ක්‍රිස්තු වර්ෂ පළමු සියවස වන විට හුණු ගලින් හා කළුගලින් බුද්ධ ප්‍රථිමා නෙළීමට ආරම්භ කර ඇතැයි විශ්වාස කෙරේ.එමෙන්ම බූදු පිළිම තුලින් බුදුන්වහන්සේගේ කරුණාව ,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කිරිම තරම් තාක්ෂණිය ශිල්පීය දැනුම,ප්‍රතිභා ශක්තිය හා කලා කෞෂලය ඉතාම උසස් මට්ටමක පැවති බව පෙන්නුම් කෙරේ..
නිදසුන්:
* අති විශාල හිටි පිළිම
1.අවුකන හිටි පිළිමය
2.සැස්සේරුව හිටි පිළිමය
3බුදුරුවගල හිටි පිළිම්ය
4මාළිගාවිල හිටි පිළිමය
1.සමාධි පිළිමය
2.තොළුවිල පිළිමය
3.තන්ත්‍රිමලේ පිළිමය
එමෙන්ම පොළොන්නරුවේ ගල් විහාරයේ සෑතපෙන පිළිමද නිදසුන් ලෙස ගත හැක.
1.මිහින්තලේ කණ්ඨක චෛතයේ ඇති වහල්කඩ වල ඇති සත්ව රූප,කල්පලතා,කල්ප වෘක්ෂ,පුන්කළස් ආදියද,
2.දොරටුපාල රූප
3.කොරවක්ගල්
4.අශ්ව හිස සහ මිනිසා
5.ඉසුරුමුණි පෙම් යුවළ
දැක් විය හැක.
එමෙන්ම රජ මාලිගා තැනීමේදීත් බලකොටු තැනීමේදීත් දියුණු තාක්ෂණික ක්‍රම බාවිතා කල බවට නිදසුන් ලෙස,සීගිරිය හා යාපහුව බලකොටු දැක්විය හැකිය.එමෙන්ම ආසියාවේ ඇති වැදගත්ම පුරාවිදයාත්මක ස්ථාන වලින් එකක් ලෙස සැලකෙන සීගිරිය අපූර්ව තාක්ෂණික නිර්මාණයක් බවට පත් වුයේ එහි රජ වු කාශයප රජුගේ( ක්‍රි.ව.473-491) කලා කෞශලය පිළිබද හසල දැනුම තිබු නිසා බව විශ්වාස කෙරේ.
[[සීගිරි රජ මාළිගය,රාජ සභා මණ්ඩපය,ජල උදයාන,ශිලා උදයාන,මාලක උදයාන සහ දිය අගල් කොටු පවුරු ආදියෙන් යුක්ත විය.දැනට ඉතිරිව ඇත්තේ ඒවායේ නටබුන් පමණි.සිගිරි බිතු සිතුවම් කාශයප රජු සමයේ කලා කෞශලය හා තාක්ෂණික දැනුම විදහා දක්වන අංගයක් ලෙස සැලකිය හැකිය.ලෝ පතළ කීර්තියක් උසුලන මේ බිතු සිතුවම් අදටත් සුරක්ෂිතව පවතින්නේ චිත්‍ර ඇදීම සදහා භාවිතා කර ඇති වර්ණ ආලේප වල තිබු ගුණාත්මක බව නිසාය. ඒ ලෙසම කලා කෞශලය අතින් සීගිරිය විශිෂ්ඨත්වයට හේතු වී ඇත්තේ සීගිරි බිතු සිතුවම් සහ සීගිරි කැටපත් පවුරත් සීගිරියට පිවිසීමට සකස් කර ඇති සිංහ සෝපානයත් නිසාය.සීගිරි බලකොටුව වටා දිවෙන දිය අගල් සංකීර්ණය භුගත ජල නල පද්ධතියක් සමග සම්බන්ධ වීමෙන් ජල තාක්ෂණය පිළිබඳව එකල පැවති ශිල්පීය දැනුම විදයාමාන වේ.]]
අනුරාධපුර වාහල්කඩ වලත් සිතුල් පව්වේ කරඹගල ලෙන්වලත් පැරණි චිත්‍රවල නටඹුන් අදටත් දැකිය හැක. සීගිරිය අසල ඇති පිදුරන්ගල විහාරයේ ඇති චිත්‍රද අප රටෙහි චිත්‍ර ශිල්පීන් දේශිය චිත්‍ර කලාව වැඩිදියුණු කරගෙන අඳින ලද චිත්‍ර වලට නිදසුන්ය.මෙවැනි ලෙන් බිතු සිතුවම් ඉන්දියාවේ අජන්තා ගුහාවල ද දක්නට හැකි අතර කල්පවත්නා වර්ණ බාවිතාවට අප රටේ ශිල්පීන් කොතරම් දක්ෂයෝ දැයි අභයගිරි කැනිම් වලදි හමු වු වර්ණ ආලේපිත උළු වල වර්ණ මැකි නොතිබීමෙන් කිව හැක.
