Wednesday, August 13, 2014

64.හිතුවක්කාර හීන-[ අහස් යාත්‍රාව] -1


            යාන්තමට ජීවිතේ බර දැනෙද්දි සල්ලි කොළ වල සුවඳ නිරායාසයෙන් දැනුන මම  ජිවිතේ පලවෙනි අඩිය ඉස්සරහට තියන්නට වුයේ හන්දියේ සිල්ලර කඩයක් දැමිමට ගත් උත්සහයෙනි.ඒ උත්සහය සාර්ථක වීමත් සමගම.ජිවිතේ නීරසම කාලය උදා වු නමුත් අත මිට සරු වන්නටද විය.පාන්දරින් කඩේ ඇරීම බඩු මිලදී ගැනිම,විකිණීම, මුදල් බැංකු ගත කිරිම,අඩුපාඩු සොයා බැලීම,ගණන් හිලව් සෑදීම, රෑ ජාමේ කඩේ වැසීම,අවුරුද්දකට වැඩි කාලයක් එකම ලෙස ලාභ පාඩු මැද ගෙවි ගිය ජීවිතයේ කොතැන හෝ වෙනසක් සිදු විය යුතු යැයි මට සිතුනී.ඉක්මනින් සැහැල්ලුවෙන් මුදල් සෙවීමේ මාර්ගයක් ගැන මා සිත තුල අන් අය මෙන් ඉපදුනේ  අහිංසක පැතුමකි.නමුත් එය කෙසේ කොතැනින් පටන් ගන්නද මට සිතා ගත නොහැකි විය .සිල්ලර කඩේ තුල හිර වෙච්ච ඒකාකාරි ජිවිතයට තිත තබා මා විසින් වෙනත් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කලේ මට වයස 21දීය. ලිය කියවිලි වල රැකියාවක් කිරිමට ඔපීසියක රැකියාවකට යෑමට මා තුල නොවු සුදුසුකම් නිසා මා විසින් කිහිප විටක් ගමේ පාලිත තීන්ත බාස් සමග  ගෙවල් පින්තාරුව සදහා ගියද ඔහු විසින්  ශ්‍රමය සුරා කෑම හා පඩි නොගෙවීම හේතුවෙන් මා විසින් ගෙදරට වී අම්මා තම්බා දෙන දෙයක් කා හවසට කොල්ලන් හා පිට්ටනියට ගොස් සෙල්ලම් කර ගෙදර එන්නට කාලයක් පුරුදු වුනී.

                  මාස ගානක් රස්සාවල් සෙව්වද කිසිවක් නොලැබුන මට දිනක් තාත්තා විසින්  ඔහුගේ  දන්නා හදුනන මහත්තයෙකු හදුන්වා  දුන්නේ  ඉස්සෝ වළක වැඩ බැලිමට කැමැත්ත මා විසින් විමසමින්ය.හතේ හත වැදී එම්ටි පොකට් වී සිටි මට එය හතර මහා නිධානය පහල උනා වැනි රැකියාවක් විය.නැවතත් දින ,සති  ,මාස ඉස්සෝ වළේ ජීවිතයට යටවී ගිය නමුදු  මෙය සිල්ලර කඩේ මෙන් එපා නොවුනු රස්සාවක් වුයේ  විවිධ පලාත් වලින් පැමිණි උන් මා යටතේ වැඩ කෙරු නිසාත් හිතු සැනින් ගෙදර යෑමට,ගමන් බිමන් යෑමටත් තිබු නිදහස නිසා වෙන්න ඇතැයි මට අදටත් සිතෙනු ඇත. ඉස්සෝ වළේ රස්සාව ඉතා වගකීමෙන් කල යුතු එකක් විය....අලුතින් ඉස්සන් දැමිම,වතුර නිසි වෙලාවට කලාවට මාරු කිරිම,ඉස්සන් සදහා කෑම දැමීම ඉස්සෝ වළේ බැම්මේ රෑ ජාමෙට ටෝච් එළිය ගසාගෙන රවුමක් යෑම මා වැනි කොල්ලෙකුගේ  නිර්භිතකම හා වගකීම හෙළි වන්නක් යැයි විටක මට සිතුනි.එම හැඟීම ගැටවර සිතේ ඇති වු පිස්සු හැඟුමක් බව අදටත් මතක් කරනුයේ මුව කොණක ඇඳි සිනහවකින් යුතුවය.ඉස්සෝ වළ දකුණුපසින් තිබු ගග නිසාම කබරයින්ගෙන් හා තලගොයින්ගෙන් ඉස්සෝ පරිස්සම් කිරිම ඉතා වගකීමෙන් කල යුතු දෙයක් විය.බැරි වෙලාවත් වැඩ කරන්නන්ගේ ඇස් වසා ඉස්සෝ වළට පනින කබරයෙක් හෝ තලගොයෙක් නැවත ගොඩට එනුයේ ඉස්සෝ අස් වැන්නට ලෙසටම වින කර යැයි අපි දැන සිටියෙමු.ඒ නිසාම ඉස්සෝ වළ වටා වැටක් මෙන් අඩි 3 ක පමණ දැල් ඇදිම මගේ අදහසක් බවත් එය  ක්‍රියාත්මක කිරිමෙන්  පසු තලගොයින්,කබර පැටව් කීයක් නම් මිය පරලොව යන්නට ඇද්දැකි අදටත් කිව නොහැක.

