්තොටිපොලෙන් සමු ගන්නවා...මම තනි වෙනවා.....මගේ අන්තීම හිනෙත් හොරු අරන් ගියා වගේ මට නැති උනා එන්න එන්නම සිරුරේ හැඩේ වෙනස් වෙනවා.....ලෝකේ මිනිස්සුන්ට මේ හැමදේම දැන් ගන්න ලැබෙයි....එයාල මට අනුකම්පා කරයි....දෙයියනේ මන් කොහොමද මේ සේරම දරා ගන්නේ....මේ හැම දෙයක්ම ගෙදරට දැනුම් දෙන්න හිතෙනවා ඒත්.......

"නංගි"

කල්පනා සාගරයේ ගිලිලා මැරෙන්න ගිය මාව ඒ හඩ බේර ගත්තා...

"අක්කේ, ඔයා හෙට යනවා නේද ඇයි මේ වෙලාවේ මෙහේ....."

"නෑ නංගි,හැමදේම ලැස්ති ඔයාව බලලා යන්න හිතුවා ඒකයි,අයියයි මායි ආවේ"

"අනේ පිං අක්කෝ"

එහෙම කිව්වට හෙටින් පස්සේ මට මොනා වේවිද කියලා මට හිතා බලන්න ඕන කමක් උනේ නෑ...තේජා අක්කට හදවතින්ම සුබ පැතුවා ...එදා හවස එයා අයියා එක්ක යන්න ගියා.....හෙටින් උදා වෙන දවස ගැන මට දැන් බලාපොරොත්තුවක් නැති තරම්.........

රෑ පුරා රහසින් ඉකිබින්ද මට නින්ද ගියේ පාන්දර ජාමේ....හීනයකින් අම්මවයි,අප්පච්චිවයි දැක්ක මම ඇස් අරින කොටම තේජා අක්කා,මගේ ඇස් අදහා ගන්න බැරි උනා....

"මොකද දෙයියනේ උඹ නොගියේ, මගේ කාලකණ්නිකමට ඔයා පලි නෑ අක්කෝ"

"මට ඊලග අවුරුද්දේ යන්න බැරියෑ,අපි ඒවා පස්සේ කතා කරමු.පොඩ්ඩක් ඉන්නකෝ"

ප්‍රධාන දොරෙන් නික්මුන තේජා අක්කා ආපහු ආවේ කියා ගන්න බැරි සතුටකුයි,දුකකුයි හිතට එකතු කරන ගමන්....

"දෙයියනේ අම්මා"

       අම්මා මාව තුරුල් කරන් අඬනවා.
"සුදු පුතේ මොකද රත්තරනේ උනේ" 
        මට කියන්න දෙයක් තිබුනේ නෑ...අම්මගේ උරහිස උඩින් මම හෙමිහිට ඇස් ඇරලා බැලුවේ අප්පච්චි දිහා...අප්පච්චි මහා දුකක් හිතේ දරන් මන් දිහා බලන් හිටියා මම ඉක්මනින් අම්මගේ උරහිසින් පපුවට පාත් උනා....අම්මා මගේ සේලයින් කටු ගහලා තිබුන  අත හෙමිහිට පිරි මැද්දා....ඒ හදවතේ තිබ්බ වේදනාව මගේ හිතට තදින්ම දැනුනා...අප්පච්චි දොස්තර හමුවෙන්න ගියා...තේජා අක්කයි,අයියයි එතන තිබුන පුටු දෙකේ වාඩි වෙලා හිටියා.....

"සුදු පුතේ මේ තේජා ළමයයි,විරාජ් ළමයයි ඊයේ හවස තමා ගෙදර ආවේ...අද උදේ පාන්දර අපි කොළඹ එන්න පිටත් උනා...මේ ළමයි නොහිටින්න ...මගේ සුදු පුතා හොයා ගන්න වෙන්නේ නෑ මට....අම්ම ආයෙමත් අඬනවා...."

"අඬන්න එපා අම්මා...මම ඉන්නවානේ දැන්....."

ඒ එක්කම අප්පච්චි කලබලෙන් ඇවිත් ඇදේ වාඩි වෙලා ....