_____වෙද කම____
අතීතයේ වෙද කමටද රාජානුග්‍රහයද ලැබි ඇත.පුරාවිද\යාත්මක,සාහිත\ය මුලාශ්‍රවලින් පැරණි දේශීය වෛද\ය ක්ෂේත්‍රය සංවිධානය වු ආකාරය වටහා ගත හැකිය.බොහෝමයක් තැන් වලින් හමු වි ඇති රෝහල් නටබුන්වලින් අනුමාන කළ හෑක්කේ එකල වෛද\ය ශාස්ත්‍රය විද\යාත්මක දුයුණුවක් ලබා තිබු බවය.අද භාවිතා වන වෛද\ය උපකරණවලට සමාන ව එදා තිබු තාක්ෂණය මත නිපද වු ශල\ය වෛද\ය උපකරණ පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනිම්වල දි පැරණි රෝහල් සංකීරණයෙන් සොයාගෙන ඇත.
කැනීම්වල දී හමු වු නටබුන් අතර බෙහෙත් ඔරුවක්ද විය .එය මිටර් 2.5ක් පමණ දික් වු ඔරුවකි. සර්පයන් දෂ්ට කළ රෝගීන් සුව කිරීම සදහා බෙහෙත් යුෂවල ගිල්වා මේ බෙහෙත් ඔරුවේ සතපවා ප්‍රතිකාර කර ඇතැයි විශ්වාස කෙරේ
එකල රජවරු වෛද\ය ක්ෂේත්‍රයට දැක් වු අනුග්‍රහය
*භික්ෂුන් හා මහා ජනතාව සඳහා වෛද\යවරු පත් කිරිම.(බුද්ධදාස රජතුමා ගම් දහයකට එක් වෛද\යවරයෙක් බැගින් පත් කළ බව මහාවංසයේ සඳහන් වේ)
*රෝහල් හා සෞඛ\ය මධ\යස්ථාන ඇති කිරිම(1 වන අග්බෝ,1 වන සේන,2 වන සේන,5 වන කාශ\යප හා 1 වන පරාක්‍රමබාහු ආදි රජවරු රෝහල් පිහිටුවා නඩත්තු කල බව ,අනුරාධපුර,මිහින්තලය,පොලොන්නරුව ආදි ස්ථාන වල කරන ලද කැනීම් වලින් හමු වු තොරතුරු සනාත කර ඇත එමෙන්ම මාළිගාවිල ඇස් රෝහලක් තිබු බවට තොරතුරු ද හමු වී ඇත.)
*වෛද\යවරුන් පුහුණු කිරිම
* සර්ප වෙදකම හා ප්‍රසූත වෙද සේවාව දියුණු කිරිම.
*වෙද පොත් ලියා වෙදුන් අතර බෙදා හැරීම.
*අංග විකල රෝගින්ට වෛද\ය පහසුකම් ලබා දීම(බුද්ධදාස රජු මේ සම්බන්දව කරන ලද කටයුතු පිළිබඳ මහාවංසයේ සඳහන් වේ)
* වෛද\යවරුන් නඩත්තුවට ගම්බිම් වෙන් කිරිම.
*ඔසු උයන් ඇති කිරිම(මෑත කාලයේදි පුලස්ථි ඉශිවරයාගේ පිළිරුව අභියස ඔසු උයනක් තිබු බවට සාධක සොයා ගෙන ඇත)
ප:ලි >>>>>
කැනිම් වලින් සොයා ගත් වෙද ආයුද ලෝහ වලින් නිපදවා තිබු බවත් ,ලෝහ කර්මාන්තය එවකට පරිපුර්ණ කර්මාන්තයක් වී තිබු බවට සාක්ෂියකි,එමෙන්ම ලෝහ උණු කර සදා තිබු අවලෝකිතේශ්වර බෝසත් පිළිමය වෙහෙරගලින් හමු වීම හා අභයගිරි කැනිම් වලින් ලෝකඩ කාසි හමු වීමද ලෝකඩ කර්මාන්තය සුවිශේෂි තැනක තිබු බවට සහතික කෙරේ.
කැනිම් වලින් සොයා ගත් දෑ
*වටිනා ලෝහ ,මැණික් ,විවිධ පාෂාණ වර්ග
* පබළු හා ආභරණ
*'' හස් එබු කසා පන ''නැමැති කාසි
*ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කෙරු කෝව හා උදුන
*දේශීය පිගන් හා වීදුරු භාණ්ඩා
*වර්ණාලිප්ත උළු
මේ ලිපිය ලිවීමට උවමනාව තිබුනද මගේ ලැප් රාජයා මිය ගිය හේතුවෙන් පින්තූර ඇලවීම ඇපලයාගෙන් කීරිමට අපහසු කාර්යක් වු නිසා දවසින් ,දවස මේ ලිපිය පල කිරිමට කල් ගත විය.නමුත් හැකි උත්සහයක් දරා පින්තූර අංක යොදා අලවමි' එයින් සිදු වු අපහසුතාවයක් වේ නම් කණගාටු වෙමි....මුර්තජ යයන්න ටයිප් කිරිමට \y මෙලෙස උත්සහා කරද එය එසේ ටයිප් වන්නේ නැත,දන්නා කෙනෙක් සිටි නම් උදව් කරත්වා...ස්තූතී