                            කාලය ගෙවි යත්ම ඉස්සෝ වළේ රැකියාවෙන්ද මා සිත මෙන්ම කයද විඩා බර විය.යාළුවන් අතර ගැවසෙන විට කනෙන් කොනින් ඇසුනු ඉතාලි යෑමේ පිස්සුව 2005 වසර වන විට මගේ ඔළුවට වැටුනී.ඉතාලිය යනු ඩිස්නි ලන්තය වැනි සිහින ලෝකයක් යැයි මා සිතින් මවා සිටියේය. ඒ ඉතාලි සිට ආ ඉතාලි ගයාන් යෑයි එවකට අපේ ගැන්සියේ ප්‍රසිද්ධව සිටි ගයානයා අපි තුල මැවු සිහින ආකරය නිසාය. ගයානයා විසින් ලංකාවේ සිටි මාසයට  හොද හෝටල් වලින් කෑමට බිමට අපව දහා දොලොස් වතාවක් කැන්දම් යන අතර ඌ හැම විටම  ගෙවිම් කරන ලද්දේ දාහේ නෝට්ටු වලින්ය. එමෙන්ම වේටර් කොලුවාට රුපියල් 500 නෝට්ටුවක් අනිවාය. ඒ දවස් වල අපේ පොකට් මනි වත් රුපියල් දෙතුන් සියයකට වඩා නොතිබුනි.අපේ ගැන්සිය ගයානයා ඇදැහුයේ දෙයියන් මෙන්ය.ඉබේම අපි ගයානයාගේ ෆයිලට්ලා විය. කෙසේ නමුත් සැප පහසු ජීවිතයක් සොයා යෑමට මගේ සිතේ ඇතිවු මේ ඉතාලි ගමන නිසා  බෝට්ටුවක හෝ එල්ලි ඉතාලි බලා යෑමට තරම් හිත දැඩි කර ගනු ලැබුවේ තව දුරටත් ලංකාවේ ඉදිමෙන් අනාගතය නිසි ලෙස සරු කර ගැනීමට නොහැකි බව රට යන අත සමග ඉවෙන් මෙන් තේරුම්  ගිය නිසාය.නමුත් බෝට්ටුවක ඉතාලියට යෑම සදහා අම්මාත්,තාත්තාත් දැඩි ලෙස විරුද්ධ විය. එයට හේතු වුයේ බෝට්ටු වල යන මිනිස්සුන්ට අතර මගදී සිදු වන අපහසුතා,මිය යෑම්,හා අතුරුදහන් වීම එවකට සෑම දිනකම පාහේ පුවත්පත් වල සදහන් වී තිබු නිසාය. එබැවින් හෙල්මට් ක්‍රමයට හෝ ජමනීය හරහා හෝ ඉතියෝපියාව හරහා හෝ ඉතාලියට ගොඩ වීමට විශ්වාසදායක තැනක් සෙවිමට මා මෙන්ම මට හිතවත් ඉතාලි යාලු මිත්‍රයෝද වෙහෙසුනෝය. අවසානයේදී ඒ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් ලක්ෂ දෙකක් වැනි මුල් ගෙවිමකින් ඉතාලිය බලා ඒමට හෙල්මට් ක්‍රමය ආධාරයෙන් අවස්ථාවක් හිමි කර ගැනීමට තරම් මාගේ දෛවය මට කාරුණික විය.

                   මා විසින් ඉස්සෝ වළේ රස්සාවටද තිත තබා මාසයක් මහන්සි වී සියළු කටයුතු සාර්ථකව නිම කල පසු උදා වු සුබ මොහොතින්  බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන්  කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉතාලි බලා පිටත් විමේ දිනයට ලගා විය.මා සමග කණ්ඩායමක්ම හෙල්මට් ක්‍රමයට ඉතාලි යෑමට  සෙට් වු තවත් දහ  දෙනෙක් පමණ සිටියෝය.සියලු ආරක්ෂක තිත්පොළවල් ලබා දී තිබු පගා වල බල මහිමයෙන් කටාර් ගුවන් යානයට පය තබන්නට හැකි විය. පැය 5කට ආසන්න  කාලයක් උඩු ගුවනේ සිටි අපි කටාර් හී දෝහා ගුවන් තොටුපොලට ගොඩ බැස ඊ ලග ආරක්ෂක තිත්පොළ පැනිමට ලක ලෑස්ති විය.අපි සමග ආ දෙතුන් දෙනෙකු  අදාල ආරක්ෂක කවුළුව පහු කිරීමෙන් පසු පැමිණියේ මගේ වාරයය.දිග හුස්මක්  මුදා හැර පාස් පොත හා බෝඩින් කාඩය කවුන්ටරේ වෙත දෙන  ලදී....පාස්පොත උනන්දුවෙන් කිහිප විටක්  පරික්ෂා කෙරු පරික්ෂකවරිය මගේ මුහුණ හා පාස් පෝතේ මුහුණ සසදනු මට දැනුනද මා විසින් අහිංසක බැල්මක් ඈ වෙත හෙළන ලදි...ඊලග මිනිත්තුවේදි ඈ විසින් මගෙන් යමක් විමසු කල උත්තර බැදීමට නොහැකී වු තැන ඈ විසින් ගත් ඇමතුමකට එතැනට පැමිණියේ ලංකාවේ පොරක් හා පොලිසියේයැයි කිව හැකි ඇදුමකින් සැරසී සිටි පුද්ගලයෙකි.පාස්පොත  එහාට මෙහාට කර බැලු ලංකාවේ පොර කුප්ප බැල්මක් දමා


         "මොනාද අයිසේ තමුසෙලා කරන වැඩ.....බලනවා තමුසෙලා හොර කරලා රට යන්න දගලන දැගලිල්ල නිසා අපිට මේ රට වල ඔලුව උස්සන් වැඩ කර ගන්න බැරි හැටි,හිගා කනවලාකෝ මේ හොර වැඩ නොකර"
   
 "රස්සාවක් කරලත් ලංකාවේ මිනිස්සු හිගානොකා හිගා කන බව නොදන්න ගොබ්බයා,අම්මාපා මූ ලංකාවේ හිටියා නම් මුගේ හක්කේ දත් මෙන්ම  කෘන්තක දත්ද සොයා ගැලවීම මට එතරම් ගේමක් නොවේ යැයි සිතින් සිතුවද ,වරද මගේ වු බැවින් නිහඬව සිටි තැන ගල් ගැසුනි.අදාල ලාංකීය පොර  දිගට හරහට  දෙසන කල,මට සිතුනේ වැඩේ දෙල් දොදොල් වි යන හැඩය,හදවත උපරිමේට ගැහෙනුයේ මී ලගට කුමක් සිදුවේද යන්න ඉවෙන්වත් සිතිය නොහැකි වු නිසාය.

        ලාංකීක පොර සමග පැමිණි අනිත් පොලිසියේයැයි කිව හැකි කටාර් නිලධාරියා සමග මා පසක හිටවා ඊ ලගට අපේ කණ්ඩායමේ සිටි අනිත් උන් එක එකා  මා සිටි තැනට එවන්නට විය ,දැන් කුමක් වේද ? කටාර් හිරේ ලගින්නට සිදු වුවහොත් තම්බින්ගේ හිරි හැර වලට ලක් වන්නට සිදුවේ යැයි විටක මට සිතුනි,ගේ උකස් කර ගත් ලක්ෂ දෙක එහෙම් පිටින්ම වතුරේ ගිය බව නම් වතුර මෙන් දැන් පැහැදිලිය.අම්මාටත් තාත්තාටත් මේ දේවල් දැනුම් දීමට ක්‍රමයක් ඇත් නම්  යෙහෙකී යැයි මට සිතුනී...කාත් කවුරුවත් නොදන්න රටක පොලිසියකට අසුවී,හිර බත් කෑමට දැන් කෙසේ හෝ සිත සදා ගත යුතු යැයිද මට සිතුනි.කොපමණ අවුල් වුවත් ජීවිතේට මුහුණ දිය යුතු ශක්තිය තවමත් මා තුලින් බිඳි ගොස් නොමැත.දෛවය ගෙනා දුර මෙය නම්  "නියග කාලයක් වගේම වැසි වැටි ඵල දරණ කාලයක්ද "එන බව විටක් අම්මා කියු බව සිහිපත් වුනී...එසේනම් නියගයට මා සුදානම්ය......