"අනේ  නෝනා, කිය කිය අඬන්න ගත්තා"

මට ඒ මොහොතේ මැරුනා නම් කියලා හිතුනා....අප්පච්චිගේ මහාමෙර තරම් ආදරේ මම එදා දැක්කා...

"නෝනා ,අපි අපේ සුදු පුතා කොහොම හරි සනීප කර ගමු"

මම ගොළු උනා..."අප්පච්චි," මට එච්චරයි කියැවුනේ.....

************************

   මම දැන් මහරගම පිළිකා රෝහලේ  කිමෝ තෙරපියා වලින් අතුරු ආබාධ ඇති වෙච්ච රෝගියෙක් ...කොණ්ඩය අහිමි වෙච්ච විරූපි කෙල්ලෙක්....හදවත විතරක් ඔත්පලව වැඩ කරන...ලගදීම සමු ගන්න ලෙඩෙක්.....මගේ අන්තීම කැමැත්ත උනේ තත්පරේකට හරි සුවහස් සර්ව  බලන්න.....අප්පච්චි පොරොන්දු උනා  සුවහස් සර්ව කැන්දම් එන්න.........

       දවසක් උදේ පාන්දර හතර වටේම මහාම මහා මුසල විදිහට කලු කරලා,අකුණු ගහන මොර සුරන වැස්ස...මට දරා ගන්න බැරි සීතලක් දැනුනා මම නැගිටලා බලද්දි තේජා අක්කයි,අම්මයි මගේ අත් දෙක අල්ලගෙන අඬනවා...මේ ටිකේම මේ දෙන්න මම නිදනකන් ඉදලා ඇහැරෙනකොට ඇස් වල කඳුළු පුරෝගෙන.......මන් එයාලට නොතේරෙන්න හෙමිට සීතලේ සෙරප්පු දෙකක්වත් නැතිව කොරිඩෝව දිහාට ඇවිද. ගියා....හිතුනා වැස්සේ තෙමෙන්න.....ලග තිබුන බංකුවක් ලග වාඩි වෙලා ගේට්ටුව දිහා බලන් උන්නා මොකද අප්පච්චි අද සුවහස් සර්ව  කැන්දම් එනවා කිව්ව නිසා......සර් බලපොරොත්තු  උන හීනෙට යන්න බැරි උන එකට සමාව ඉල්ලන්න ඕනා ....මම එහෙම හිතද්දි අන්න සර් පුංචි එකෙක්ව වඩන්,සර්ගේ බිරිද එක්ක එනවා...අප්පච්චි සර් එක්ක මොනවද කියනවා......මම සර්ට ඇහෙන්න කෑ ගැහැව්වා

"සුවහස් සර්"

සර්ට ඇහුන් නෑ....මන් හිතන්නේ මේ වැස්සේ සද්දේ නිසා වෙන්න ඇති....මම කොරිඩෝවදිගේ මගේ ඇද ලගට දුවද්දි....අප්පච්චි,සර් හැමෝම ඇදේ ඉන්න මන් දිහා බලන් අඬනවා...එතකොට ඇදේ ඉන්නෙත් මම නම්, මම කව්ද?

ජීවිතයම සිතින් දරා විදගත්තෙමි
ජීවිතය මෙයමයැයි විශ්වාස කලෙමි
මට මාව අහිමි විමට හේතුව මම'ම නම්
මම කෙලෙස මට කමා කර නික්මෙන්නද?

-නිමි-

_______ශානු______


(ගැෆික් ඩිසයින කෙනෙක් වෙන එක මගේ කාලයකට ඉහත තිබ්බ හීනයක්...වර්තමානයේදි බොඳ වෙච්ච හීනයක්....අනාගතයේදි සැබෑ කර ගන්න වෙර දරන හීනයක්....ඒ හා බැදලා මේ කතාව ලියන් ගියා......බස්සි,සුදු අයියා(ඉවාන්) මාව දිරි ගැන්නුවාට ස්තූතී....) 🐊🐊🐊🐊🐊🐊🐊🐊