-මතුසබැඳි-

Saturday, August 9, 2014

63.ලතින් භාෂාවෙන් දෙවන පිරිහීම හෙවත් පොම්පේ නගරය


           මේ දවස් ටිකේම වැඩ කරන තැනින් මුහුදු ඇවිත් ඉන්න නිසා දවල් කාලෙදි වැඩ තිබුනත් රෑට එහෙමට කරන්න වැඩක් නෑ හැබැයි ඉතින් මම පාවිච්චි කරන දුරකථන සම්බන්දතාවයට  සිග්නලුත් නෑ.ෆේස්බුක් ,වයිබර් නැති නිසා  රෑට කරන්නේ හිතෙන දෙයක් ලියලා notes  වල සේව් කරලා සිග්නල් ලැබුන ගමන් බ්ලොගි ගත කරන එක.....ඉතින් මන් හිතුවා මාස දෙකකට කලින් ගිය පොම්පේ නගර සංචාරේ ගැන බාගෙට ලියපු ලිපියක් සම්පුර්ණ කරලා ඔයාල එක්ක බෙදා ගන්න.

       පොම්පේ කියද්දි හුළන් පොම්පේ මතක් වෙනවා නේද?;)
              පොම්පේ කියන්නේ නගරයක්. පොම්පේ කියන නම ගත්තොත් ලතින් භාෂාවෙන් හඳුන්වන ආකාරයට  "දෙවන පිරිහීම" යි.Thoedor Kraus  ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට අදාල වෙන්නේ  ඔස්කන්(oscan) භාෂාවට අනුව පහ(5) යන ඉලක්කම හදුන්වන වචනයයි. 

        පොම්පේ නගරය නාපෝලියට නුදුරින් පිහිටි කම්පානියා(campania) ප්‍රදේශයේ ලෝ දිය ගැල්මකින් වැලලී ගිය කොටසක් විදිහට හදුන්වන්න පුළුවන්.ඒ වගේම වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ 4mත් 6mත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලීලා විනාශ වෙලා තිඹිලා තියෙනවා ඒ ක්‍රි.ව. 79යේ  අගෝස්තු මසක 24 වන දිනකදී. පොම්පේ නගරය වසර 1700කටත් වඩා වැඩි කාලයක් මිනිස් ඇසෙන් වහන්ව පොළොවට වැලලිලා නැති වෙලා තමා තිබිලා තියෙන්නේ.1748 පටන් ගත් කැනීම් වලින් නැවත පොම්පේ නගරය මතු කර ගන්න සමත් වෙලා තියෙනවා. ඒ කැනිම් වලින් පස්සේ පොම්පේ නගරය ගැන ඉතාමත් විශේෂවුත් වැදගත් වුත් තොරතුරු රාශියක් හෙළි වෙන්න පටන් ගන්නවා.

         භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය පිහිටලා තියෙන්නේ  ඛණ්ඩාංක 40° 45°ණ් 14°29'10°E ලෙසයි.  වෙසුවියස් ගිනිකන්දේ ඉදලා  8kmක් දුරින් තමා පොම්පේ නගරය පිහිටලා තියෙන්නේ. පොම්පේ නගරය කම්පානියා නම් කලාපයේ අක්කර 163ක විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා. 

           ක්‍රි.ව. 1වන සියවස වන විට  වෙසුවියස් කන්ද අසළ පිහිටි තවත් එක් විශාල නගරයක් විදිහට මේ පොම්පේ නගරය හදුන්වලා තියෙනවා. මෙම කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් වෙනවා. අවාසනාවන්ත ලෙස ක්‍රි.ව. 79දී වු පිපිරීමට මේ හැමෝටම පාහේ  මුහුණ දිලා තියෙනවා.  වෙසුවියස් වෙතින් ගලපු  ලෝ දිය ගඟ 10kmක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ෂාකාරීව හිටිය මිනිසුන්ගේ පවා ජිවිත අහිමි වෙලා තියෙනවා. 2010 අවුරුද්දෙදි කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°C යටතේ වෙසුවියස් කන්ද පිපිරීමට  ලක් වුන නිසා ජීවිත බොහෝමයක් බිලිවුන බවයි.

        මේ අතර පොම්පේ නගරය වසර 250කට අධික කාලයේ පටන් ඉතාලියට පැමිණෙන විදේශිකයන් අතර ජනප්‍රිය වු ප්‍රදේශයෙකි. වසරකට මිලියන2.6ක විදේශිකයන් මෙය නැරඹීමට පැමිනේ. මෙය ඉතාලියේ දැනට පවතින අති විශාලතම සංචාරක කලාපය ලෙස නම් කරලා තියෙනවා. මෙහි විශාල කොටසක් වන Vesuvius National Park, UNESCO සංවිධානය විසින් World Heritage Sit එකක් ලෙස 1977දි ප්‍රකාශයට පත් කරනවා.

රයිට් විකීපීඩියා එකේ තියෙන්නේ ඔහොම විස්තරයක්......

         පොම්පේ නගරය එක්ක වෙලි තියෙන මිථයා කතා එකතුවක් තියෙනවා...ඔය ඉදලා හිටලා මන් බලා ගන්න ආච්චි එක්ක කතා බහකට වැටුනම තමා මේ දේවල් අහ ගත්තේ ඒවා හරිම රසමුසු කතා.....ඔය පොම්පේ නගරය කියන්නේ  වැරදි විදිහට ලිංගිකව හැසුරුනු ජරග්‍රහණයක් හිටිය නගරයක්ලු මේ නගරයේ මිනිස්සු සුනඛයින්,බළලුන් හා අශ්වයන් වැනි සතුන් සමග ලිංගිකව එකතු වෙලා තියෙනවලු...ඒ වගේම ඔය අපි දන්න හර්කියුලිස්,සීනා වගේ ජන කතා වල ඉන්න මිනිස් හිස උරුම අශ්ව මිනිස්සුන් මේ නගරයේ ආරම්භක උපත ලැබු බවට විශ්වාසයකුත් තියෙනවා.... ඒ වගේම පිරිමි අයගේ ලිංග්‍රේන්දය වාසනාවේ සංකේතයක් ලෙස මේ නගරයේ මිනිස්සු පිළි ගන්නවා...ඝන වෙච්ච ලෝ දිය කැබලි වලින් හදන විසිතුරු භාණ්ඩ අතර මේ ලිංග්‍රේන්ද  ප්‍රධාන තැනක් උසුලනවා. :p
                  වයින් වලින් මත් වුන මිනිසුන්ගේ,අසෝබන හැසිරිම් නිසා වෙසුවියස් අධිපති දෙවියන්ගේ කෝපය පිට කිරිමක් වශයෙන් ඔය ලෝ දිය පොම්පේ නගරය වෙත මුදා හැරලා තියෙන බවට මිථයා විශ්වාසයක් පැරණි මිනිසුන් අතර තියෙනවලු ..එවකට නැව් මගින් වෙරළට ඇවිත් පොම්පේ නගරයේ කුඩාරම්ලාගෙන හිටිය කතෝලික නැවියෙක් දෙව්මව්ගේ සුරුවමක් තියලා යාච්ඤා කරලා තියෙනවා ලෝ දිය අදාල කුඩාරම් වලින් ඔබ්බට නතර කලහොත් ඔහු විසින් දෙව්මැදුරක් එතැන නිර්මාණය කරනවා කියලා....එහි ප්‍රතිඵලයක් විදිහට අදාල කූඩාරම් වලට ඔබ්බෙන් ලෝදිය පහර ඝනීබවනය  වෙලා...නාවිකයාගේ පොරොන්දුව මත පොම්පේ නගරයේ ඉතා ප්‍රචිලිත දෙව්මැදුරක් නිර්මාරණ කරලා තිබෙනවා....දෙව්මැදුරට ඇතුල්විමේ දොරටුවට වම් පස ඇති කුඩා කටුගෙයි නාවිකයාගේ පැමිනිම පිළිබද පුර්ණ විස්තරයක් හා ඔහුගේ නැව පිළිබඳ දැන ගන්නට,බලා ගන්නට පුළුවන් කමක් තියෙනවා...ඉතාමත් අගනා අවස්ථාව ලෙස හදුන්නන්න පුළුවන් වනුගේ විදුලි සෝපානමක් මගින් සීනු කූඩුවේ මුදුනට  යෑමට හැකි වීම හා එහිදි මුහුදේ පිහිටිම, පොම්පේ නගරයේ නටබුන් හා වෙසුවියස් පිහිටිම ඕනෑම කෙනෙකුට සරළව මනාව අවබෝධ කර ගන්නට හැකි වීමය.

ප.ලි. පොම්පේ නගරයේ පස ඉතාමත් සරුසාර බැවින් දෙහි සහා දොඩම් අදාල කාල වලදි ඉහළ ඵලදාවක් ලබා දෙයි එමෙන්ම "ලෙමන් චෙල්ලෝ" නැමති මදයසාරද මෙහි ඉතාමත් ප්‍රචලිතය.. පොම්පේ නගරය නැරඹිමට පැමිණෙන සංචාරකයින් බොහෝ දෙනා මතක සටහන් විදිහට "ලෙමන් චෙල්ලෝ" බෝතලයක් රැගෙන යාම කාටත් රහසක් නොවන කරුණකි...එමෙන්ම ලෝදිය ඝන වි විවිධ වර්ණ වලින් යුත් පාෂාණ වර්ගද මෙහි විකිණිමට ඇත ...එමෙන්ම විවිද පාෂාණ කොටස් වලින් තනන ලද විසිතුරු භාණ්ඩ විදේශිකයින්ගේ මෙන්ම දේශිකයන්ගේ මන ඇද බැද තබා ගනි...පහත රූපයේ ඇත්තේ එවැනි භාණ්ඩය...(ඉතාමත් විමසිල්ලෙන් බලන්න)


          








(1)



(2)


(3)

(4)



(5)

මේ මව දුටු මා විසින් ඒ වෙලේ ඇමුණු අකුරු පෙලක්

දරුවෙකු කුස හොවාගෙන ....
විලිරුදාවක් නොලඳ ඇය.....
ලෝ දිය ගලා ආ නුවරින් .....
නූපන් කළලයට.........
උපන් ආදරෙන් ........
බිම හොවාගෙන .........
රැක ගන්නට වෙර දැරූ .....
අප්‍රමාණ සෙනෙහස.......
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම....
අම්මා නම් උතුම් නාමයෙන් ......
පිදුම් ලද උතුම් ගැහැණියයි.....
මගේ හදවතේ හැමදාම නුඹ........

_____ශානු______

(6)



(1)ලෝදිය පහරට යට වු සුනඛයෙකු
(2) (3) (4)කැනීම් වලින් සොයා ගන්න ලද මැටි බඳුන් සුරක්ෂිතව ප්‍රදර්ශනය කරන අයුරු
(5) ගැබිනි මවක් තම දරුවා රැක ගැනිමට මුනින් වැටි සිටියදි ලෝ දිය පහරට අසු වු අයුරු
(6) ලෝදියට අසු වු නිදා සිටි මිනිසුන්

ප.ලි.ලෙමන් චෙල්ලෝ "ලිමොන් චෙල්ලෝ" ලෙස නිවැරදි විය යුතුය.



Thursday, August 7, 2014

62.රටා මවන තරු කැට මැද හිද ලියා තබමි



දෙතොල් විල මත
මදහසක් වී පිපෙන්න 
කොපුල් තල සිබ සුසුම් උණුහුම විදින්න
විසල් ලොව පෙරසේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

 නන්නාදුනන ඇස් දෙකක් එකපාරම හමුවුන අතීතයේ දවසක්....
හරියට සංසාරේ පතාගෙන ආවා වගේ ලෝකේ කොන් දෙකක ඉදන් එක නගරයකදි සිදු වෙච්ච හමුවීමක්.......
කවදාවත් නොහිතපු විදිහක්.....
වෙලාවකට පුදුමත් හිතෙනවා මට නම්.....
එකම එක බැල්මකට පස්සේ හිත ඔය නෙතම හෙව්ව කාලයක්.......
කොහොම විස්තර කරන්නද මට කවදාවත්ම නොතේරුන මොහොතක්.......
ඒත් මගේ හැම බැල්මකම තිබුනේ ආදරේ නම් ඒ ආදරේ පරදන්න පුළුවන් තරමට ඒ ඇස් දෙකෙත් තිබුන ආදරයක්......
යාළුවෝ රංචුවක් ඇතුලේ මන් ඒ මුණ හෙව්ව දවසක්........
හොයලා හෙම්බත් වෙන අන්තීම තප්පරේදි ඒ මුණ දකිද්දි මට හිතුන සිතුවිල්ලක්..........
නියගයකට ඉරි තලා ගිය කාෂ්ඨක පොළොවකට මහා සිසිලක් ලැබෙන්න වැහි බිංදු එක දෙක වැටෙනවා වගේ පට්ටම හැගීමක්.........
මේ ආදරේද මන් හිතෙන් අහපු හැම වෙලාවේම  ඒ ආදරයමැයි හදවතින් දුන්න රිද්මයක්........
 නොකිව්ව ආදරයක් කොහොම නම් අයිතියට නතු කර ගන්නද කියලා මගේ හිත බය උන කාලයක්....
දින එක ,දෙක ගෙවිලා යද්දි නොදැනීම අපි හොඳ යාළුවෝ වුන කාලපරාසයක්....
දවසින් දවස නීරස වෙලා තිබුනු හිස් හිත මතට මොකක්දෝ මහා බරක්.......
ඒත් කොහොම තේරුම් බේරුම් කර ගන්නද කියා නොතේරුම් කමක්....
මම හිනා උනේ ඒ හිත නිසා ඒ කවට කම් අදටත් මට අමතක නොවන අමරණිය මතකයක්.........
ආදරේවත් නොකියලා තිබ්බ හැන්දෑවක්....
ලස්සනම ලස්සන කහ පාට මාර මල් පිරිච්ච දෙනෝ දාහක් ගැවසෙන  මාර ගස් සෙවනක්.......
හදවතේ රිද්මය වැඩි කරපු මට මගේම කියලා දැනිච්ච පලමු හාදුව වම් කම්මුල මත සනිටුහන් කරපු මොහොතක්..........
කම්මුල දිගේ ඇදිගෙන ගිය පුංචි දෙදුරුම් තරංගය හදවත දෙදුරු මොහොතක්........
මුළු ලෝකෙම මට අමතක වෙලා ගිය කාල තත්පරයක්......
ආයෙමත් ඒවිද මම හිතනවා  නිහඬව තවමත්.....


ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගී වැල් ගයන්න
සේල යහනේ වරු ගනන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

අහිංසක ආදරේක ආරම්භයක්....
ටික,ටික කිට්ටු වෙලා මහා ගොඩක් ආදරය කරපු ආදරවන්තයෝ දෙන්නෙක්....
පුංචි දේවල් වලට හිත රිදව ගත්තම ලං කරගෙන ජිවිතේ කියා දුන්න ඔය හිත ඇත්තමයි හිතෙනවා මට ඒ දවස්වල අගේ නැති උනාද කියලත්....
තරහා ගිහින් කියවද්දි ඒ විසල් උරහිස් මත තද කරගෙන තරහා නිවෙනකම් අත නොහැරපු මොහොතක්,තවම මතකයි අදටත්......
හීනියට කෙදිරි ගානකොට "අනිත් අයට ලං වෙන්න එපා "කියලා මේ මුරණ්ඩු හිත කලේම ඒ දේම කියලා මතකයක්.....
දවසක් මුරණ්ඩුකමට ගහපු කම්මුල් පාරක් වෙනුවෙන් සිය දහස් වතාවක් ඔයාගේ කම්මුලට ඔයාගේ අතින්ම ගහ ගත්ත පපු කුහර පැලෙන්න තිබ්බ ආදරයක්......
එදා දවසම  ඔය ඇස් වලින් කඩා හැලුණු කඳුළු වල ගැගීම් වල බර මේ හිතට ටොන් ගනන් දැනුන මොහොතක්.....
ආයෙමත් ඒවිද මම හිතනවා  නිහඬව තවමත්.....


ලගම රැදෙමින් 
කඳුළු හසරැල් විදින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
හුරුපුරුදු ලෙස ඔබේ තුරුලේ වෙලෙන්න
 දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

දුක,සැප එකා මෙන් විද දරාගෙන ගිය ගමනක්.............
මුලු ලෝකෙම අමතක කරලා අපි,අපි වෙනුවෙන් කැපවුන දවස් තිබුන කාලයක්....
හැම දවසකම මම ජිවත් කරවපු කවදාවත් ලබලා නොතිබුන,අදටත් නොලබපු පුදුමාකාර සතුටක්......
හැමදාම ලගින් ඉදන් වෙන් වෙන්න උන හැම මොහොතකම නලලත මත තැබුව හාදුවක උණුසුමක්.....
හැමදාම මගේ බත් මුල ක්ලාස් එකේ කෙරවලකට ගිහින් පුංචි බත් කටවල් කවා ගත්ත ඒ සුන්දර දවස් මහා ගොඩක්.......
බත් කටවල් පුංචි උනත් ඒවල තිබුන ආදරේ,කරුණාව අම්මගේ ආදරේට,කරුණාවට සම උනා යැයි යලි,යලිත් අදටත් නෙත තෙත්වෙන මොහොතක්......
"වෙන එකෙකුට කියලා බත් කවා ගත්තොත්, උගේ අතත් කඩලා ,මගේ කටත් තලනවයි "කිව්ව අහිංසක
 දඩබ්බර හිනාවක්.....
තවමත් පුරුදු ගතියක් හදවතට දැනෙන ඒ අතීත සුවදේ රැදිලා මොහොතකට කෙඳිරි ගා නතර උන හදවතේ ගැස්මක්......
එකම එක වරක් ඒ තුරුලේ එකම උණුසුම් හුස්මක සුව විදලා මේ පෙනහළු වලට හුස්ම උනන්නේ නැතිව ගියත් කමක් නැතැයි සිතෙන තරම් ප්‍රේමයක්......  
මුදා හරින්නට දහසකුත් සිතුවිලි උඩු ගුවන වෙත සුසුම්ලන පපු තලය මත වැටුනු විලංගුවක්.........
යදම් බිදගෙන දිනක නුඹට දැක්මට ලියා තබන මුරණ්ඩු පන්හිඳක්.....
මිය යන්න පණ අදින  හදවතේ කොනක හිද හිතමි නුඹ ගැන තවම ලෝකයට හොරැහින් මොහොතක්........
හිත යටින් පැතුම් පතමින් සංසාරේ දවසක ආයෙමත් හමු වෙලා ආදරේ සුව විදින මොහොතක්..........
ඒවිද මම හිතනවා  නිහඬව තවමත්.....



හැමදාම හවසට තරු බලන්න පුළුවන් ඉසව්වක, තරුවලට කතා කරපු හිතත් එක්ක mp3 එකෙන් අහපු කසුන් කල්හාරගේ මේ ගීතය වෙනුවෙන් ලියා තබමි.

Wednesday, August 6, 2014

61.කලාමැදිරියකගෙන් ගොට්ටන්ට කවි පහරක්


රටක් ඇත ,නම සිරිලකය
 රජෙක් ඇත හිටියේ ඔහු නමටය
 රාජ ශ්‍රිය පෙන්නා  මහජන මුදලට විද්දේය
 සිරිලකේ දැන්  ඇති සිරියක් නැතුවාය

ගව මඩුවක් ඇත වතුර තටාකයක් මැද පිහිටා
හොද,හොද රට හරක්  ඇත එහි ආසන මත හිදවා
වැඩකට නැත මුන්ගේ  ගොං ප්ලෑන් මිස
රට වැසියන් අවධානමේ මේ ගොං  චුං දැක

වතුර නැතුව  ජල විදුලිය විසන්ධිය
නොරොච්චෝලේ ඇටවු කෙහෙල් මලේ මුදලුත් වතුරේය
මහජන මුදල් වලටම කෑදර වී උන් නිකමෝය
විදුලි දේවිට  කල හැකි ඉට්ටක් දැන් නැතුවාද?