Friday, July 11, 2014

56.ෆීනික්ස් කිරිල්ලියගේ අත්තටු -02කොටස


  



          
     ඊයේ හවස් වරුව නොදැනිම මහ රෑ වෙනකම් නින්දක් ගිහින් නැගිට්ට බව මතකයි.ඊට පස්සේ නිදි මතින්ම ඇගපත හෝදන් සාරිය මාරු කරන් ඔහොම්මම ඇදට වැටුනේ කෑම කන්නවත් පිරියක් නොතිබුන නිසා කියලා මන් බස් එකේ වීදුරු අතරින් එලිය බලන් මතක් කරා.......ඒත් හැමදාම උදේන් එන "ගූඩ් මෝනින්" මැසේජ් එකෙන් වයිබ්‍රේට් උන ජංගමය අතින් අරන් බලන අතර තුර 
               සුවහස් සර්.....මම හිතින් මුමුණමින් ලොකු හුස්මක් පිට කරා....

          සුවහස් සර්, මම මේ ලොකේ අප්පච්චිට පස්සේ විශ්වාස කරපු එකම පිරිමි පරාණය....අපි අතර නොගැලපිමකට තිබ්බේ අපේ වයස් පරතරය විතරයි.සර් ලගට මම ගැෆික් ඉගෙන ගන්න යනකොට මන් සා.පෙ. රිසාල්ට් එනකම් හිටියා....සර් හොද ගුරුවරයෙක් මට හැම දේකටම ලෝභ නොවි උදව් කරා .....සර්ගේ ග්‍රැෆික් ක්ලාස් එකේදි  ටිකෙන්,ටික අපිටත් නොදැනිම පටන් ගත්ත අපේ ආදරේ අවුරුදු එකහාමාරක් යද්දි ගෙවල් වලට ආරංචි උනා....ඊට පස්සේ සිද්ධ උනේ මට ගෙදර හිරකාරියෙක් වෙන්න. අප්පච්චිගේ සුපුරුදු වලව් පැලැන්තියේ තාන්නේ මාන්නේ නිසාත් එක හෙලා ප්‍රකාශයට පත් වුන තද බල විරෝදය නිසාත් අපිට වෙන් වෙන්න උනා.විභාගේ ඉවර වෙනකම් හිටිය මම  සුවහස් සර් මන් වෙනුවෙන් දැකපු එකම හීනය මාව හොද ග්‍රැෆික් ඩිසයින කෙනෙක් කරන්න,ඒ හීනය මගේ කරන් ඒ හීනෙට තටු දෙන්න මන් අප්පච්චිට විරුද්ධ වෙලා  කොළඹ ආවා....සර්ට අප්පච්චිගෙන් කරදරයක් වෙයි කියලා ඒ දවස් වලම සර්ගේ අම්මා සර්ගේ ඇවැස්ස නෑනව බදින්න ලෑස්ති කරා....මට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.සර් උනත් මගේ අනාගතය අවුල් කරන්න තරම් තීරණයක් ගත්තේ නෑ....මොකද ඒ වෙනකොට මම ඉස්කෝලේ හිටපු අන්තීම අවුරුද්ද නිසා......අපි එදායින් පස්සේ මුණ ගැහුනෙවත් අද වෙනකම් කෝල් එකකින්වත් කතා කරලවත් නෑ  හැමදාම මැසේජ් එකකින් මන් කියන කරන දේවල් සර්ට දැන්නුවා....සුවහස් සර් මටවත්,මම සර්ටවත්  කවදාවත් මුණ ගැහෙන්න ඕනේ කියලා නෑ....මම සුවහස් සර්ට ආදරෙයි ඒත්  අයිතිකර ගන්න ඕනා කියන අරමුණින් නෙවේ......සුවහස් සර් කාගේ උනත් මන් සර්ට ආදරෙයි හැබැයි මන් කවදාවත් කාගෙවත් නොවි ඉදි......
    ඔළුව උදේ පාන්දර අවුල් කරගෙන එකින් ,එක පෙළ ගැහුන හිතේ තෙරපුණු මේ හැමදේම එක්ක වීදුරුවට වැටුනු වැහි බිංදු අනිතිමෙට මටත් නොදැනීම මගේ ඇස් වලට ඇවිත්,හෙමිහිට කාටත් නොතේරෙන්න දාඩිය මාත්තු කෙරුව ලේන්සුව ඇස් දෙක ලග නතර උනා....

කොන්දොස්තර.......පිටකොටුව,,පිටකොටුව....කියද්දි මම ඉක්මනින්  බස් එකෙන් බැහැගෙන  ලාවට වැටුනු වැහි කුඩු පොදට ඉහල ගත්ත කූඩේ යටින් ඔෆිසියට ඇදුනා..........
                ********************************************************************
කාලය ගෙවිගෙන ......දැනට අවුරුදු දෙකක් ඉවර වෙන්න ලගයි...ගෙදරට එක පයක් ගැහැව්වේ නැති මගේ ජීවිතය....මේ අවුරුදු දෙක ඇතුලතදි සිද්ධ වෙච්ච සුවහස් සර්ගේ විවාහය........ මාව හිතින් ඔත්පල කරාට අපේ හීනේ මගේ කරන් ජීවිතය ගැන සුබවාදිව දකින මම............. කාලය හැදේම වෙනස් කරනවා......මම හිත හදාගෙන ඉවරයි........ඒත් මන් සර්ට ආදරේ කරා.....සර්ගේ විවාහයෙන් පස්සේ මන් සර්ට මැසේජ් කරන එක නවත්තලම දැම්මා ඒත් ඉදලා හිටලා සර් මගෙන් විස්තර අහනවා....මාත් විශේෂ යමක් තිබුනොත් කියනවා ඇරෙන්න සර්ගේ ජීවිතේට කරදරයක් වෙන්න ගියේ නෑ....අහිමි දේවල් කවදාවත් හිමි වෙන්නේ නෑ....හීන ලෝකෙක ඉන්නවට වඩා අමාරුවෙන් හරි යථාර්තයට මුණ දෙන්න හිත හයිය කරගෙන ජීවත් වෙන්න දැන් මම හුරු වෙලා ඉවරයි.....ඒත් ඒ පිරිමි හිතේ උතුම් පැතුමට පණ පොවන්න මම තාමත් කොළඹට සින්නක්කර අයිති වෙලා.කොළඹ පොලොව එක්ක හැප්පිලම මම දැන් කොළඹ ගැන හොද අවබෝධයකින් ජීවත් වෙනවා....
            ජිවිතේ හොදම කොටස වෙච්ච මගේ රස්සාවට මම ගොඩක් ඇලුම් කරා ඒ මං වෙනුවෙන් සුවහස් සර් දැකපු හීනේ සැබෑ කර ගන්න මෙතැනින් පුළුවන් වෙන නිසා.....  ඔෆීස් එක කියන්නේ බෝඩිමට වඩා නම් හාත්පසින් වෙනස් තැනක්....හුදකලාව කියන වචනෙට අරුතක් නැති තරම්,අපි වැඩ කරේ තරගෙට ප්‍රොජෙක්ට් වලට ඩිසයින් කලේ  හැමෝගෙම අදහස් එක්ක ...... එතන වෙනම පවුලක හැගිමක් තිබුනා......"බෝඩිමට වඩා මන් ඔෆීසියට ඇලුම් කරා....අපේ බොස් උනත් අපේ ගෘප් එක ගැන සැහෙන පැහැදීමකින් හිටියේ......අපේ වැඩ අපි පිලිවෙලට කරගෙන ගියා.....අවුරුද්දේ මුල කැලන්ඩස් වලට ඕඩර් එද්දි අපිට  පින්තූරු  හොයා ගන්න අපිම කැමරා ලෑස්ති කරගෙන  එක එක පලාත්වල ඇවිද්දා....අපේ මහන්සිය නිසාම වෙන්න ඕනා අපේ ගෘප් එකේ 5දෙනෙක්ට ස්කොලෂිප් එකක් ලැබුනා අවුරුද්දකට ඩුබායි යන්න...ඒ 5 දෙනා අතර  මාත් ඉන්න බව දැනුනම නම් හිතට ආවේ ආඩම්බරයක්......මගේ හීනයේ පලමු පියවර තියන්න ලැබුන අවස්ථාවක්..ඔව්.....  එකටම කිව්වේ මගේ දක්ෂකමට සහතිකයක් හදවතින්ම දුන්න සුවහස් සර්ට,ඊට පස්සේ අම්මට.....ඒ මගේ හිත මේ අවුරුදු ගානටම සතුටින් ඉපිල ගිය පලවෙනි අවස්ථාව වුනා......මම ගොඩක් සතුටු උන කාලයක්......
      