අසරණ මිනිසුන්ගේ බත් පතටම වැට් බර දුන් ගොට්ටෝය
රග්බි,රේස් තබමින් ජය පැන් බිව්වෝය
හාල් මැස්සා වැට් බරටම ගඳ ගැසුවේය
අවුඩි,රේස් කාර් වැට් නිදහස් වී මෙරටට  වැඩියේය

නියගය කිය ,කියා ටීවි චැනල් තලු මැරුවේය
වැව් සුද්දය ගම් වල කරනට පෙල ගැසුනේය
අසරණයන්ගේ ශ්‍රම ශක්තිය සුරා කෑවෝය
තුන්දහේ සලාකෙට අසරණයෝ දහඩිය හෙලුවෝය

ආදියේ අපි පරංගි පරදා මෙරටට නිදහස හිමි කෙරුවේය
රට එක්සේසත් කර  රට ගොඩ නැගුමට උර දුන්නේය
වහල්කමින් මිදිලා නිදහස් සුව වින්දෝය
දුකට කරුණ රටේ උන්ට,දුබලයාට වහලුන් වන්නට  සිදු විමය

මුහුදු හතෙන් එහා ඉදන් සිංහල ලේ රත් වන්නේ
කවියක් ලියා කල හැකි දෙයක් නැති බව මා දන්නේ
කල හැකි දෙයක් නැති කල මේ ලෙස කෙටුවේ
අපිට තියෙන කැක්කුම ඇයි?රට ඇතුලේ උන් හට නැත්තේ

කට කැපුවත්,අත කැපුවත් කිවයුතුදේ ලිය යුතුවේ
සිගිති චුං නවතා බලධාරින්ගේ ඇස් ඇරියන්නේ
අසරණ මිනිසුන්ගේ කඳුළු වල බර දැනියන්නේ
පුටුවට පොර නොකා  රටට සෙතක් කරනට බලපන්නේ


තිස්තුන්කෝටියක් දෙවිවරු ඇතැයි සිතනා  ලක් වැසියෙනි අනේ
එක දෙවි කෙනෙකුට නොහැකිද  මේ අවනඩු ටික විසදන්න අනේ
පඩුපුල් ආසනේ රත්වි නැතිද කියා සිතේ අනේ
සක්‍ර දෙවියොත් රජ සමගින් ජය පැන් බොනවාද සැකයි අනේ...

දෙවිවරුනට කල හැක්කක් නොමැත ඉතින්
එකතු වෙයන් ලක්මවකගේ දරුවෝ ලෙසින්
බැඳපන් පවුරු හිකනැලයන්ගේ උරහිස් උඩින්
අනාගතේ වෙනුවෙන්වත් හරි තීරණ දැන්වත් ගනිව් නිතින්


____ශානු_____

Monday, August 4, 2014

60.ලස්සන වීමේ රහස් මංජුසාව-2- බස්සිගේ පස්ස අහිමි විම




බස්සි විසින් මීට මාස තුනකට ඉහතදි ලියපු ලස්සන වීමේ රහස් මංජුසාව.මේ සුදු කිඹුලිටයි, සුදු ගෙඹි අයියටයි අපහස කෙරු  ලස්සන වීමේ රහස් මංජුසාවේ ඇත්ත කතාව ලියන්න හිතුවේ...බස්සි විසින් කූට ලෙස මංජුසාව මත්තල ගුවන් මගින් විදේශ රට වලට විකුණා ඩොලර් මිලියන ගණන් හම්බ කරන බවටත්  එහි ප්‍රථිපලයක් ලෙස බොහෝ දෙනෙකුට වටිනා කියන වස්තුවක් අහිමි වන බවත් ලැබුනු විශ්වාසදායි ඔත්තුවක් සැපයු හෙට අනිද්දට අපේ සිහින කුමාරිගේ අත ගන්න ඉන්න වර්ණ පාට කරන මළකඩ මොට්ට ඉදිකට්ටාගෙනි.....
                     ඇත්ත වශයෙන්ම සිදු උයේ මෙයය .කාලයක සිට ගෙම්බා නොහොත් ඉවාන් යෑයි ආරූඩ නාමයෙන් පෙනි සිටින්නා  රාජ කුමාරිකාවගෙන් ලද ශාපයක් හේතු කොට ගෙන ගෙම්බෙක් වු බව නොදන්නා අය වෙත මතක් කර සිටිමි...ඉතින් ඔන්න රෑ තිස්සේ ඇහෑ රබර් බෝල වගේ එහෙට මෙහෙට බම්ෆ් කරන පණු කිරිල්ලි බස්සි රෑට හෙම කාලා පහල ඇල ලග අත්තක ඉදන් බෙලෙක් කට හඬ අවදිකරමින්  මාතර පැත්තේ හිටිය තම පෙම්බර බසු කුරුල්ලාට මෙහෙම කියනවලු

පෙම්බර කුමරාණෙනි නුඹ නැති හද පානේ
ඉන්න බෑ මට මදුරුවෝ තල,තල
පියාඹන්න කම්මැලී මට-මහත වැඩී මම
කොහෙන් හෝ රැගෙන වර මට කෙට්ටු වී දිවි ගෙවන්න 
ඕබිට්‍රැක් යන්ත්‍රයක්....
 ඉහික් .....ඉහික්......

ඔන්න අන්තීම හරිය හොටු පෙරාගෙන

පෙයිම්බල කුමලානෙනිනිනිනි....ඉහික්..ලුබ ලැති හල ප්‍රැනේ හයියෝ ......

අන්න ඔය සීන් එක දැක්ක නෙළුම් මලක් යට හිටිය ගෙම්බෙක් නෙළුම් පෙති දෙකකින් කනට ඇඹ ගහන් හිටියත් නෙළුම් පෙති පලාන  කනට වැටුන බෙලෙක් හඩ නිසා  දුක හිතිලා මෙන්න මෙහෙම ඇහැව්වලු...

කුමටද බස්සියේ කඳුලු සලන්නේ හේතුව මම දනිමි
මන් උබේ යාළුව කිව මැන නුඹේ දුක 
අහගෙන මම ඉන්නම්
උම්මා එකක් දී මා කුමරෙකු කර මැන
ඉන්පසු මා 
උඹ හට 
මෙහෙවර කර ලන්නම්
උඹේ බසු පැටව් ටික
නාවලා, කවලා.....පොවලා
මා රැක ගෙදර දොරේ වැඩ කරලන්නම්

ඔන්න  මේ පණු බස්සිගේ මීටරය පෙෂර් මීටරේ වගේ, විදුලිය ගන්න කල්පිටියේ හයි කරලා තියෙන  හුළං පෙති වගේ කැරකෙන්න ගත්තා...බස්සිට ඕන උනා  ගෙම්බව රවට්ටලා  කෙට්ටුවෙන විදිහක් හොයා ගන්න.....බස්සි ගෙම්බට මෙහෙම කිව්වලු

"අනේ කිරි සුදු ගෙඹි අයියේ මට කෙට්ටු වෙන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්න,මම උම්මා එකට දෙකක් දෙන්නම් "

ගෙම්බත් අත ලගටම ආව වාසනාවට පයින් නොගහා

"හරි එහෙනම් හෙට උදැහැනක්ම මේ පැත්තේ එමුකෝ මං උදව් කොරන්නම් "