             ***************************************************
බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් සමු ගන්න දවස් ලන් වෙද්දි අපිට කරන්න වැඩ ගොඩ ගැහිලා තිබුනා,සමහර දවස් වලට පැය ගණන් කොම්පියුටර් එක ලග,ඔහොම ගෙවුන දවස් සති එමටයි වැඩ වැඩි උනාම නිතර හැදෙන ඔළුව කැක්කුම,දවසක් වෙනදට වැඩියේ දැනුනා මට ඉවසන්න බැරි තැන වැඩ පටන් ගන්න කලින් හැන්ඩ් බෑග් එකෙන් ගත්ත පැනඩෝල් දෙකත් අරන් වතුර බොන්න ගත්ත මතකයක් විතරයි ........මම ඇස් අරිද්දි සීලින් ෆෑන් එකක් බොහොම අමාරුවට කැරකෙනවා දැක්කා.....මගේ ගෘප් එකේ කට්ටිය මම හිටපු ඇද  වට කරගෙන....... 

කවුද,මන්දා කිව්වා මිනුකිට සිහිය ඇවිත් ඩොක්ටට කතා කරමු කියලා

මන් ටිකක් අමාරුවෙන් උගුර පාදන් කටහඩ බර කරලා ලග හිටිය  රවිදු මල්ලිගෙන් ඇහැව්ව
   
"රවි මොකෝ උනේ" 

   " ආ නෑ අක්කේ එහෙම ලොකු දෙයක් නෑ ඔයාට පොඩි කලන්තයක් හැදුනා අපි කට්ටිය බය වෙලා මේ හොස්පිටල් එකට අරන් ආවා...ඩොක්ටර් කිව්වේ ඔයාට හවස යන්න පුලුවන් කියලා....

අමරුවෙන් හුස්ම ගත්ත මම ඔක්කොම මුනවල් අතර හෙව්වේ තේජා අක්කව... තේජා කියන්නේ අපේ ගෘප් එකේ හිටිය එකම දෙමළ කෙල්ල ඒ වගේම මගේ ජිවිතේ මුල අග දන්න එකම යාළුවා...ඉතින් එහෙව් එකේ ඒකී කවදාවත් නැතුව මට මුණ හන්ගනවා......

තේජා මොකෝ මේ....ඒ තේජාගේ ඇස්වල හන්ගන්න හදපු කදුලු නිසාම මට අහන්න සිද්ද උන දේ?

මුකුත් නෑ නංගි...ඔයා අම්මා,තාත්තා නැති පුංචි කෙල්ල  මට දුක තමා හිතුනා

තේජා අක්කේ ,ඔයාල ඉන්නේ මට.... එහෙම කියලා මම හිත හයිය කර ගත්තේ ගෙදර අමතක උන නිසාම නෙවේ මගේ හිතට හයියක් ගන්න ඕන නිසා..

එකා දෙන්නා යන්න ගියායින් තේජා අක්කා මගේ අතින් අල්ලලා ලොකු හුස්මක් ඉහලට ඇදලා ..."එහෙම නෙවේ නංගි තරහා මරහා අමතක කරලා ගෙදර යන්ද..? මාත් එන්නම්......

              ඒ අතර තුර එතැනට ආව නර්ස් කෙනෙක් විදපු බෙහෙතට මගේ ඇස් පියෙවෙනවාත් එක්කම මම අතේ අලවල තිබ්බ ප්ලාස්ටරේ අතරින් ආව සේලයින් කටුවේ වේදනාවට අත දිහා බලාන ටිකක් ඉහලින් තිබ්බ සේලයින් බෝතලෙන් වැටෙන සේලයින් බිංදු දිහා බලන් මේ මොකෝ වෙන්නේ කියලා හිතුවා ...තේජා අක්කා කියන්නේ ආවට ගියාට දෙයක් කියන කෙනෙක් නෙවේ.....ඒත් මේ සිද්ධ වෙන්නේ මොකක්ද? මට තවමත් ගැටළුවක්.....උත්තර නැති ප්‍රශ්ණයක්......මගේ තෙහෙට්ටු ඇස් හීන් සිරුවට අඩවන් උනා...

ඊලග කොටසින් 
හමුවෙමු

Tuesday, July 8, 2014

55.ෆීනික්ස් කිරිල්ලියගේ අත්තටු -01 කොටස



      දවල් හීනියට තිබුන ඔළුව කැක්කුම වැඩ ඇරිලා බෝඩිමට එද්දි ටික ,ටික වැඩි උනා මම හිතුවේ සමහර විට දවස පුරාම කොම්පියුටර් එකත් එක්ක ඉන්න නිසා වෙන්න ඇති කියලා... ඒත් හිතේ තිබ්බ ගින්දර ටික ටික පත්තු වෙවි ඔළුවත් ගිනි ගන්න හදන බව මට ඉවෙන් වගේ දැනුනා. බස් වල එල්ලිගෙන ගිහින් තවත් විදවනවට වඩා ටවුමෙන් ත්‍රිවිල් එකක් අරන්  බෝඩිමේ ගෙට්ටුව ලගින් බැහැ ගත්තට මට ඇගට හරි අමාරුවක් දැනුනා...ඔහොම්ම ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම බෝඩිමේ බ්‍රිජට් ඇන්ටි දත් 32ක එලියට දාලා හිනා වෙලා...

"ආ ඔය ළමයා වේලාසන මොකද?"

"ආ... ඔව් ඇන්ටි අද මට ටිකක් ඇගට හරි නෑ වගේ" මම හැන්ඩ් බෑගයට අත දාමින් කාමරේ යතුර හෙව්වා....මේ වාතේ තව මාව කතාවට අල්ල ගත්තොත් ලෙඩේ එක ,දෙක වන බව දැනුන නිසා මට උවමනා උනේ ඇන්ටිගේ  බෙලෙක් හඩෙන් ගැලවිලා මගේ සුපුරුදු හුදකලා කාමරයේ තනි වෙන්න...මම තොල්පට හපාගෙන කාමරේ දොර අරිනවා සමගම ,ඇන්ටි

"එහෙනම් ලමයා ඔයා රෙස්ට් කරන්න ,මේ දවස් වල ඩෙංගු හැම තැනම..."

මම සුපුරුදු හිනාවෙන් 
"එහෙනම් ඇන්ටි මන් යනවා ටිකක් රෙස්ට් කරන්න "


ඔය විදිහට ඇන්ටිගෙන් ගැලවිලා කාමරේ අගුලු දාගෙන මම සාරිය පිටින් ඇදට වැටුනේ මේස ලාච්චුවේ තිබ්බ පැනඩෝල් දෙකක්...ප්ලාස්ටික් කොකාකෝලා බෝතලයට පුරවලා තිබුන වතුර  ටිකක්  එක්කම බීලා.........ඇස් දෙක තද කරන් වහන් මට බලෙන් ලබා ගන්න ඕන උන නින්ද වෙනුවට මට මතක් උනේ අම්මව,අනේ අද අම්මා මා ලග හිටිය නම්.... පොල් තෙල් ටිකක් දාලා නින්ද යනකම් ඔළුව අත ගාන්න ගියා.ඒත් දැන් පරක්කු වැඩි මගේ හිතුවක්කාර කමට මහා ලොකු ග්‍රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න මේ ගෙන්දගම් පොළොවට පය තියලා ඉවරනේ.ගෙදරින් එලියට බහිද්දිම අප්පච්චි කිව්ව

   "හිතුවක්කාරියන්ට ගෙදර දොර වැහිලා "කියලා....
   