"එහෙම කියන්න එපා කිරි සුදු ගෙඹි අයියේ මගේ සන්ග්ලාස් දෙක හදන්ඩ දිලා ඉර එළියත් වැඩි නිසා 
 උදේට පියාඹන්න අමාරුයි දැන් මොකුත් කරන්න බැරිද"

"මේකයි බස්සි නංගි ඔය විස්තරේ දන්නේ අර  ලාආආආආආආආස්සන චීස් බෝලේ වගේ ඉන්න කිඹුල් කුමාරි,මොකද ඒ අය කුමාරිකාවන් එක්ක සම්බන්දතා වැඩි නිසා ඔය කෙට්ටු විමට ගන්න බෙහෙත්,මන්ත්‍රයන්ත්‍ර ගුරුකම් නොදන්නවා වෙන්න බෑ..ඉතින් මට දවස් බාගයක්වත් යයි ඔය කිඹුල් කුමාරිව හොයා ගන්න මොකද එයා ඔය ෂෙඩුල් එකකටනේ රාජකාරි කරන්නේ,ඉතින් ඔය ඇලේ වංගුවේ   ගොළුබෙලි බාර් එකට  එන්නේ රෑ 12 පහු උනාම ...කිබුලි ,අර ඉස්සර දිලිසි දිලිසි හිටිය  ඉදිකට්ටා පාසී බියර් බිබි පුරාජේරු ගහලා ඉවර වෙද්දි පාන්දර වෙනවා ....ඉදිකට්ටත් පුරාජේරු පප්පා මේ අහපන් බස්සි නංගි ඔන්න ඕකා මොට්ට උනෙත් ඔය බාර් එකෙන් බීලා වැඩි වෙලා  හික්... හික් ...හික් ....ගාපු ගෙම්බා දිව එලියට දික් කරලා අවට ගමක හිටපු පත්තරේ කියලා ගොයම් මැස්සෙක් එතනින් පියාඹනවා දැකලා අල්ල ගෙන  රස කර කර තලු මැරුවා...

"අනේ බුදු බව අත් වෙන්ඩ ගෙඹි කිරි සුදු අයියා මන් මේ අත්තෙම  වහලා ඉන්නම් මට ඔය කෙට්ටු වෙන සීන් එක හොයලා දෙන්න"

"රයිට්  එහෙනම් නංගිගේ කැමැත්තක් හැබැයි ඉතින් පරිස්සමින් ඉන්න මොකද ඩෙංගු මදුරුවෝ මේ හරියේ වැහි වැහැලා  ටික දොහකට කලින් මාත් ගෙඹු ඉස්පිරිතාලේ  ලැග්ගා,ඩෙංගු හැදිලා මැරෙනවා හොදයි නංගි රජයේ හොස්පිටල් වල  මැරි මැරි ඉපදෙනවට වඩා එහෙනම් කතා ඇති මන් ගියා ටටාස්"

කියපු ගෙඹි නෙලුම් කොළයක් උඩ තිබ්බ වයිබර් මාර්ක් එකේ ට්‍රේල් බයික් එක වට දෙක තුනක් කරකවලා ගිය ආත්මේ කුංෆු අජිත්ව මතක් කරන් කිඹුල් කුමරි හොයන් බාර් එකට ගියා.
රෑ දොලහ  පහු උනාම ඔන්න මං කිඹුල් කුමාරි,මළකඩ මොට ඉදිකට්ටයි  වයිබර් ෆෙරාරියකින් ඇවිත් බැහැලා හැමෝටම චාව්.... චාව්.... කිය කිය ඇවිත් බාර් එකේ ඉද ගත්තා ටික වෙලාවකින්  මං  කිඹුලි කිරි මැටි ෆුල් එකේ එහෙට මෙහෙට පිනද්දි ඉදිකට්ටා  පාසී බියර් බිගෙන බීගෙන ගියා....ගෙම්බා කිඹුලිට කිට්ටු වෙලා මෙහෙම කිව්වා 
"කිඹුල් කුමාරි ආයුබෝවන්ට"

දෙකක් වනන් හිටිය කිඹුලි 

"ආ ගෙම්බා මචන්  කොහොමද ? නාමු වරෙන් වරෙන්...."

ගෙම්බා නානවට වඩා බය වෙලා හිටියේ මං කිඹුලිගේ දත්වලට කමක් නෑ ඉතින් ඉතින් මම කතාව ආරම්භ කරා

ගෙම්බා තමාගේ කතාව ආරම්භ කරා.

" මේකයි කිඹුල් කුමාරි, අපේ කදුරු ගහේ බස්සි එකීට දැන් ගහේ බෙනේටවත් රිංග ගන්න බෑලු එච්චරට මහත් වෙලා"

"හෙහ්...හෙහ්..... එහෙනම් මස් ටික රසට ඇති නේ ගෙම්බෝ ....."

"ඔව් ...ඔව්... කිඹුල් කුමරි ඉස්ටු වලට පංකාදුයි....ඒත් කකුල් නම් කැහැටුයි....පච්චාත් ගාතත් හුලන් ගිය බැලුන් වගේ"

හු.....හු....හෙහ්...හෙහ්.....හිකිස්....හිකිස්......
(ගෙම්බා,ඉදිකට්ටා මං කිඹුලි දිගට හරහට හිනා උනා)

ගෙම්බා නැවතත්,,,,,

"ඉතින් කිඹුල් කුමාරි ,බස්සිට මං  කෙට්ටු වෙන බෙහෙතක් සැට් කලොත් ඒකී උම්මා එකක් දිලා මාව රාජ කුමාරයෙක් කරන්න පොරොන්දු උනා"

"මොකක් උඹට රාජ කුමාරයෙක් වෙන්න ඕනා නම් මේ ඉදිකට්ටා ගෙන් උම්මා එකක් ගනින් ඔච්චර මහන්සි නොවි"

"චික්කේයියා," ගෙම්බගේ මුණ රතු වුනි.

"හුටා සොරි ගෙඹි මචෝ මට සීන් එක අවුට් ගියා, මන් උම්මා එකක් දෙන්නද "

මගේ දත් සැට් එකට බය උන ගෙම්බා...

"මේකනේ කිඹුල් කුමාරි ඔය බස්සි  කැලණි රාජ සභාවේ රාජ කිරිල්ලියක්ලුනේ අනික රාජ කුමාරියකගේ තොත්තුවකටලු මන් කුමාරයෙක් වෙන්නේ"

"ඈ ගෙම්බෝ එකීයි මායි එක රජ ඉස්කෝලේ ගියේ"

"අනේ ගැත්තාට අනුකම්පා කරලා උදව් කරන්න කිඹුල් කුමාරි"

"හරි "" දැන් උඹ යමන් මම 10 වෙද්දි උඹේ ගේ ලගට එන්නම්"

එසේය ටටාස් කියලා ගෙම්බා  වයිබර් ට්‍රේල් බයික් එකේ ගෙදර ආවා

--------------------------------------------------

උදේ පාන්දර මං කිඹුලි විස්තර සියල්ල අතේ අරන් ගේ ලගට යද්දි ගෙම්බයි,පණු බතල බස්සි ඉන්නවා.....වයිබර් ෆෙරාරියෙන් බැස්ස මං 

"හලෝ මතන්ලා"  කිව්වම

බොහොම සාවදානව ගෙම්බයි,පණු බස්සි ආචාර කරලා මං දිග ඇර ගත්ත මැප් එකේ විස්තරේට ඇහුම් කන් දුන්නා

රයිට් එහෙනම් මෙහෙමයි සීන් එක.....