        ඒත් අම්මව මතක් වෙද්දි ..... ආයේ ගෙදර යන්න හිතුනත් මම ආව හීනේ හැබෑ කරගෙන මිසක් මන් මේ ගෙන්දගම් පොළොවෙන් එක අඩියක් හොල්ලන්නෑ එක්කෝ මම මගේ ඉලක්කෙට යයි,එහෙම නැත්තම් මේ  කොළඹ පොළොව එක්ක පොර බදලම මැරිලා යයි....හ්ම්ම්ම්ම්ම්ම්ම් ලොකු හුස්මක් පිට කරලා..ෆෝන් එක අතට ගත්තේ අම්මගේ කට හඩ අහන්න හිතේ මහා ලොකු කැමත්තක් තිබුන නිසා ඒත් අප්පච්චි ගත්තොත් කියලා හිතේ බයකුත් තිබුනා.....කොළඹට පය තිබ්බට පස්සේ අම්මගේ කටහඩ මේ මාස 5 ටම ඇහැව්වේ දෙපාරයි....
   හිත හයිය කරන් ඕන දෙයක් වෙන්න කියලා..ගෙදර නම්බරේට කෝල් කරා මගේ හිත ගැහෙන සද්දේ කාමරය පුරා දෝංකාර දෙනවා...නොනැවති නාද වෙන දුරකතනය නතර උනා .....

    "  හෙලෝ "
   දෙයියනේ ඒ අම්මා,මම කතා කර ගන්න බැරිව ගොළු උනා. මන් මහා හුස්මක් රිසිවරයට නොදැනි පිට කලා....

"සුදු පුතේ ඇයි කතා නොකර ඉන්නේ ,මගේ පුතාට කරදරයක් නෑනේ"

ඔය ඉතින් අම්මගේ ආදරේ තරම මගේ හුස්මකටත් සංවේදි වෙන මගේ අම්මා....මගේ හිතේ විදුලි වේගෙකින් දිව්ව ඒ සිතුවිල්ලත් එක්කම....මම ,

"අම්මා" .....

"ඇයි මගේ පුතේ අඩන්නේ..." ඒ අම්මා,ඉකි නොගැහැව්වට මටත් නොදැනිම කම්මුල් දිගේ රූටාගෙන ඇවිත් වැටුනු මගේ කදුළුත් අම්මට දැනිලා...

හ්ම්ම්ම්ම්
  "මොකුත් නෑ අම්මා මේ පොඩි හිසේ කැක්කුමක්,"
   
   "අම්මා අප්පච්චි??? "
             
        මට උවමනා උනේ අප්පච්චි ගෙදර කොහේ හරි ඉදන් ඇවිත් අම්මට දෙස්දෙවුල් තියන්න කලින් අප්පච්චි ඉන්න ඉසව්ව දැන ගන්න.

"අප්පච්චි නෑ ලගකට  ගියා ,මගේ පුතාට ඔහේ කරදර නම් ආයේ ගෙදර එන්න මන් අප්පච්චි එක්ක කතා කරන්නම්"

මම හිත තද කරන් කිව්වේ "නෑ අම්මේ මම ආව වැඩේ ඉවර වෙනකම් ආයේ  ගෙදර එන්නේ නෑ" කියලා.

"අනේ පුතේ මට ඔයාව නැති වෙයි කියලා  බයයි"

    මගේ හිතට තව දුරටත්  අම්මගේ හුල්ලන ආදරේ ඉස්සරහ කඩා වැටෙන්න දෙන්න බැරි නිසා....දිගු කතා බහකට පස්සේ විසන්ධි වෙච්ච  මොබයිලයේ පින්තූරු පිරික්සා ඒ අතර රැදුනු පින්තූරයක් පපුවට තුරුළු කරන් තනි වෙච්ච මගේ හිත හේදිලා යනකම් ඔහේ කඩාගෙන වැටුනු කදුලු වල බර කොට්ටයට දිලා එදා හවස් වරුවම ගෙව්වා.......
                       