ඔය කළු සහ සුදු මිටියාවතේ ඉන්නවා කොයිල් කුමාරි කියලා ඉස්සර වයසක පෙනුමෙන් හිටිය  දැන් තරුණ ලෙසට පේන කුමාරියක්  ඉස්සර  බතල අලේ වගේ හිටිය දැන්නම් වී කරල වගේ ලස්සන පැහැපත් කුමාරි .හම්මේ ඉටිම් ඔය වෙනස්ට හේතුව පොඩි බෙහෙත් මංජුසාවක්ලු..මෙයා පොඩි හිනාවක් දැම්මොත් ආලෝක වර්ෂ ගානකට දීප්තිය ගිහින් වල්ගා තරු කුඩු පට්ටම් වන බව තමා පොත පතේ පවා සදහන් වෙලා තියෙන්නේ .......ඉතින් මෙන්න මෙයා ගාව තියෙනවා කෙට්ටු වීමේ රහස් මංජුසාව ඒක ගන්න එක නම් හරි අවදානම් බස්සියෝ ...මොකද එහෙමට එකෙක්ට දුන්නොත් මිසක් බොරු බෙහෙත් වට්ටෝරු ලියලා දිලා බොහෝ ඈයෝ හරිම අකරතැබ්බ වලට පත් උනාලු .කෙටියෙන්ම කියනවා නම් ඒ පලාතේ මේ කොයිල් කුමාරිට බර්මියුඩා ත්‍රිකෝණේ කියලා විරුද්ධ නාමයකුත් පට බැදිලා තියෙනවලු.අන්න ඒ නිසා පරිස්සමින් තමා මේ මිටියාවතට ඇතුල් වෙන්න ඕනා......මෙන්න මැප් එක හැබැයි මේ ගෙම්බගේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න මත තියා ගනින් බස්සි නැත්තම් ඉතින් දන්නවනේ"


බොහොම කපටි යටහත් පහත් බවක් පෙන්නල
"කෙට්ටු වෙන්න ඇත්නම් බර්මියුඩා ත්‍රිකෝණෙට නෙවේ මරියානා ආගාදෙට හරි පනින්න මන් බය නෑ "

කියපු බස්සි මැප් එක අරන් අලුත හදපු සන්ග්ලාස් දෙකත් දාගෙන කුලියට ගත්ත වයිබර් යානාවේ නැගලා කොයිල් කුමාරි හොයන් ගියාලු........




ඊට පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන නම් දන්නේ බස්සි කොයිල් කුමාරි තමා හැබැයි කොයිල් කුමාරි වයිබර් රාජ ඔත්තු සේවේ නම්බරේකින් මට කතා කරලා කිව්වේ 

"කිඹුලි මම අර බස්සියට අඹරලා තිබ්බා හොද ගුලියක් ආයේ නැති වෙන්ඩ "කියලා විතරයි..

ඔන්න දවස් හතර පහකින් විතර මම ගෙම්බා බලන්න යද්දි ගෙම්බා නෙළුම් කොළයක් උඩ අඬ අඬ  ඉන්නව...

"මොකද ගෙම්බෝ"

"අනී බලන්න කිඹුල් කුමාරි අර පණු බස්සි ගියා ගියාමයි ආයේ හතර මායිමට ආවේ නෑ"

"ඩෝන්ට් වොරි ගෙම්බා ,නැගපන් මගේ නහයට අපි යම් බස්සි හොයලා දෙකක් අනින්න....කියලා ...ගෙම්බවත් කැටුව බස්සිගේ නවතැන තිබුන කඳුරු ගහා ලගට කිට්ටු කලා, කවුරුත් පේන්ඩ හිටියේ නෑ... පඳුරු ඇතුලෙන් පැපරාසි ඇනෝවෙක් හොම්බ දිග කැමරාවක් අරන් දුවනවා මගේ වම් ඇහැට ග්‍රහනය උනා...ඒත් මොකක්ද සීන් කෝන් එක කියලා වටහා ගන්න බැරුව අපි දෙන්නත් එක්ක කඳුරු ගහේ බෙනේට කිට්ටු කලා.....ඉහික් ඉහික් බසී ඇද උඩ ඉදන් දිය ඇල්ල වගේ කඳුළු සලනවා මේ ගිනි ගහන අවුවේ .....

හිත උණු උනා බස්සිගේ තත්වේ දැකලා....

ගෙම්බා තේ කහට හදන්න වතුර ඩිංගක් තිබ්බා මන් බස්සි එක්ක කතා කලේ හිත හදන්න ....

"මොකද බස්සි උනේ"

" බලන්න කිඹුලියේ මන් ලෝකයට මුණ දෙන්නේ කොහොමද කියන්න අනේ" වනේ  චප්පෙකුටවත් මේම දෙයක් වෙන්න එපා හයියෝ......."

"හරි...හරි වෙච්ච දේ කියපන්කෝ"

"ටිකක් ලගට එන්නකෝ කිඹුල් කුමාරි" 

බස්සි කුටු කුටු ගෑවා......

මට හිනාව නවත්ත ගන්න බැරුව  හු කිය කිය හිනා ගියා.....බස්සිගේ මුණ රතුපාට ස්ටෝබෙරි ගෙඩියක් වගේ උනා....අපි හෙමිහිට තේ බීලා  කරලා.....බස්සිගේ ගෙදරින් පිටත් උනා........ගෙම්බට සුව කැමැත්තෙන් මම තොත්තුවක් දිලා  සුදු කුමාරයෙක් කරා .....

මෙන්න මේකයි බස්සිට වෙලා තියෙන්නේ කෙට්ටු වෙන්න කියලා කොයිල් කුමාරි දිලා තියෙන්නේ බඩ විරේක කරන බෙහෙත් මංජුසාව ඉක්මනින් කෙට්ටු වෙන්න මේකි ඔක්කොම එක දවසේ බීලා පවර් වැඩි කමට බස්සිගේ පස්ස ගැලවිලා ගිහිල්ලා ආයුබෝවන්.....ඒක නලින්ගේ ඇලදිව පත්තරේ දාන්න එවපු ඇනෝවා බස්සිව දැක්ක පාර බය වෙලා තමා දුවලා තියෙන්නේ ....දැන් බස්සිට පස්ස අහිමි නිසා පස්ස නැති හොල්මන කියලා තමා ප්‍රසිද්ධිය......

ප.ලි.මෙය හුදෙක් විනෝදය තකා ලියු කතාවක් බව සලකන්න....