හමුවෙමු 
 ඊලග කොටසින්.-----------

Friday, July 4, 2014

54.මට මාව අහිමි වීමට පෙර ලියා තබමි.....


                   
       විදෙව්ව තරමටම වින්ද ජීවිතෙන් මම හෙම්බත් වෙලා...ආදරෙයි කියලා හිතපු ගොඩක් දේවල් නැති වේගෙන යන්න පටන් අරන් ....හැමදෙයක්ම අවසානයි කියලා හිතෙනවා...මේ හදවත බොල් උනේ අද ඊයෙක නොවුනත් ඒ බොල් හිත ඇතුලේ මැරෙන උපදින හැගීම් දැනිම් එක්ක මන් විදවනවා.....අයිති නැති ගොඩක් දේවල් ලග මන් අසරණ වෙනවා....අත ඇර ගන්න බැරි මහා ගොඩක් දේවල් ලග මන් නතර වෙලා ජීවිතය හොයනවා........දකින දකින උන්ට දිය ඇල්ලක් වගේ ලස්සනට පෙනෙන ,මගේ ජීවිතය ගල් පර වල හැප්පි ,හැප්පි යන ගගක් වගේ කියලා කොහොම කියන්නද?තේරුම් ගන්න කාටත් බැරි උන ජීවිතේ ලග,කිසිම වැඩකට නැති බොල් හදවත ලග මන් අසරණ වෙලා...කාගෙන්වත් පිහිටක් බලාපොරොත්තු නොවෙන තරමටම හුදකලා වෙන්න හිතිලා.....අදුරට ආදරේ කරන්න පටන් අරන්,,,,,ගුප්ත වෙන්න අරන් ....ඊයේ වෙනකම් හොදට තිබ්බ ජිවිතය....මහා මීදුමකින් වැහිච්ච කෑලයක් වගේ අපිලිවෙල වෙලා,අපැහැදිලි වෙලා......මටත් නොදැනිම කෑමක්,බීමක් නැතිව සිරුරේ හැඩය පවා වෙනස් වීගෙන එනවා.....පෙණැහළු වලට හුස්ම අදින එකත් මට දැන් මහා වදයක් වෙලා...මම මහා වැරදිකාරයෙක් වගේ අනුන්ගෙන් අහන ඇනුම් පද වලට හිත ගොළු වෙලා...කියන්නවත් ,තව අහන්නවත් කිසිම දෙයක් ඉතුරු නෑ කියලා හිතෙන තරමට හිත පෑරිලා...මටත් මේ සෘතුව ඉවර වෙනකම් වලහෙක් වගේ ගුහාවකට ගිහින් ලොකු නින්දකට වැටිලා එන්න තිබුනා නම් කියලා හිතෙන තරමට අසරණ වෙලා.....ඉරක් යට ගිනි ගහන අව්වක වලාකුළකින් පවා හෙවනක් බලාපොරොත්තු වෙන්න තරම් කාන්තාරෙක එහෙට මෙහෙට පැද්දෙන මේ හිත අසරණ වෙලා.....මේ හැමදේම ගෑණු වෙච්ච අපිට උරුම දේවල්ද කියලා වෙලාවකට හිතෙනවා.....
              ඇග ඇතුලේ ඉන්න මොකෙක්දෝ එකෙක් කෑ ගහලා කියනවා මැරියන් ඒක තමා එකම විසදුම කියලා...ඒත් මන් තාම ජීවත් වෙන එක පුංචි ලස්සන හීනයක්  තියෙනවා..ඒ හීනේ වෙනුවෙන් මම ජීවත් වෙන්න වෙර දරනවා...මගේ හිත රිජිෆෝම්වත් ,ප්ලාස්ටික්වත් නෙවේ... මමත්  උඹලා වගේම ලේ නහර තියෙන,දමනි,ශිරා තියෙන රිද්මයට ගැහෙන හදවතක් තියෙන හැගීම් දැනිම් තියෙන එකියක් බව උඹලා තේරුම් ගත්තා නම්.......
                     මේ ආත්මය ඔය ශරිරය අත අරින් නැති වෙන්න ගියා...............

____ශානු_____